හිසකෙස් පිළිබඳ නිපුණයෙක් වන්නට

NVQ 4 Hair Dresser
පෙබරවාරි 3, 2025

රූපලාවණ්‍යය විෂය කෙරෙහි උනන්දුවක් දක්වන ඔබට ඒ පිළිබඳ මනා හැදෑරීමක් තිබීම අත්‍යවශ්‍ය වේ. NVQ Hair Dresser පාඨමාලාවේදී ඔබට පහත සඳහන් කරුණු කෙරෙහි දැනුම්වත් බවක් ලැබේවී.

* රූපලාවණ්‍යය හා කේශාලංකරණ

පාඨමාලාවක් හැදෑරීමේ වැදගත්කම

* ඒ සඳහා අවශ්‍ය උපාංග

පවත්වා ගෙන යෑම

* මේ සඳහා අවශ්‍ය Tools වර්ග (Styling Tools, Colouring Tools), Applications

* කෙස්ගසක ව්‍යුහය,

* කෙස්ගසක හරස්කඩ,

* කෙස්ගසක වටිනාකම,

* හිසකෙස්හි රසායනික සංයුතිය,

* හිසකෙස්හි හැඩය,

* හිසකෙස්වල වර්ණය,

* හිසකෙස්වල පැහැය වෙනස්වීමට හේතූ, හිසකෙස්වල ඝනත්වය

* හිසකෙස් වර්ග - රසායනික නිශ්පාදනයන් එක් කළ හිසකෙස්

* කෙස්ගසක වර්ධනය සඳහා බලපාන සාධක, එහි ආයු කාලය, කෙස්ගසක වර්ධන

* සබන් භාවිතය සුදුසුද නුසුදුසුද ?

* shampo සහ conditioner භාවිතය පිළිබඳ

සියලුම විස්තර

* හිසකෙස් සහ හිස්කබල පරීක්ෂාව

* හිසකෙස්වලට සුදුසු වතුර

* කෙරටීන් සත්කාරය

* කෙරටීන්, ස්ට්‍රේටිං, රීබොන්ඩින්,

රිලැක්සින්වල වෙනස

* හිසකෙස් නිවැරැදිව ගැට හැර පීරා ගැනීම

* හිස්හොරි පිළිබඳ

* හිස සම්බාහනය

* අකලට හිසකෙස් වැටීමේ

හේතූ

* කොණ්ඩ කැපීම

* කොණ්ඩ වර්ණ ගැන්වීම

* උපකරණ හඳුන්වා දීම

* උපකරණ නඩත්තුව

* සේවාදායකයාට පූර්ණ

උපදේශනය සැලසීම

* සේවාදායකයාගේ පෙනුම, වෘත්තිය, වයස අනුව හිසකෙස් සකස් කිරීම

* සේවාදායකයකු නැවත ගෙන්වා ගැනීමට කළ යුතු දේ

-------------------------

අප සමඟ අත්වැල් බැඳ ගන්නා ඇය  මනෝරී ජයවීර

ජාතිකව මෙන්ම ජාත්‍යන්තරව ද රූපලාවණ්‍යය ලොව දික්විජය කළ ඇය වසර 30ක් මුළුල්ලේ ලියන් රුවැති ලියන් කරන්නටත් ලියන් හැඩැති මනාලියන් කරන්නටත් ඇගේ නිර්මාණශීලී දෑත් දිගු කරලයි.

වසර ගණනාවක් තිස්සේ තරුණි සමඟින් අත්වැල් බැඳ සිටි මනෝරි ජයවීර නම් වූ ඇය යම් නිහඬතාවකට පසු නැවත තරුණි සමඟ එක්වෙයි. ඒ NVQ 4 Hair Dresser පාඨමාලාවේ දැනුම බෙදා දෙන ප්‍රවීණ රූපලාවණ්‍යය ශිල්පිනියක ලෙසයි.

1995 වසරේ ප්‍රවීණ රූපලාවණ්‍යය ශිල්පිනි තිරාණි පීරිස් වෙතින් රූපලාවණ්‍ය පිළිබඳ අත්පොත් තැබූ ඇය Hair Asia Pacific තරගාවලිය වෙත යොමු වන්නේ ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනි නයනා කරුණාරත්නගේ දිරිමත් කිරීම මතයි. ඒ අනුව චීනයේ සහ මැලේසියාවේ පැවැති 2000 වසරේදී Bridal Makeup හා 2001 වසරේදී Nail Art තරඟ වලින් ජාත්‍යන්තර ජයග්‍රහණ ලබයි. ඉන්පසු ඉතාලියේ මිලානෝහි පැවැති Fantacy Makeup තරඟයෙන් ද ජය ලබයි.

NVQ 4, 5, 6 රූපලාවණ්‍යය පාඨමාලාවන් සාර්ථකව හදාරා අවසන් කරන අතරතුර සැලොන් කිහිපයක්ම පවත්වාගෙන යයි. අද වන විට ඇය NVQ 4 Hair, Beauty, Bridal ඇගයීම් නිලධාරිනියකි.

වත්මනෙහි ඇය Lanka Teachers Association of Hair and Beauty හි සභාපතිවරියයි. ලංකාව පුරාම දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි මෙහි සාමාජිකයන් සිටින අතර රූපලාවණ්‍යය පිළිබඳ උගන්වන ගුරුවරුන්, ඇගයීම් නිලධාරීන්, රූපලාවණ්‍යාගාර පවත්වාගෙන යන රූපලාවණ්‍යය ශිල්පීන් ඒ අතර වේ.

රූපලාවණ්‍යය ක්ෂේත්‍රය කෙරෙහි උනන්දුවක් දක්වන තරුණි පුවත්පත හා ළබැඳි ඔබට අප පුවත්පතෙහි පළවන කූපනය පුරවා Lanka Teachers Association of Hair and Beauty හි සාමාජිකත්වය ලබාගත හැකි වේ. මෙහිදී ඔබට රූපලාවණ්‍යය පාඨමාලා නොමිලේම හැදෑරීමට අවස්ථාව උදාවේ. ඒ ඔස්සේ ජාතික තලයේ තරගවලට හා ජාත්‍යන්තර තරගවලට යොමු කිරීම මෙම සංගමය මඟින්ම සිදුකරයි. රූපලාවණ්‍ය විෂය කෙරෙහි උනන්දුවක් දක්වන, නිසඟ කුසලතාවයෙන් හෙබි අය සඳහා මෙය මහඟු අත්වැලක් වනු ඇත.

 

ඡායාරූප - ශාන් රඹුක්වැල්ල

 

[email protected]