වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ලාංකේය සිනමා අඹරට පායනා අලුත්ම භාරතීය තාරකාව
මෙවර තරුණී කවරය සරසන්නේ ඔබට හුරුපුරුදු රුවකින් නම් නොවේ. ඇය සොනාක්ෂි සිං රාවත්. ශ්‍රී ලාංකේය සිනමාවට පායනා අලුත්ම භාරතීය තාරකාව ඇයයි.
නිරතුරුවම සිනහවකින් ඔප් නැංවුණු සොඳුරු රුවකට උරුමකම් කියනා සොනාක්ෂි පසුගිය දා අපට මුණ ගැසුණේ රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානයේ දීය. ඒ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නව සිනමා නිර්මාණය වූ ‘ කදිර දිව්‍යරාජ’ රූගත කිරීම් අතරතුර දීය.
පෙරදිග, අපරදිග දේව කතා සාහිත්‍යයෙහි මනුෂ්‍ය දියණියක සරණ පාවාගත් දෙවියකු ගැන කියැවෙන්නේ නම් ඒ කතරගම දෙවිඳුන් පිළිබඳ පමණි. සියැසින් නුදුටුවත් බාල කාලයේ පටන්ම මේ දෙවියන්ට ආලය කරන්නී, ඒ ආලය නිසාම ඔහු කතරගමට ගෙන්වාගෙන සරණ කරගන්නී ඈ වල්ලී ය.
මේ වල්ලී -කඳ කුමරු අපූර්ව ප්‍රේම වෘත්තාන්තයයි ‘කදිර දිව්‍යරාජ’. එය වරෙක ඓතිහාසිකය. තවත් විටෙක සත්‍යයත්, මායාවත් අතර දෝලනය වන විචිත්‍ර මනෝ කල්පනාවකි. නැතහොත් සොඳුරු සිහිනයකි.
මෙහි ප්‍රධාන චරිතයක් වූ කඳසුරිඳු සහ වල්ලී සඳහා රංගනයෙන් දායකවන්නේ භාරතීය නළු නිළි දෙපළකි. ඒ කඳකුමරු ලෙසින් සමර් විර්මානි සහ වල්ලී ලෙසින් සොනාක්ෂි සිං රාවත් ය.
ඉන්දියාවේ චන්ඩිගර් හී උපත ලැබූ සමර් විර්මානි ඉංජිනේරු විෂයය හදාරා ඇත්තෙකි. පසුව රංගනය සඳහාම මුම්බායි වෙත පැමිණි ඔහු මේ වනවිට රූපවාහිනී වෙළෙඳ දැන්වීම් 150 කට වැඩි ප්‍රමාණයකට දායක වී ඇත අතර අට්ටම් පට්ටම් නමැති චිත්‍රපටයේ ද රඟපා තිබේ. මේ ඔහුගේ මුල්ම විදෙස් චිත්‍රපටයයි.
ඡායා - ටෙනිසන් එදිරිසිංහ
2020/02/19 තරුණි බලන්න