වර්ෂ 2024 ක්වූ December 09 වැනිදා Monday
රොකට් දිවයින පුරා තිරගතවීමට සූදානම්
ශ්‍රී ලාංකේය සිනමා වංශකතාවට නවමු පරිච්ඡේදයක් එක් කරමින්, හඳට නොගිහින් හඳ අල්ලපු දරුවන්ගේ වීර චාරිකාවක මතක සැමරුම් රැගෙන ප්‍රථම වරට සම්පූර්ණයෙන්ම පාසැල් සිසුන් පිරිසක් විසින් නිර්මාණය කරන ලද වෘත්තාන්ත සිනමා සිත්තමක් " රොකට් " නමින් නිර්මාණය කර ඇත. මෙම නිර්මාණාත්මක හපන්කම සිදුකර ඇත්තේ රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයීය සිසු දරු දැරියන් විසිනි. "රොකට්" අධ්යක්ෂ දෙනුවන් සමරසිංහ(20) ළාබාලතම චිත්‍රපට අධ්යක්ෂවරයා ලෙස මේ තුළින් සිංහල සිනමා ඉතිහාසයට එක්වෙනු ඇත.
මෙහි රංගනයෙන් වැඩිහිටි චරිත නිරූපණය සඳහා පාසලේ ආචාර්ය මණ්ඩලයත්, අනෙකුත් ප්‍රධාන හා සෙසු චරිත සඳහා පාසලේම දරු දැරියන් එක්ව ඇති අතර , පසු නිෂ්පාදන කටයුතු සඳහා ආදි සිසු සිසුවියන්ගේ සහයෝගය ලැබී තිබීමද " රොකට් " සඳහා ආලෝකයක් වී ඇත .
අධ්‍යක්ෂණයෙන් සහ සංස්කරණයෙන් දෙනුවන් සමරසිංහ, තිර රචනය හා පූර්ව ප්‍රචාරකපට නිර්මාණයෙන් සහ පෝස්ටර් නිර්මාණයෙන් නදුන් දර්ශන, කැමරාකරණයෙන් රුක්ෂාන් සංජය, සහාය අධ්‍යක්ෂණයෙන් හා නර්තන වින්‍යාසයෙන් නදීර නදීශාන්, වර්ණ සංයෝජනයෙන් පූර්ණ ලේකම්ගේ, කලා අධ්‍යක්ෂණයෙන් චන්දික ද සිල්වා, අංග රචනයෙන් සහ කොණ්ඩා සැකසුමෙන් ලෙව්වන්දි බිම්නාරා, ඇඳුම් නිර්මාණයෙන් විශ්වනී අංජානා, සංගීත අධ්‍යක්ෂණයෙන් චන්දීප පතිරණ, ගී තනු නිර්මාණයෙන් පසිඳු ගිම්සර, ගී පද රචනයෙන් එරන්ද පුෂ්පකුමාර ද, ගීත ගායනයෙන් මියුරු සෝමරත්න, චානක නාගොඩ, කලාරා ආවිනි සහ චමිල්කා ගයත්‍රි ද, විධායක නිෂ්පාදනයෙන් අමිල තිලකරත්න, ඉන්ද්‍රානි චන්ද්‍රලතා සහ නිමල් ගුණරත්න ඇතුළු පිරිසකගේ දායකත්වය ලද " රොකට් " සීවලී ස්වර්ණ හරිත සිනමා සංගමයේ ඉදිරිපත් කිරීමකි .