එළැඹෙන නව වසරේ ජීවිතය ලස්සනට විඳින්න

දෙසැම්බර් 25, 2019

 

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනගහනයෙන් 90%ක්ම කිසියම් වූ මානසික ගැටලුවකින් පීඩා විඳින බව නවතම සොයාගැනීමයි. නිරෝගීකම යනු උතුම්ම ලාභයයි.

නමුත් උපන්දා සිට මිය යන තුරුම අපි සැවොම කුමන හෝ රෝගයකින් පීඩා විඳිනවා. කායිකව හෝ මානසිකව මෙලෙස රෝගීවන මිනිසාට තම ජීවිතය සාර්ථක කරගැනීමට නොහැකි වෙනවා. තම දෛනික කටයුතු අඩපණ වෙනවා. විශේෂයෙන්ම කුමන හෝ මානසික පීඩනයක් ඇති වුවහොත් එය දිගින් දිගටම වර්ධනය වී ඔවුන්ගේ චර්යාව වෙනස් වෙනවා. එසේ චර්යාව වෙනස් වූ විට මිනිසුන් සියදිවි නසා ගැනීම්, විවාහ ජීවිතයේ ගැටලු ඇතිකර ගැනීම්, බොරුව වංචාව, රැකියාවේ ප්‍රශ්න ඇතිකර ගැනීම් වැනි දේවල්වලට යොමුවනවා. එම නිසා අපි සැවොම යහපත් කායික හා මානසික සුවයක සිටීම අතිශය වැදගත් වෙනවා.

 

ආකර්ෂණය

තරුණී පුවත්පත තුළින් සෑම සතියකම ඔබට සතුට ගෙන එනවා. ඒ දේවල් ඔබේ ජීවිතයට ළංකර ගැනීම තුළින් යහපත් මානසිකත්වයක් ඔබට ලබාගන්න පුළුවන් වෙනවා. සතුට සොයා යන පුද්ගලයා තමන් පී‍්‍රති විය යුතු ක්‍රම, විධි නිරන්තරයෙන්ම සොයාගනු ලබනවා. අපිට දැනුණොත් අපිට ආකර්ෂණීය බවක් තිබෙනවා කියා අපි කිසිවිටක එය නැති කරගන්නේ නැහැ. ආකර්ෂණීය බවින් යුතු කාන්තාවකගේ ක්‍රියාවන්, වචන සෑමවිටම සුන්දරයි.

වයසට ගියත් ඇය සුන්දරයි. එවන් කතකගේ ආකල්ප ධනාත්මකයි. නිතර මඟතොටේදී අපිට හමුවන සමහර කාන්තාවන්ගේ මුහුණේ ලේ පොදක් නැහැ වගේ. උදෑසන අවදි වුණු වේලාවේ සිට නිවෙසේ ගෝරනාඩු. පනාව තිබුණු තැන පනාව නැහැ. උයන්න ගියහම ගෑස් ඉවරවෙලා. කලබලේ අයන් කරන්න ගිහින් ඇඳුම පුච්ච ගන්නවා. බස් එකට නැග්ගහම මිනිස්සු ඇඟේ යන්න එනවා. මේ වගේ දේවල්වලට මුහුණ දීල යුද්ධයක් කරල කාර්යාලයට දුවගෙන ඇවිත් හරියටම වෙලාවට ඇඟිලි සලකුණ හෝ අත්සන් කළාට පස්සේ තමයි මූණට ලේ උනන්න පටන් ගන්නේ.

නමුත් සමහර කාන්තාවන් උදෑසන අවදි වුණ වෙලාවේ සිටම සුන්දරයි. හැමදේම පිළිවෙළට සිදුවෙනවා. පනාව, කණ්ණාඩි කූට්ටම, සෙරෙප්පු සපත්තු, උයන පිහන දේ, අඳින පලඳින දේ ආදී හැමදේම ලෑස්තියි. වෙලාවට කලාවට සියලුම දේවල් සිද්ධ කරගන්න මාස්ටර් ප්ලෑන් එකක් තියාගෙන ඉන්නවා. මේක හරිම අමාරු වැඩක් පටන් ගන්නකම් විතරක්. එක්කෙනෙක් නෙවෙයි ගෙදර හැම සාමාජිකයෙක්ම මේ පිළිවෙළට හුරුවෙන්න ඕනේ. ඔබට ස්මාර්ට් ලේඩි (ඉථචපබ ඹ්චඤර) කෙනෙක් වෙන්න ඕනෙ නම් හැමදේම අත්හදා බලා කටයුතු කළ යුතුයි. අලුත් අවුරුද්දක් උදාවේගෙන එන කාලේ. අතමිටට යහමින් මුදලකුත් වසර අවසානයේ ලැබෙනවා. ඒ හා සමානව වියදම් ටිකකුත් එකතු වෙනවා. අත්‍යවශ්‍යම කාරණා ටික පෙළගස්සව ගන්න ඕනේ ප්‍රථමයෙන්ම. ගෙයි කුණු අස්කරලා, අලුතින් තීන්ත ගාලා ගෙවල් දොරවල් අලුත් කරගන්නවා වගේම ඔබත් අලුත් විය යුතුයි. යහපත් සිතුවිල, ධනාත්මක සිතුම් පැතුම් එක්ක, සුන්දරව ජීවිතය ගෙවන්නත් අවශ්‍යබව මනසට ඇතුළු කරගන්න.

2019/12/25 තරුණි බලන්න...

 

උපදෙස්

දීප්ති පෙරේරා

රූපලාවණ්‍ය සහ

පෞරුෂ සංවර්ධන උපදේශිකා