වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
කිළිටි ඇඳුම්වලින්, සපත්තු සෙරෙප්පුවලින් ගෙනෙන අසුබ දෝෂ
කාන්තාවක් වූ ඔබට ෆෙංෂුයි ශාස්ත්‍රය පිළිබඳ යම් අවබෝධයක් දැනට ඇති බව මම විශ්වාස කරනවා. ඒ වගේම ඒ ශාස්ත්රයේ ඇති සරල සුන්දර බව ඔබ වඩාත් අධ්‍යයනය කර ඇතැයි කියන විශ්වාසයත් මට තිබෙනවා.
මොකද මම එහෙම කියන්නෙ මට ලැබෙන දුරකථන ඇමතුම් නිසයි.
ඉතින් ෆෙංෂුයිවලින් මුලින්ම කියල දෙන්නෙ තමන්ගෙ ගෙදර මුලින්ම පිරිසිදු කරගන්න හැටි. මම පසුගිය සතියෙත් මේ පිළිබඳ ඔබ දැනුවත් කළා. අද අපි තවදුරටත් ඒ ගැන කතා බහ කරමු.
තනි වුණු කාමර
ඔබගේ නිවෙසේ තනි වෙලා පාළුවට ගිය කාමර තිබේනම් ඒ ගැන ඔබ යමක් කළ යුතුයි. එවැනි කාමරවලින් පිළිබිඹු වන්නේ අඳුරු ස්වභාවයක්.
හිස් බවක්ද ප්‍රකාශ වෙනවා.
ඒ කාමරවල තිබෙන්නේ අසන්තෝෂය. ඒවගේම පීඩාකාරී ගතියකුත් තිබෙන බව ඔබටම දැනේවි. ගබඩා කාමර ද මේ වගේ තත්ත්වයකට පත්වෙන්න පුළුවන්. අසුබ ශක්තීන්ගෙන් ද මේ කාමර පිරෙන්නට ඉඩ තිබෙනවා.
මොකද එයින් වහනය වෙන්නේ පාළුව සහ අඳුර නිසා.
ඒවායේ ශක්තිය වඩාත් බර වුණාම, එය පොළොව සහ බිත්ති වෙතද පැතිර යනවා. ඊළඟට සිදුවෙන්නෙ, ඉහළින් සහ පහළින් ඇති කාමරවලටත් මේ අසුබ ශක්තිය පැතිර යන්න තිබෙන ප්‍රවණතාව වැඩිවීමයි.
මෙම අසමබරතාව නිවැරැදි කිරීම සඳහා තිබෙන ස්ථිර විසඳුම නම්, ඒ කාමරවල තිබෙන සුන්බුන් වෙතොත් ඒවා ඉවත් කිරීමයි.
අවහිරකම් ඉවත් කරලා, අලුත් දීප්තිමත් ආලෝකයක් පිහිටුවලා අලුතින්ම ඒ කාමරවල තීන්ත ගාන්න. ඒ කාමරවල තිබුණු බඩු බාහිරාදිය වෙනස්ම විදියකට ඇසිරීමෙන් ඔබේ සිතටත් සහනයක් දැනෙන්න පුළුවන්.
ඔබ ඔබේ නිවෙස වටහා ගත යුතුයි. නිවෙසට ඇහුම්කන් දිය යුතුයි.
කිළිටි ඇඳුම්වලින් සහ සපත්තුවලින් පිරුණු නිදන කාමරය
2019/03/20 තරුණි පුවත්පත බලන්න.