වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
නිවෙසේ සෞඛ්‍ය රැකගැනීමේ වගකීම ඇත්තේ කාන්තා ඔබේ අතේ
සෞඛ්‍යය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජෙනරාල්
විශේෂඥ වෛද්‍ය
අමල් හර්ෂ ද සිල්වා
සිංහල ක්‍රමයට පවුලක පැවැත්ම රඳා පවතින්නේ කාන්තාවගේ (ගෘහණියගේ ) ක්‍රියාකාරිත්වය අනුවයි. එයින් අදහස් කරන්නේ ගෙදර සියලු කටයුතු වල ඇය මූලිකත්වය ගන්නවා කියන එකයි. ඒ නිසා ඇයට ‘පවුල’ කියන නාමයද භාවිතා කරනවා. කොරෝනා වැනි භයානක වෛරසයක් පැතිර යන මේ අවස්ථාවේදී තම පවුල ආරක්ෂා කරගන්නට විශාල වැඩ කොටසක් ඇයට පැවරී තිබෙනවා.
අප ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතාගෙන් විමසීමට කටයුතු කළා.
අනවශ්‍ය ලෙස ගෙදර දූ දරුවන්, තම ස්වාමි පුරුෂයා සෙනඟ ගැවසෙන ස්ථාන වලින් ඉවත් කරගෙන රැකගන්න ඕනෑ. එය ඉතාම වැදගත්. නොයෙක් වාහනවල ගමන් ගැනීම තහනම් කර තිබියදී විවිධ ප්‍රියසාද වලට සහභාගි වීම, දුරස්ථභාවය නැතිව විවිධ අය සමඟ වැඩි වේලාවක් කතාබහ කිරීම නොකළ යුතුය. ගෙදර නිතර අතපත ගාන දේවල්, දොරවල් ජනෙල් වල අතින් අල්ලන කොටස් අපි දෙවරක් සෝඩියම් හයිඩ්රොක්සයිඩ් යොදා සෝදා දමනවා නම් ඉතාම හොඳයි. ගෙදර සියලු දෙනා ගෙදරින් පිටට යෑමේදී හා නැවත ගෙදර එන විටදී හොඳට අත් දෙක සබන් ගා හෝදන්න ඕනෑ. නිතරම අත සේදීම ගැන අවධානයෙන්ම සිටිය යුතුයි. ගෙදරට පිටස්තර අය පැමිණීම බොහෝ දුරට අවම කර ගත යුතුය. ගෙදර පැමිණ කතා කර සිටීමේ ක්‍රියාවලිය නතර කර දැමිය යුතුයි. දොර අසලදීම පැමිණි කාරනය පිළිබඳව කෙටියෙන් කතා කර වෙන් වී යා යුතුයි. දුරස්ථභාවය ගැන හැමවෙලේම කීවත් එය අමතක කර සිටින අවස්ථා බොහෝමයක් අපට දකින්නට ලැබෙනවා. සෙල්ලම් කිරීමේදී පිටස්තර අය සමග අත් අල්ලා ගැනීම සමහර අවස්ථා වලදී අමතක වීමත් එය එතරම් ගණනකට නොගැනීමත් සිදුවිය හැකියි. මේ දරුණු කොවිඩ් 19 වෛරසය ඇසට නොපෙනෙන දෙයක් බව ගෙදර දරුදැරියන්ට පැහැදිලි කර දිය යුතුයි.
ගෙදර සියලු දෙනා ඉතාම සතුටින් සිටිය යුතුයි.
සතුට අඩු වූ විට බොහෝවිට අප සතුට සොයා අල්ලපු ගෙදරට, නෑදෑ මිත්රයින් ගේ නිවසට යාමට උත්සාහ දරන එක සාමාන්‍ය දෙයක්. එහෙත් මේ අවස්ථාවේ සතුට රැඳෙන්නට කිසියම් කාර්යයක නියැලීම, ගෙවතු වගාවක් කරන්නට සංවිධානය කරන්න ගෘහණියට හැකිවිය යුතුය. එයින් ලොකු මානසික ආශ්වාදයක් ලැබෙනවා.දැන් අප රටේ කොරෝනා අවසන් වූවා යයි ස්ථීර ලෙස කියන්න බැහැ. එයට දිනයක් කියන්නටද හැකියාවක් නෑ.
ගෙදර ට එන අය අඩු කරන්න
මේ බව මා නැවතත් කියන්නෙ එසේ පැමිණෙන අය කොහේ ගියාද? කවුරුන් සමග ආශ්‍රය කළාද? අපට පැහැදිලිව කියන්න පුළුවන් කමක් නැති නිසයි. සමහර රෝගීන් පීසීආර් පරීක්ෂණ කිරීමෙන්ද හඳුනා ගැනීමට බැරි අවස්ථා ද තිබෙනවා. වෛද්‍යවරුන්ටත් කියන්න පුළුවන් ප්‍රමාණයක් තිබෙනවා.
අපට හමුවුණ සියලු දෙනා කොරොනා වාහකයින් කියන සැකය තබාගෙන මා ඉහත දැක්වූ කරුණු පිළිපදින්නට ඕනෑ. අත්‍යාවශ්‍ය කාරණාවකට මිස එළියට යාමෙන් වළකින්න. ගෙදර ළමයකුට හෝ වැඩිහිටියකුට සෙම්ප්‍රතිශ්‍යාවක් හැදුණොත් ඒ අය වෙන්කර තබා ගත යුතුයි. සෙම්ප්‍රතිශ්‍යාව , කැස්ස, උගුරෙ අමාරුව හුස්ම ගන්න අපහසු වීම මේ හැම තැනකදීම කොරෝනා කියන සිතුවිල්ල හිතේ තබාගෙන ඉතාම විමසිලිමත්ව ඒ අය වෙන්කර තබාගෙන මුහුණට අත තැබීම, මුඛයට අත දැමීම ආදී දේ අවම කර ගත යුතුයි.
නිරෝගී ව සිටින අය දිනපතාම ස්නානය කළ යුතුයි.
දවසට කිහිප වරක් ඉඟුරු, කොත්තමල්ලි පානයන් ගැනීම, තේ පානය කිරීම, උණුවතුර පානය කිරීම ඉතා හොඳයි.
වැඩිපුර ජලය පානය කිරීම
වතුර බීම (බීමට හැකි ප්‍රමාණයට උණුසුමෙන්) දවසේ කිහිප වතාවක්ම ගැනීම ඉතා හොදයි. රාත්‍රියට හොඳ නින්දක් ගැනීම ඉතාම වැදගත් විදුලි පහන් නිවා දමා හොඳ නින්දක් ලබා ගත යුතුයි. නිදන කාමර තුළ ටෙලිවිෂනය කොම්පියුටර්, ,ටෙලි ෆොන්, ශබ්ද ඇතිවන සියල්ල නවතා හොඳනින්දක් ලබා ගැනීම ඉතා හොඳයි. එවිට ප්‍රතිශක්තිය වැඩිවෙනවා. ගෙදර වැඩිහිටියන්ටත්, ළමයින්ටත්, මෙය ඉතාම හොඳයි. එලෙසම ප්‍රතිශක්තිය වැඩිවන ආහාර ගත යුතුයි. විශේෂයෙන් අලුත් එළවළු පලතුරු හොඳයි. මත්පැන් වැඩියෙන් ගැනීමෙන් ප්‍රතිශක්තිය අඩු විය හැකියි.
ස්වාමියාගේ ආරක්ෂාව ගැන භාර්යාව සොයා බැලිය යුතුයි. . දවසට පැය භාගයක්වත් ව්‍යායාම කළ යුතුයි. ජිම් එකකට යන ව්‍යායාම නොවෙයි. ගෙදර සිට ගෙදර වත්තේ පිටියේ එහාමෙහා ඇවිදීම ඉස්සරහට පිටුපසට ගේ වටේ ගියත් ඇති. අවශ්‍ය වන්නේ විනාඩි 30කට වැඩියෙන් දහඩිය දමන තුරු කිසියම් ව්‍යායාමයක් කිරීමයි. මේ සඳහා අවශ්‍ය පරිදි පහසුකම් ඇති අයුරින් ව්‍යායාම හදාගන්නට පුළුවනි. එයින් බලාපොරොත්තු වනුයේ හෘද ස්පන්දනය වැඩිවීම සාමාන්‍යයෙන් විනාඩි 15-20 අවම වශයෙන් තිබිය යුතු වීමයි. . සාමාන්‍යයෙන් එකතැන අත් කකුල් වලට බෙල්ලට කරන ව්‍යායාම පද්ධතියද ප්‍රමාණවත්. ඇවිදීම හොඳම ව්‍යායාමයයි. මාංශ පේශීන් හොඳට ශක්තිමත් වූ විටදී තමන්ට එන සියලුම රෝගාබාධ වලින් අපි ආරක්ෂා වෙනවා. එළිමහනේ ඇවිදීම අව්වේ (තොප්පියක් පැලඳගෙන) යෑමෙන් ශරීරයට අව් රශ්මිය වැටීම හොඳයි.
ගෙදර ඇඳුම් පැළඳුම්, ඇඳ ඇතිරිලි තද අව්වේ දැමීම මේ කාලයට ඉතාම හොඳසෞඛ්ය පුරුදු බව කිව යුතුයි. තද අව්වට අහිතකර වෛරස් විනාශ වීමට ඉඩකඩ තිබෙනවා.තමන නිතර භාවිතා කරන දේවල් තද අව්වට නිරාවරණය කර තැබීමද ඉතාම හොඳ ක්‍රියාවක්.
සෙම්ප්‍රතිශ්‍යාව සාමාන්‍යයෙන් නිතර හැදෙන දෙයක්. නමුත් සෙම්ප්‍රතිශ්‍යාව අසාමාන්‍ය ලෙස වැඩිවීම වැනි දෙයකදී මිස වෛද්‍යවරුන් හමුවීමට යාම මේ වෙලාවේ කොහෙත්ම හොඳ නෑ. රෝහල් වලට පුළුවන් තරම් අඩුවෙන් ගමන් කිරීමට වගබලා ගත යුතුයි. රෝහල් වල විෂබීජ තිබීම වැඩි බව සිහියට ගන්න. ලොකු අසනීපයක් නොවේ නම් රෝහල් වලට නොගොස් වෛද්යවරයකුගේම උපදෙස් මත ක්‍රියා කරන්න.
මේ ඇවතුම් පැවතුම් නොකඩවා කළහොත් මේ කොරෝනා වෛරසයෙන් බේරීමට හැකි බව සිතට ගන්න. හැම විටම ඉහත එපා කී දේවල් අමතක නොකර ක්‍රියා කළහොත් ගෙදර සෞඛ්‍යය රැකගැනීමට අම්මා කෙනකු ලෙස බිරියක ලෙස ඔබට හැකිවේවි