වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
ගෙදර වතුර ටැංකියේ සැඟවුණු මාරයා
අනාදිමත් කාලයක සිට අපි ළිඳෙන්, ඇළෙන්, වැවෙන් නැවුම් ජලය ගෙන පරිභෝජනය කළ ශිෂ්ඨාචාරයක් පැවති දේශයකි.
නාගරීකරණයත් සමග අපට නළ ජලයෙන් සැනහෙන්නට සිදුවිය.
ඒ සමඟ ම ජලය ගබඩා කර ගැනීම සඳහා ගබඩා ටැංකි වල අවශ්‍යතාව ද මතු විය.
ජතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් හෝ ප්‍රජා ජල ව්‍යපෘති මඟින් මෙන්ම බවුසර් මගින් ලබාදෙන ජලය ගබඩා කිරීමේ අවශ්‍යතාවක් මතුවිය.
මේවා පොළොව තුළ භූගත ටැංකියක (sump) හෝ ඉහළ ස්ථානයක සකස් කළ උඩිස් ටැංකියක (over head tank) ගබඩා කළ යුතුවිය.
අප මුලින්ම සඳහන් කළ සැඟවුණුු මාරයා වර්ධනය වන්නේ මේ තුළය.
කුමන ජල මූලාශ්‍රයෙන් ජලය ලබාගත්ත ද එම ජලයෙහි ඇසට නොපෙනෙන ඉතා කුඩා මඩ අංශු අන්තර්ගත වේ.
මෙය නළ ජලයේ වුවද ඒ ආකාරයෙන්ම පවතී.
මෙය ඉතා හොඳින් නිරීක්ෂණය කළ හැකි අවස්ථාවකි, ජල නළ ඇතුළත මලකඩ මෙන් තට්ටු වශයෙන් මඩ තැන්පත් වීම. මෙවැනි අවස්ථා අප අනන්තවත් දැක ඇත.
මෙම ජලය ඉහත කී ජල ටැංකිවලට ගබඩා කර තැබීමෙන් පැය කීපයක් හෝ දින කීපයක් තැබීමෙන් ඒවා ක්‍රමයෙන් පතුලේ ස්ථර වශයෙන් තැන්පත්වේ.
වසර ගණන් පැරැණි වීමත් සමඟ මේවා විවිධ සංයෝග බවට පරිවර්තනය වේ.
ජල පවිත්රාගාරවලදී ජලයට ක්ලෝරීන් වසබීජ නාශකයක් ලෙස යෙදුවද මෙහි බලපෑම දින කීපයකින් මැකී යයි.
එම ජලයෙත් අනෙකුත් ඕනෑම ඇල්ජලයක වුවද අනන්තවත් බැක්ටීරියා වෛයිරස්, දිලීර, ඇල්ගී සිටීමට අවශ්‍ය පරිසර තත්ත්වයන් ඉතා හොඳින් සපයා ඇත.
ඉහත කී මඩ තට්ටු මේවාට ඉතා හොද පෝෂණ මාධ්‍යක් සපයා දෙයි.
උපදෙස් : ජල නළ කාර්මික උපදේශක
(ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය)
අජන්ත කාරියවසම්
2020/07/08 තරුණි පුවත්පත බලන්න.