මල් ලෝකෙ පර්පල් රැජින පර්පල් ෆ්ලෑෂ්

ජනවාරි 15, 2024

සොඳුරු ඇන්තූරියම් ලෝකයෙන් අද අපි ඔබට හඳුන්වා දෙන්නේ සුන්දර වාගේම වටිනාකමින් වැඩි තවත් ඇන්තූරියම් ප්‍රභේදයක්. ශ්‍රී ලාංකීය අපේම නිර්මාණයක්වන මෙය පර්පල් ෆ්ලෑෂ් ලෙසින් හඳුන්වන අතර එය දෙනෙත් වසඟ කරන දම් පැහැයෙන් යුක්ත වේ.

මුලින්ම කියන්න ඕනෙ ෆ්ලෑෂ් කියන ප්‍රභේදය මොකක්ද කියලා වැඩි පිරිසක් හඳුනන්නෙ නෑ. ඒකට හේතුව තමයි මේ ෆ්ලෑෂ් කියන ඇන්තූරියම් ප්‍රභේදය ඉතාමත් මෑත වකවානුවේ මෙරටට හඳුන්වා දීම. ඒනිසා වර්තමානයේ ඇන්තූරියම් වගාවේ නියැළෙන කෙනෙක් ඒ පිළිබඳ හොඳින්ම දන්නවා වුණත් අනෙක් වැඩිදෙනෙක් දැනුවත් නැහැ.

එතකොට අපි බලමුකෝ මේ ෆ්ලෑෂ් කියන ප්‍රභේදය කොහොමද බිහි වුණේ කියලා. ඇත්තටම කීවොත් ෆ්ලෑෂ් කියන්නෙම ජාන විකෘතියකින් බිහිවුණු ඉතාමත් සොඳුරු ඇන්තූරියම් මලක්. ඉතින් එහෙම හැදෙන පැළයක් අපි මුලින්ම හඳුන්වා දෙන්නෙ බීජ පැළයක් විදිහට. ඒක අපේම නිර්මාණයක්. දැනටමත් ලංකාව තුළ ෆ්ලෑෂ් ප්‍රභේදය බෝකරන දක්ෂ මල් වගාකරුවන් ඉන්නවා.

ලංකාවෙ දක්නට ලැබෙන වර්ගවලින් දැනට මිල අධිකම ෆ්ලෑෂ් වර්ගය තමයි පර්පල් ෆ්ලෑෂ් කියලා හඳුන්වන්නෙ. ඉතාමත් නිරෝගී පර්පල් ෆ්ලෑෂ් ශාකයක් සාමාන්‍යයෙන් රුපියල් 50,000ක් පමණ මිලකට අලෙවි වෙනවා. මේ විදිහට මිල අධික වීම නිසාම තමයි මල් ව්‍යාපාරයේ නියුතු සීමිත පිරිසක් ළඟ පමණයි මේ ප්‍රභේදය දකින්නට ලැබෙන්නේ. ඒ වාගේම තමයි සුන්දර මල් කුමාරිය වටිනාකමින් වැඩි නිසාම " මල් ලෝකෙ පර්පල් රැජින " කියලත් වැඩිදෙනකු මෙය හඳුන්වනවා.

 

ඉදිරිපත් කිරීම

නිලූ ප්ලාන්ට් නර්සරිහි,

නිලුකා වසන්ති