මුළුතැන්ගෙයි රස රහස්

අගෝස්තු 12, 2024

 

* උයන්න කලින් හඳුන්කූරක් ,සුවඳ ඉටිපන්දම ක් පත්තු කරන්න කැමති නම් .

මට තියෙන්නෙ ඕපන් පැන්ට්‍රි එකක් නිසා මම නම් උයන්න කලින් නැත්නම් පස්සෙ හරි අනිවාර්යයෙන් ම හඳුන්කූරු සුවද ගේ පුරාම යන්න දෙනවා. නැත්නම් කෑම සුවද ගේ පුරා යනවා. මුළුතැන්ගෙයක් වෙනම තියෙනවා නම් අවශ්‍ය නොවෙන්න පුළුවන්.

 

* ඒප්‍රන් එකක් පාවිච්චි කරන්න.

 

* අත් පිස්නා කිහිපයක් තියාගන්න. උයන්න කලින් අත් පිස්නාවක් කිට්ටුවෙන් තියාගන්න. අත තෙතයි නම් තුනපහ බෝතල් එහෙම අල්ලන්න එපා. අත පිහිදාගෙන ඉන්න .

 

* උයන්න අවශ්‍ය වෙන දේවල් එකපාරට ෆ්‍රිජ් එකෙන් එළියට ගන්න. ෆැන්ට්‍රි ටොප් එකට අවශ්‍ය දේවල් ගන්න .

 

* එකම හැන්දෙන් ඔක්කොම ව්‍යාංජන හැඳි ගාන්න එපා. හැඳිවෙන වෙනම තියාගන්න

හැදි දාන්න භාජනයක් ලිප ළඟින්ම තියන්න. වළං උඩ ,ෆැන්ට්‍රි එක උඩ ඉඳුල් හැඳිතියන්න එපා .

 

* මිරිස් කුඩු බදිනවා නම් ලුණු කුඩු ටිකක් එකතු කරන්න. මිරිස් සැර දැනීම අඩු වෙනවා .

 

* කරවල උයනවා නම් අනිත් ලිපේ වතුර එකක් පියන ඇරලා උණු කරන්න. කරවල සුවඳ ගේ පුරා යෑම අඩු වේවි.

 

* පිහි වර්ග කිහිපයක් තියාගන්න. ඒක පහසුවක්. මස් මාළු කපන්න කලින් පිහිය මැදලා ගන්න.

 

* Cutting bord දෙකක් වත් තියාගන්න. මස් මාළු කපන්න වෙනම එකක් තියෙන එක හොඳයි. cutting bord සෝදලා වේළගන්න.

 

* තුනපහ බෝතල් නිතරම පුරවන්න. ඒවා

නිතරම සොලවා තියන්න.

 

*ශොපින් කවර කඩෙන් ගේන ප්‍රමාණය හැකි තරම් අඩු කරන්න. කඩේ යද්දි ලොකු බෑග් එකක් ගෙදරින් අරන් යන්න පුළුවන් නම්.

 

* එදිනෙදා කුණු එකතු කරන්න. ඒවා වෙන්

කරන්න. නිසියාකාරව බැහැර කරන්න.

 

* භාජන සෝදන්න භාවිත කරන ස්පොන්ච්

කෑලි වගේ දේවල් වැඩිපුර තියාගන්න .

පරණ ඒවා අයින් කරන්න.

 

*ගොරකා, සියඹලා වගේ දේවල් මැටි හෝ

වීදුරු භාජනවල දාලා ලුණු කැට එකතු කරලා තියන්න. මෙලෙක් වෙනවා වගේම නරක් නොවී කාලයක් තියාගන්න පුළුවන්.

 

*තේ කොළ බෝතලයට එනසාල්, කරාබු

නැටි දාන්න.

 

* සීනි බෝතලයට කරාබුනැටි දාන්න.

කූඹි බෝවෙන එක නවතිනවා.

 

* පරිප්පු වගේ ඇට වර්ගවලට ගුල්ලො

ගහනවාට කරාබුනැටි දාන්න. පුළුවන් තරම් මාසෙකට අවශ්‍ය ප්‍රමාණය විතරක් ඒ වගේ දේවල් ගේන්න.

 

* කුරක්කන් පිටි, කෝන් පිටි වගේ දේවල්

ෆ්‍රිජ් එකේ දාලා කල් තියාගන්න පුළුවන්.

 

* හාල් බෑග් එකට වියළි මිරිස් කරල් , කුරුඳු, රම්පෙ, කරපින්චා, දෙහි කොළ වගේ දේවල් එකතු කරලා තියන්න.

 

* උයලා ඉවර වුණාම භාජන සෝදා වේළලා තියන්න.

 

* උයන්න ගන්න භාජනවල අඩු හෙලවෙනවා නම් එවෙලෙම ස්කුරුප්පු නියනෙන් තද කරන්න. නියන් වර්ග කිහිපයක් කුස්සියෙ තියාගන්න.

 

* සින්ක් එක සතියකට දින කිහිපයක් බේකින් සෝඩා, විනාකිරි දාලා සෝදන්න.

 

* බ්ලෙන්ඩර් වගේ විදුලි උපකරණ මතුපිට

පැල්ලම් යවන්න බේකින් සෝඩා, විනාකිරි,

ටූත් පේස්ට් මිශ්‍රණය පාවිච්චි කරන්න.

 

* සින්ක් එකේ බටය සුද්ධ කරන්න.

බේකින් සෝඩා දාලා උණුවතුරවත් කරන්න.

* පැන්ට්‍රි කබඩ් ඇතුළට ලාච්චුවලට කපුරු දාන්න. මාසෙකට සැරයක් කපුරු අලුත් කරන්න. කැරපොත්තෝ නැති වෙනවා.

 

* පැන්ට්‍රි ටොප් එකේ කුස්සියෙ මැස්සෝ

ඉන්නවා නම් ලුණු වතුර ගාන්න. පිරිසුදු කිරීම් නිතරම කරන්න .