වර්ෂ 2025 ක්වූ January 20 වැනිදා Monday
“කපුටු කොහෝ” ගීත එළි දකී
සෝමරත්න දිසානායකගේ සංගීතමය, වේදිකා/ සිනමා පර්යේෂණාත්මක නිමැවුම 'කපුටු කොහෝ' මේ දිනවල වැඩ අවසන් වෙමින් පවතී. එහි ගීත එළිදැක්වීම පසුගියදා මහවැලි කේන්ද්‍රයේදී සිදුවිය.
කපුටාගේ කූඩූවේ කොහා බිත්තර දැමීම එදා පටන්ම සිදුවන්නකි. පැටවුන් තරමක් ලොකුවන විට කපුටන් විසින් කොහා පැටවුන් හඳුනාගෙන උන් කොටා දමා පන්නයි. කපුටු කොහෝ පලහිලව්ව පාදක කරගෙන සහෝදරත්වය ජාතික සමගිය සහ සහජීවනය යටි පෙළ ඇතුළත් කිරීමට ගත් උත්සාහයක් ලෙස ‘කපුටු කොහෝ’ හැඳින්විය හැකියි. ජන සංගීත නාද රටා සහ දේශීය නර්තන රටාවලින් නාට්‍ය සැරසෙන අතර සාමාන්‍ය දෙබස් ගායනා සහ නැටුම් ඇතුළත් සම්ප්‍රදායික වේදිකා නාට්‍ය ශෛලිය සහ සිනමා තාක්ෂණය සම්මිශ්‍රණය වූ පර්යේෂණාත්මක නිර්මාණයකි.
අමන්ද්‍යා උත්පලී, හර්ෂණ දිසානායක අභිලාශි සන්තුෂ්කි, ඩිලාන් සමරවික්‍රම, රදීන් රන්දිව්, සනුලි දුල්සේයා, රුසිරු විදුනිත, සිහෙලි තූර්යයා රංගනයෙන් එක්වෙයි.
ගායනයෙන් ඩිලාන් සමරවික්‍රම, හර්ෂණ දිසානායක, ලක්ෂණා ලක්මිණි, අමන්ද්‍යා උත්පලී, චෙනිත සංතිෂ්, ලන්දු සෙට්ටිනායක, ලක්දම් ලයනිත, සිහෙලි තූර්යයා එක්වේ.
වේශ නිරූපණයෙන් විදුර අබේධීර, වස්ත්‍රාභරණයෙන් නිර්මාණී ප්‍රනාන්දු, ගීත අධ්‍යක්ෂණයෙන් මහාචාර්ය සමන් පනාපිටිය, නර්තන අධ්‍යක්ෂණයෙන් චන්දන වික්‍රමසිංහ, කලා අධ්‍යක්ෂණයෙන් ජානක ප්‍රසාද, වර්ණ සංකලනයෙන් ආනන්ද බණ්ඩාර, ශබ්ද සංකලනයෙන් සසික රුවන් මාරසිංහ, සහය අධ්‍යක්ෂණයෙන් චාමර සේලාර, සංස්කරණයෙන් අජිත් රාමනායක, කැමරා අධ්‍යක්ෂණයෙන් විශ්වා බාලසූරිය, නිෂ්පාදන කළමනාකරණය සහ නිෂ්පාදනයෙන් රේණුකා බාලසූරිය දායකවේ.
'කපුටු කොහෝ' රචනය සහ අධ්‍යක්ෂණය ආචාර්ය සෝමරත්න දිසානායකගෙනි.