වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ශ්‍යාමලී වීරකෝන්ගේ සිසුවියන්ගේ මනාලියන් දැක්මේ අසිරිය
මැයි 15, 2019
ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී ශ්‍යාමලී වීරකෝන්ගේ 2018 දෙවැනි කණ්ඩායමේ සිසුවියන්ගේ මනාලියන් දැක්ම පසුගියදා හින්දු සංස්කෘතික ශාලාවේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.
මෙම මනාලියන් දැක්මට රූපලාවණ්‍ය ශිල්පිනී ශ්‍යාමලී වීරකෝන්ගෙන් රූපලාවණ්‍ය ශිල්පය හැදෑරූ මහනුවර සහ කුරුණෑගල පන්තිවල සිසුන් 150ක් පමණ සහභාගී වූහ. මනාලියන් හැඩගැන්වීම සහ රූපලාවණ්‍ය පාඨමාලා මාස හයක් තුළ නිවැරැදිව ඉගෙන ගෙන ඔවුන්ගේ දක්ෂතාවයන් එළිදැක්වීමට මෙම මනාලියන් දැක්ම සංවිධානයකර තිබුණි. ශ්‍යාමලී වීරකෝන් මහත්මිය විසින් දැනට මනාලියන් දැක්මවල් 36 ක් පමණ පවත්වා ඇති අතර සෑම වසරකම මාස 6කට වරක් පාඨමාලා අවසානයේ මනාලියන් දැක්මක් පවත්වන එකම රූපලාවණ්‍ය ශිල්පිනියයි.
මෙවර පවත්වනු ලැබූ මනාලියන් දැක්මේ විශේෂත්වය වූයේ සිසුන්ගේ මනාලියන් දැක්මට අමතරව විවෘත මනාලියන් දැක්මක් ද පැවැත්වීමයි. මෙයට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් රූපලාවණ්‍ය ශිල්පීහූ සහභාගී වූහ. දිවයිනේ දක්ෂ විනිශ්චය මණ්ඩලයක් විසින් විනිශ්චය කරනු ලැබූ මෙම විවෘත මනාලියන් දැක්මේ පළමු ස්ථානයට රුපියල් 100,000 ක් ද, දෙවන ස්ථානයට රුපියල් 50,000 ක් ද, තෙවන ස්ථානය සඳහා රු.25,000 ක් ද පිරිනැමුණි. තෝරාගත් ඉතිරි ජයග්‍රාහී ස්ථාන 10 සඳහා කුසලාන සහ සහතික පත්‍ර ද ලබාදුණි. දිවයිනේ ජනපි‍්‍රය නළු, නිළියන්, ගායක, ගායිකාවන් හා නර්තන කණ්ඩායම් ද මෙම උළෙල විචිත්‍රවත් කිරීම සඳහා සහභාගී වූහ.
රූපලාවණ්‍ය ශිල්පිනී ශ්‍යාමලී වීරකෝන්ගේ 2019 සඳහා මහනුවර, කුරුණෑගල ආරම්භ කරන නව රූපලාවණ්‍ය පාඨමාලා සඳහා නවක සිසු සිසුවියන් බඳවාගැනීම ද මේ දිනවලදී සිදුකෙරේ.
෴ Related Articles ෴
නර්තනය වූ කලී ඈත ඉතිහාසයක් ඇති ජන ජීවිතය හා අත්...
ඇයට තිබුණේම කවිකාර හිතක්. ඒ නිසාම සයිබර්...
අන්තර්ජාතික මට්ටමේ නර්තන ප්‍රසංගයක් නරඹන්නට දැන්...
මංජුලා මල්කාන්ති රාජපක්ෂ තරුණී පාඨක ඔබට නම්...