Background එකට Neutral Colour එකක් Soft Furnishing වලින් ඉතිරි හැඩ වැඩ ටික

Brush Stroke එකෙනුත් අමුතුම එළියක්
ජනවාරි 6, 2025

 

නව වසරක් උදාවෙලා. ශ්‍රියා කාන්තාව තම නිවෙසට වැඩමවා ගන්නට කවුද අකමැති. සිරියාවන්ත නිවෙසක්, ලස්සන නිවෙසක් කාගේත් හීනයක්. මේ හීන සැබෑ කරගන්නට මහා පරිමාණ සැලසුම්වලට යා යුතු නැහැ.

 

විදෙස් රටවල නොයෙකුත් වෙබ් අඩවි, යූටියුබ් නාළිකා.... මේ ආදී දෑ නැරැඹීමෙන් ඔබට විවිධ අදහස් ගත හැකියි.

නිවෙසකට සුදුසුම වර්ණය වන්නේ සුදු පැහැයයි. එය Formal Dress එකක් වැනිය. Background එකට පැමිණිය යුත්තේ කලිසමයි, කෝට් එකයි. කමිසයේ සුදු පැහැය සහ කලිසමේ කළු පැහැය මේ දෙවර්ගයම නියුට්‍රල් පැහැයන්ය. මෙහිදී කමිසය ලීබඩු ලෙස ගතහොත් ටයි එක නිවෙස විචිත්‍රවත් කරන දෑය.

බිත්තිවලට, සිවිලිමට, පොළොවට සුදු හෝ ලී බඩුවල පැහැය හෝ එවැනි නියුට්‍රල් පැහැයක් එක් කරගත හැකියි. ඒ අනුව ලීබඩු ගෙන ආ යුත්තේ සිවිලිමට පොළොවට එක්කරගත් ලීබඩුවල පැහැය අනුවයි.

මේ සියල්ල පැහැයක් තේමාව කර ගනිමින් යෑමටත් පුළුවනි. නියුට්‍රල් පැලට් එකේම ඇති ඇවකාඩෝ පැහැය ආදියත් එක්කර ගත හැකියි. මේ පැහැයන්හි යාන්තමට ළා කොළ පැහැය, ළා කහ පැහැය නියුට්‍රල් බේස් එකක් ලෙස දැක ගත හැකියි. මේවා බ්‍රිලියන්ට් වයිට් නොවේ. එහෙත් සුදු පැහැයට හුරු පැහැයක් විය යුතුයි. එනම් බිත්තරයේ පැහැය, බිත්තර කටුවේ පැහැය විය හැකියි.

Solid වර්ණයක් ලබාදෙන්නේ නම් එය දිග බිත්තියකට එක් කළ හැකියි. මෙය විසිත්ත කාමරයේ නම් සෝෆා එකේ දිගින් වැඩි කොටස පිටුපසට එක් කළ හැකියි.

නිදන කාමරයක නම් ඇඳ වියල පිටුපසට එක් කළ හැකියි. එය ඇඳේ හාන්සි වූ විට හෝ නින්දට බාධාවක් නොවේ. එසේ කරන්නේ ඇස්වලට බාධාවක් නොවෙන ලෙසයි.

Solid පැහැයකට නොයා Brush Stroke වලට යා හැකියි. මෙය ස්පොන්ජ් එකකින්, රෙදි කෑල්ලකින් වුව කළ හැකියි.

මුළුතැන්ගෙය වැනි නිතර අපිරිසුදු වන බිත්ති සඳහා චාකෝල්වලින් විවිධ හැඩතල ගෙනදිය හැකියි. ඔබ තෝරාගන්නා පැහැයන් අනිවාර්යයෙන්ම ලී බඩුවලට, තිර රෙදිවලට, කුෂන්වලට, ලිනන්වලට, මල් බඳුන්වලට, සැරසිලිවලට ගළපාගත යුතුයි. මේ සියල්ල කළ හැකි වන්නේ පසුතලය නියුට්‍රල් වර්ණයන්ගෙන් යුතු වූ විටයි.

ඇතැම් අය පසුතලය සඳහාත් බෙහෙවින්ම විචිත්‍රවත් වර්ණ එක් කරයි. එහෙත් වර්තමානයේ ට්‍රෙන්ඩ් එක නම් සුදු පැහැයයි.

මින් ඉඩකඩ වැඩිකර පෙන්වීමටද පුළුවනි.

ඉතාම කුඩා ඉඩකඩක ඩිසයින් එකක් කරන්නේ නම් අනිවාර්යෙන්ම පසුතලය සඳහා යොදාගත යුත්තේ සුදු පැහැය පමණි.

තමන් නිර්මාණශීලි නම් තේමාවක්, සංකල්පයක් තෝරාගෙන පැහැයන් තෝරාගත යුතුයි. අපි හිතමු සොබාදහම තේමාව කරගත්තා යැයි කියා. එසේ කියා කොළ පැහැය, දුඹුරු පැහැය හැම තැනටම එක් කළ යුතු නැහැ. එවිට පසුතලය සඳහා සුදු පැහැය ගෙන ලී බඩු සඳහා ලී බඩුවල වර්ණයම ලබාගෙන කුෂන්, තිරරෙදි, බෙඩ් ලිනන් ......ආදිය සඳහා ළා කොළ පැහැය එක් කළ හැකියි.

විදෙස් රටවල නිවෙස්වල ඇති වීඩියෝ ආදිය නරඹා ඒ ලෙසම ඒවා අපේ රටට ආදේශ කළ නොහැකියි. ඒ ඔවුන්ගේ දේශගුණික රටාවලට වඩා අප රටේ දේශගුණික රටාව වෙනස් වන නිසයි. ඔවුන් සුදු පැහැය භාවිත කරන්නේ අඩුවෙනි. ඒ සුදු පැහැයේ සීතල රැඳෙන නිසයි. ඔවුන් ඇවකාඩෝ පැහැය, අලු පැහැය වැනි පැහැයන් බොහෝ දුරට තෝරාගනී.

උෂ්ණත්වය වැඩි රටවල අය ගහ කොළවල පැහැය, වතුරවල පැහැය ආදිය එකතු කරගන්නේ සෞම්‍ය සිසිලස ගෙන ඒමටයි.

Solid පැහැයන්ට වැඩිපුර යෑමෙන් සිදුවන්නේ පසුව වෙනස් කිරීමට සිදුවුවහොත් ඒ සඳහා විශාල මුදලක් වැය වීමයි. මේ නිසා පසුතලය එනම් බිත්තිවලට විශේෂයෙන්ම සුදු පැහැයෙන් කිරීමෙන් පසුව අනෙකුත් දෑ ( Soft Furnishing) කාලෙන් කාලෙට වෙනස් කරමින් නවමු බවක් ගෙනදිය හැකියි.

 

උපදෙස් : 
ගෘහ අභ්‍යන්තර නිර්මාණකරණය පිළිබඳ ප්‍රවීණ උපදේශිකා ආචාර්ය දිලිනි 
හල්විටිගල
 

[email protected]