වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
පවතින මොහොතේ සිහිය තබාගැනීමට සුදුසු අභ්‍යාසයක්
ජීවිතය දියුණු කරගැනීම නැතිනම් ජීවිතය දිනීමට අප නොකරන දෙයක් නැති තරම්ය. කන බොනවිට, පාරේ ගමන් කරන විට පවා සිත තුළ තමා කළයුතු කාර්යයන් ගැන සිතයි. එකින් එක නොයෙකුත් සිතුවිලි සිතට පිවිසීම සිතේ ස්වභාවයයි. එහෙත් සිත අපට අවශ්‍ය ආකාරයට හැසිරවීමට හැකිවිය යුතුය.
ඇවිදින අතරතුර අපට කොතෙක් නම් අනතුරු සිදුවෙනවා ද? ඒ බොහෝ අනතුරු අපගේම නොසැලකිල්ල නිසා සිදුවන ඒවාය. ඇතැම් විට අප කල්පනාකාරීව සිටින්නේ නම් වෙනත් අයකුගේ වැරැද්දක් නිසා සිදුවිය හැකි අනතුරක් වුවද වළක්වා ගත හැකිය.
ඇවිදින විට පමණක් නොව, මෙය වාහනයක යන විට වුවද සිදුවන්නකි. බස්රියේ දී ඔබ සිහියෙන් නොසිටීම නිසා බැසිය යුතු ස්ථානයට පෙර හෝ පසු බස් රියෙන් බැසගිය අවස්ථා කොතෙකුත් තිබෙන්නට පුළුවන.
පවතින මොහොතෙහි සිහිය රඳවා ගැනීම සඳහා සුදුසුම අභ්‍යාසයක් වන්නේ ඇවිදීමයි. මෙය පුරුදු කිරීම සඳහා නිදහසේ එක දිගට පියවර 20-30 ක් පමණ ඇවිදීමට හැකියාව ඇති ස්ථානයක් තෝරාගන්න. සම්පූර්ණ පතුලම ස්පර්ශ වන වැලි පොළොවක්, තණ බිස්සක් මේ සඳහා වඩාත් සුදුසු ය. නමුත් එවැනි ස්ථානයක් අත්‍යවශ්‍යම නොවේ. පාවහන් හා මේස් නොමැතිව ඇවිදිය හැකි නම් එය වඩාත් සුදුසුය. එසේ වන්නේ පතුලට දැනෙන ස්පර්ශය අපගේ අවධානයට යොමු විය යුතු නිසයි.
* පළමුව තමා තෝරාගත් ගමන් පෙත ආරම්භ වන ස්ථානයේ සිටගන්න.
* සිටගෙන සිටින විට තමන්ගේ ඉරියව්ව ගැන මොහොතක් සිහිය පවත්වා ගන්න.
* තමන්ගේ දෙපතුලට සිරුරේ බර දැනෙන ආකාරය විමසන්න. එම බර තම පතුල්වල කවර පෙදෙස්වලට වඩා වැඩියෙන් දැනෙනවාදැයි දැනගන්න. කකුලේ කෙණ්ඩාවලට, උකුළු ප්‍රදේශයේ, පිට කොන්ද දෙපස මාංසපේශීන් යම් ප්‍රමාණයකට තද වී තිබෙන අයුරු දැනගන්න. උරහිස්, බෙල්ල, හිස, දෑත්වලට දැනෙන්නේ කුමක් ද යන්න පිළිබඳ විමසිලිමත් වන්න.
* ඇවිදින්නට වුවමනා යැයි සිතෙන තෙක් නිශ්චලව සිටින්න.
* තමාට හුරු පාදය කුමක්දැයි සෝදිසියෙන් සිටින්න.
* ඉතා සෙමෙන් පාදය එසවීම, ඉදිරියට යැවීම, පහත් කිරීම, එය පොළොව මත තැබීම, එසේ තබද්දී පතුලේ කවර පෙදෙසක් මුලින්ම පොළෛාව මත ගැටෙනවා ද, ඉන්පසුව ගැටෙන්නේ කවර පෙදෙස ද යන්න ගැන අවධානය යොමු කරන්න.
උපදෙස්
කළමනාකරණ උපදේශක
දීපාල් සූරියආරච්චි
2019/12/18 තරුණි බලන්න