Monday, April 20, 2026
Epaper
Home පුවත්පැරණි ආයතනික මෘදුකාංග පද්ධති නවීකරණය සඳහා EWIS AEGIS

පැරණි ආයතනික මෘදුකාංග පද්ධති නවීකරණය සඳහා EWIS AEGIS

by Shanaka Lakehouse

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ පද්ධති සම්පාදකයකු වන EWIS සමාගම EWIS AEGIS නවතම AI තාක්ෂණික පද්ධතිය හඳුන්වා දී ඇත.

ඕනෑම ආයතනයක පවතින පැරණි එනමුදු ආයතන මෙහෙයුම්වලට ඍජු දායකත්වයක් ලබා දෙන අත්‍යවශ්‍ය මෘදුකාංග පද්ධති වේගවත්ව, මනා පාලනයකින් සහ නිවැරදිව නවීකරණය කිරීම අරභයා මෙම සුවිශේෂී පද්ධතිය නිමවා ඇත. මෙවැනි පහසුකම් සහිතව ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වූ ප්‍රථම AI තාක්ෂණික පද්ධතිය මෙයයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් EWIS සමූහ ව්‍යාපාරයේ සභාපති සංජීව වික්‍රමනායක පැවසූයේ පැරණි මෘදුකාංග පද්ධති නවීකරණය කිරීම සාම්ප්‍රදායිකව ඉහළ අවදානම් සහිත ක්‍රියාවලියක් බවත් EWIS AEGIS හරහා එය විශ්වාසයෙන් යුතුව කළ හැකි බවයි. ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් නිර්මාණය කර ඇති මෙය පැරණි යටිතල පහසුකම්වල සිට නවීන ඩිජිටල් පද්ධති වෙත මාරුවීමට පිටිවහලක් වනු ඇත.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?