වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
යාදෙන නිවෙසට පස්මහ බැලුම්
දෝෂ නොවී ලස්සන නිවෙසක් සාදා ගැනීම යනු අප හැමදෙනාගේම එක් බලාපොරොත්තුවක්. නමුත් බොහෝ දෙනා වාස්තු විද්‍යාව පැත්තෙන් දන්නේ සාම්ප්‍රදායිකව සිදු කරන කටයුතු කීපයක් ගැන පමණයි.
කරුණු එකක් දෙකක් පමණක් දැනීමෙන් හා කටයුතු කිරීමෙන් වාස්තු විද්‍යාව අතින් නිවැරැදි ගෘහයක් කිසිසේත්ම බිහිවෙන්නේ නැහැ. වඩාත් විධිමත් විශාල පරාසයක පවතින කරුණු ඔස්සේ දෝෂ නිවරණයෙන්, ඉතා නිවැරැදි සහ ශාස්ත්රානුකුලව ඉදිකළ නිවෙසක සුවපහසුව - අසිරිය විඳින්නට ඔබටත් හැකි වේවි.
නිවෙසක් ඉදිකිරීමේදී ගැටලු ඇතිවෙන තැන් ප්‍රධානවම අංශ පහක් ඔස්සේ පවතී.
01. නිවෙසක් නිර්මාණයේ දී වූ දෝෂ
02. ආරම්භයේ දී හා ඉදිකිරීම් කාලයේ දී වූ දෝෂ
03. පරිසරයේ සහ නිවෙසින් බාහිරව සිදුකරගත් දෝෂ
04. නිවැසියන්ගේ චර්යා රටා දෝෂ
05. වෙනත් කෙනකු සිදුකළ දෝෂ (අනියම් දෝෂ)
නිවෙසකට ප්‍රධානවම බලපාන දෝෂ කාණ්ඩ පහේ විස්තර කෙබදුදැයි දන ගැනීම ඉතා වැදගත්.
නිවෙසක් නිර්මාණය කිරීමේ දී සිදු වූ දෝෂ (සැලසුම් දෝෂ)
නිවස නම් වූ සංවෘත පද්ධතිය තුළ සැලසුම් අවස්ථාවේ දී සිදු වූ දෝෂයන් මේ යටතට වැටේ. දිශාවන් අනුව නිවෙසේ අංග නො ගැළපීම, වර්ගඵලය වැරැදීම, ද්වාර සටහන් දෝෂ, මධ්‍ය සහ මර්ම රේඛාවන්හි වැරිදි පිහිටීම් සහ වැරිදි ඡේදනය වීම ආදී බොහොමයක් දේ මෙයට ඇතුළත් වේ. සැලසුම් අවස්ථාවේ දී ම නිසි පරිදි මෙම දෝෂ ඇති නොවන සේ කටයුතු කිරීමයි විය යුත්තේ.
ආරම්භයේ හා ඉදිකිරීම් කාලයේ දී වූ දෝෂ
නිවෙසක වැඩ කටයුතු ආරම්භයේ දී සිදුකළ යුතු චාරිත්‍ර වාරිත්‍ර විධි තිබේ. එම කටයුතු නිසි පරිදි නොකිරීමත්, ගෘහය සාදාගෙන යන අවස්ථාවේ දී තාක්ෂණික හා ශ්‍රමදායක යන අංශවලින් වැරැදීම් ආදියත් මේ යටතට ගැනේ.
(a) නිවෙසේ වැඩ කටයුතු ඇරැඹීමට කලින් සිදුකළ යුතු ඉඩම ශුද්ධ පවිත්‍ර කිරීම් සිදු නොකිරීම, නැකැත් චාරිත්‍ර ඉටුනොකර වැඩ ඇරඹීමේ දී සිදුවන දෝෂ තත්ත්වය හෝ නැකැත් වැරැදීම, නුසුදුසු තැන්වල මුල් ගල් තැබීම මඟින් සිදුවන දෝෂයන්.
(b) ගෘහණිය ගැබිනියකව සිටින කාලයක දී හෝ නුසුදුසු කිලි ආදියට නිවැසියන් ලක්වන අවස්ථාවක දී ඉදිකිරීම් කටයුතු සිදු නො කළ යුතුයි.
(c) නිවෙස ආරම්භක දිනයේ දී දකින දෝෂමය පෙරමඟ සලකුණු මත වැඩ කටයුතු අඩාල වීම.
(d) නිවෙසේ වැඩ පටන් ගත් නැකැත් අවස්ථාවක දී නූල, කුඥ්ඥය හෝ භාවිත කරන ආයුධ කැඩී යාම, පහන් පැල් ගිනි ගැනීම
ආදියත් නුසුදුසු දේවල්. නො සැලකිලිමත්කම, පෙර සූදානමක් නැති වීම ආදී කරුණු මත ද මේවා සිදුවිය හැකි නිසා කරන
කාර්යය පිළිබඳ නිසි අවධානයෙන් කටයුතු කිරීම මෙහිදී ඉතා වැදගත්
උපදෙස්
සිවිල් ඉංජිනේරු,වාස්තු විද්‍යා විශාරද,ආචාර්යගයාන් එරමුදුගොඩ
2019/12/23 තරුණි බලන්න