හා හා පුරා කියමින් ඔබේ කුසට ආ බිලිඳා වෙනුවෙනි

ජුනි 4, 2024

 

කුසට ආ බිලින්දා මවකට රජ පැටියෙකි. දෑසින් දකින තුරු ඉස්පාසුවක් නැති තම බිලිඳු දරුවා වෙනුවෙන් ඕනෑ කරන දේවල් සකසා ගැනීමේ කර්තව්‍යය මවකට පුදුමාකාර මානසික අස්වැසිල්ලකි. අවසන් මාස කිහිපයේ මවක් තම කුසහොත් දරුවා වෙනුවෙන් සූදානම් කර ඇති දෑ එහෙට මෙහෙට හරවමින්, නවමින්, දිග හරිමින් සතුටින් කාලය ගත කරයි.

බබාට අවශ්‍ය කරන දෑ පිළිබඳ පසුගිය සතියේත් යම් කතාබහක නියැළුණා ඔබට මතක ඇති. මේ සතියේ අපි ඒ පිළිබඳ තවදුරටත් කතාබහ කරමු.

1- DIAPERING – නැපි සහ ඩයපර්

i. Nappy – නැපි

ii. Snappy Fastners – නැපි කටු

iii. Cloth Diapers – රෙදි ඩයපර්

iv. Disposable Diapers – ඉවතලන ඩයපර්

 

2- CLOTHING – බබාට ඇඳුම්

i. බේබි ෂර්ට්

iii. බේබි නිදන ඇඳුම්

iv. හිස් ආවරණ/ තොප්පි (සීතල වෙලාවට විතරක්)

v. මේස් හා අත් වැසුම්( සීතල වෙලාවට විතරක් ගන්න, wool භාවිත කරන්න එපා )

vi එතීම සඳහා රෙදි (මස්ලින්/ මල්පීස්)

vii රබර් ෂීට්

viii පුළුන් බෝල/ සේදුම් තුවා හෝ පිස්නා නැපි බකට් ඩයපර් බෑගය

බේබි රෙදි සේදුම්කාරක

 

3 - BATHING – නැහැවීමට

i. නහවන බේසම

ii. ඇග සෝදන බේසම

iii.කෝප්පය/හිල් පොල් කටුව

iv. නාන රැක් එකක්

v. සේදුම් තුවා

vi. ෂැම්පු හෝ සබන්

vii. බේබි තුවා

 

BREAST FEEDING – මව්කිරි ලබාදීමට

i. මව්කිරි ලබාදීම සඳහා වන තනපට

ii. මව්කිරි පිටතට ඒම වැළැක්වීමට යොදන තුවා හෝ පිරිසුදු උරා ගැනීමේ තුවා /මස්ලින් වලින් මහපු නැති ඒවත් ගැළපේ.

Nursing Pillow – මව්කිරි ලබා දීමට පහසු වන C හැඩැති කොට්ටය

Breast Pump – රැකියාවකට යනවා නම් මව් කිරි දෙවීමට

4- SLEEPING – නිදි කරවීම සඳහා

i. Baby Nest ක්විල්ට් ශීට්- ළදරු කූඩුව /රෝල කොට්ට

ii. බේබි මදුරු දැල

තොටිල්ල හා උපාංග( අවශ්‍ය නම් පමණක්)

 

5- BABY PRODUCTS – ආලේපන වර්ග

* Baby Oil

* Baby Colong (ඇඳුම්වල තැවරීමට)

MEDICINE – බෙහෙත් වර්ග

* Saline Nasal Solution – සේලයින් දියර

– නහය පිරිසිදු කිරීමට උපකරණයක්

Thermometer – උෂ්ණත්වමානයක්

NAIL CARE – නියපොතු කැපීමට

*Scissors – කතුරක්

*Nail Clipper – නියකපනයක්

*Nail File – නිය මොට කරන උපකරණයක්

Baby Carrier

Stroller/ Go-Cart/ Baby Cart

Baby Car Seat (මේවා අවශ්‍ය නම් පමණයි)

දරුවාට අවශ්‍ය ඖෂධ, වැනි දේ වෛද්‍ය උපදෙස් මත පමණක් ලබා දෙන්නේ ඒවා අත්‍යවශ්‍ය දේවල් නොවේ. ඖෂධ නොදෙන තරමට හොඳයි.

 

ළදරුවාගේ දේවල් නිවෙසේ ගබඩා කිරීම හා කළමනාකරණය කරන්නේ කෙසේද?

 

නිවෙසේ ළදරුවාගේ දේවල් කළමනාකරණය කිරීම සහ ගබඩා කිරීම අභියෝගයක් විය හැකි නමුත් යම් සංවිධානයක් සහ සැලසුම් කිරීමකින් එය ඵලදායී ලෙස කළ හැකියි.

 

1. ප්‍රමුඛත්වය දීම සහ දරුවාගේ අවකාශය සඳහා ඉඩකඩ තීරණය කිරීම

දරුවාට සැබැවින්ම අවශ්‍ය අයිතම මොනවාද යන්න තීරණය කරන්න.

ළදරු අත්‍යවශ්‍ය දේවල් සඳහා ඉඩ ලබා දීමට ඔබ තවදුරටත් භාවිත නොකරන අයිතම ඉවත් කරන්න.

2. කිරි දීම සඳහා පහසුකම් සහිත පුටුවක් සහ එම පුටුවේ වාඩි වී සිටියදී පරිසරය පෙනෙන ලෙස හොඳින් වාතාශ්‍රය ලැබෙන සුවපහසු ප්‍රදේශයක් තෝරගන්න.

* මවට අවශ්‍ය ආහාර කෑම බීම ගබඩා කිරීම සහ මිලදී ගැනීමට ස්ථාන (උදාහරණයක් ලෙස කිරි ගන්නවා නම් එළකිරි ලබාගත හැකි ස්ථානයක්)

* ඩයපර්, පිසදැමීම් සඳහා වෙනම ස්ථාන, ක්‍රීම් සහ පෑඩ් තැබීමට ස්ථාන

* නිදාගන්නා ප්‍රදේශය: තොටිල්ල නිස්කලංක, ප්‍රවේශ විය හැකි ස්ථානයක ඇති බව සහතිකකර ගන්න.

* ව්‍යායාම් කරන ප්‍රදේශය: සෙල්ලම් බඩු සහ පොත් සමඟ සෙල්ලම් කිරීමට ආරක්ෂිත ඉඩක් නම් කරන්න.

3. ගබඩා කිරීම

බාස්කට් සහ බඳුන් භාවිත කරන්න: මේස්, තොප්පි, ඇඳුම්, සෙල්ලම් බඩු වැනි කුඩා අයිතම ලේබල් කළ කූඩවල හෝ බඳුන්වල ගබඩා කරන්න.

ලාච්චු සහිත ප්ලාස්ටික් සැහැල්ලු කුඩා කබඩ් සුදුසුයි.

පොත්, සෙල්ලම් බඩු සහ අලංකාර භාණ්ඩ ගබඩා කිරීම සඳහා රාක්ක සවි කරන්න.

ළදරු වැසිකිළි අවකාශය කලින් තීරණය කරන්න. එනම් පොටිය තැබීමට එක් තැනක් වෙන්කර ගන්න. නිවෙස පුරා තැනින් තැන තබන්න එපා.

* බ්ලැන්කට් වැනි නිතර පරිහරණය නොකරන අමතර දෑ ගබඩා කිරීම සඳහා ඉඩකඩ පහසුකම් මදි නම් තොටිල්ල යට ඇති ඉඩ භාවිත කරන්න.

5. ළදරුවා සඳහා භාවිත කරන සියල්ල ලේබල් කරන්න. Clear Labels: භාණ්ඩ සොයා ගැනීම සහ ගබඩා කිරීම පහසු කිරීම සඳහා බඳුන්, බාස්කට් සහ ලාච්චු සඳහා පැහැදිලි, කියවීමට පහසු ලේබල භාවිත කරන්න.

6. ඇඳුම් වියළීම සඳහා හොඳින් ඉර එළිය වැටෙන ස්ථානයක් තෝරාගන්න.

7.ඉඩකඩ පහසුකම් ප්‍රවේසම් කරගැනීම සඳහා සිරස් අවකාශය භාවිත කරන්න. උදාහරණයක් ලෙස බිත්ති කොකු සහ රාක්ක

8. අත්‍යවශ්‍ය දෑ අතේ දුරින් තබා ගැනීමට නිර්මාණශීලී බහාලුම් තබා ගන්න.

අතේ ගෙන යා හැකි පුංචි රෙදි බෑගයක් හැමවිටම තබා ගන්න.

10. ආරක්ෂාව පළමුව

ළදරුවාගේ උපකරණ ගබඩාකර ඇති තැන් ආරක්ෂිත බව සහතිකකර ගන්න. කැරපොත්තන්, කුහුඹින් ළඟා නොවන ලෙස නිතර පරීක්ෂා කරන්න. අඩුවෙන් පාවිච්චියට ගන්නා දෑ අත මානයේ තබා ගැනීම අවශ්‍ය නොවේ.

ඉහත උපක්‍රම අනුගමනය කිරීමෙන් නිවෙස පිළිවෙළට තබා ගත හැකි අතර, ඔබේ කුඩා දරුවාට සුවපහසු සහ ආරක්ෂිත පරිසරයක් සහතික කරමින්, ළදරුවාගේ සියලු දේවල් කළමනාකරණය කිරීම පහසු කරයි.

 

උපදෙස් :

ළදරු හා ළමා සෞඛ්‍ය

උපදේශිකා

ශ්‍යාමලී පතිරගේ