වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
හැඩකාර නිය කියන රහස්

වර්තමාන වෛද්‍ය විද්‍යාෙව්දී නිය පරීක්ෂා කිරීම සිරුරේ පවතින ස්වභාවයන් සහ ලෙඩරෝග හඳුනා ගැනීමට ද නිශ්චය කිරීමට ද වෛද්‍යවරුන් භාවිත කරන බැව් දක්නට ලැබේ. නිය පිළිබඳ හස්ත රේඛා විද්‍යාෙව් පරිකල්පනය ද ගොඩනැඟී ඇත්තේ ඊට සාපේක්ෂ වූ අයුරකිනි. මෙහිදී කෙරෙන්නේ අද දවස තුළින් හෙට දවස දකින්නට සහ ඒ පිළිබඳ අනුමානයන් හෙළිදරව් කරන්නට උත්සාහ දැරීමයි.
1. චතුරඝ්‍රාකාර නිය
2. ත්‍රිෙකා්ණාකාර නිය
3. කෝණාකාර නිය
4. ඝටාකාර නිය
5. ගෝලාකාර නිය
චතුරස්‍රාකාර නිය
චතුරස්‍රාකාර වූ නිය පිහිටි යම් පුද්ගලයෙකු වේ ද හෙතෙම තීක්ෂණ ඥානයක් හා ක්‍රියාකාරී වූද කාර්යශුර වූ ද චරිතයක් ඇති අයෙකි. ඔවුහු සමාජයේ කැපීපෙනෙන ප්‍රසිද්ධියට පත්වීමේ භාග්‍ය උරුමකර ගන්නා වූ වහා වැටහෙන නුවණක් සහිත වූ අය වෙති. කුමන කටයුත්තකදී වුවද බෙහෙවින් තර්කානුකූල ලෙස සිතාබලා හදවතට නොව බුද්ධියට එකඟව තීරණ ගනිති. ඔවුන් ක්ෂණිකව ගත් තීරණයක් වුවද බොහෝ කොට දූරදර්ශීව කල්පනා කර බලා ගත් තීරණයක් සේ ඵලදායක වෙයි.
අන්‍යයන් කියූ පමණින් ද පොතක පතක හෝ ඇසූ දුටු පමණින් ද ඔවුහු තීරණ නොගනිති. ඔවුන් මනා ලෙස පරීක්ෂා කොට බලා තම අත්දැකීම තුළින් තීරණවලට එළඹෙති. එහෙත් තම නිගමනයන් පිළිබඳව කරනු ලබන නිරීක්ෂණ යළිත් පරීක්ෂා නොකිරීම ඔවුන්ගේ සිරිත වෙයි. එබැවින් යම් තීරණයක් සඵලතාවයෙන් අඩුවීමට වුවද ඉඩ අැති නමුත් එම කාර්යය කෙසේ හෝ සඵල කර ගැනීමට උපක්‍රමශීලී ඥානයක් ඔවුනට උපතින් පිහිටා ඇති බැවින් අසාර්ථක මිනිසුන් නොවෙති.
ආත්මාභිමානයත්, ආත්ම ශක්තියත් ප්‍රබලව නැඟී සිටින බැවින් සතරැස් නිය හිමියෝ ප්‍රසිද්ධියට පත්වන නමුත් ජනප්‍රිය පුද්ගලයින් වන්නේ කලාතුරකිනි. ඔවුන්ට නිතර සතුරන්ට සහ යටි උඟුල්කරුවන්ට මුහුණ දීමට සිදුවෙයි.
ගෘහ ජීවිතය හෘදයාංගම අයුරින් නොව නීත්‍යනුකූල අයුරින් ගතකරති. කළ යුතු සියලු පහසුකම් ඉටු කිරිමට උනන්දු වෙති. අදහස් ප්‍රකාශ කිරීමේ දක්ෂ වුවද ඇතැම් විට මත ප්‍රකාශ කිරිමේදී රළු බවක් දක්වති. සිතෙහි කිසියම් උඩඟු ස්වභාවයක් පවතින බැවින් මත ප්‍රකාශ කිරිමේ දී අන්‍යයන් ගැන නොතකා නිර්භීතවම එම ප්‍රකාශ ඉදිරිපත් කරති. ඔවුහු බොහෝ විට සාර්ථක ජීවිත ගතකරති.
ත්‍රිෙකා්ණාකාර නිය
මනඃ කල්පිත ලෝකයක ජීවත් වන්නාවූ ත්‍රිෙකා්ණාකාර නිය හිමියන් සංවේදී හදවතකින් ද නිතර සෘණාත්මක සිතුවිලිවලින් ලබන පීඩාවන් නිසා ස්ථිරසාර ජීවිතයක්ගත නොකරන්නා වූ ද අය වෙති. පිරිමියෙකු වූව ද ගැහැනියක වූව ද ත්‍රිකෝණාකාර නිය පිහිටා ඇත්තේ වී නම් ස්ත්‍රී ගති ලක්ෂණ සහිත පුද්ගලයෙකු වන අතර නිතර අන්‍යයන් සැනසීමට භාජනය කරමින් තනිව තෘප්තවීමේ ක්‍රමවේදයන් අනුගමනය කරති. එසේම මෙවැනි නිය පිහිටි ගැහැනියක වූවද පුරුෂයකු වුව ද ඇසුරට පෙළඹෙන්නේ තරුණ යුවතියන් සමඟ බැව් ශාස්ත්‍රීය නිගමනයයි.
කලාත්මක වූද, සියුම් සංයමයකින් යුක්ත වූද පදනමක් ඇති බැවින් එවැනි කටයුතු කෙරේ සුවිශේෂ බවක් දක්වයි. ඇඳුම් මැසීම, සෙල්ලම් බඩු නිර්මාණය සහ අලෙවි කිරීම, චිත්‍ර ශිල්පය, අරුමෝසම් බඩු සම්බන්ධ වෘත්තීන් වැනි දේට පෙළඹෙන්නා වූ මොවුහු නිබඳවම අාදර සම්බන්ධතාවලට යොමුවන බැවින් ඒ පිළිබඳ ගැටලු බොහොමයක් මතුකර ගනිති.
අන්‍යයන් කෙරෙහි පමණ ඉක්මවා විශ්වාසය තබති. බොහෝ විට නොදරුවන් සේ අන්‍යයන්ගේ බහට අවනත වෙති. රැවටෙති. ලෝකයේ දයාව ද අනුකම්පාව ද නිබඳවම බලාපොරොත්තු වෙති. නොලද තැන ඇතැම් විට මවාගත් මුරණ්ඩු බවකින් යුක්තව හැසිරෙයි.
කෝණාකාර නිය
සියුම් තැන්පත් බුද්ධියකින් ද සංවේදී හදවතිකින් ද යුතු කෝණාකාර නිය හිමියන් බොහෝ විට අන්‍යයන් වෙනුවෙන් අනුකම්පාව, දයාව දක්වන්නා වූ හදවත්වලින් යුක්ත වෙති. එසේම අන්‍යයන්ගේ සිත් හඳුනා ගැනීමේ සුවිශේෂ උපන් හපන් කමක් සහිත බොහෝ විට අන්‍යයන්ගේ දුක හමුවේ තම සැප පහසුකම් පවා නොතකමින් පරිත්‍යාශීලී අයුරින් කටයුතු කරති. අන්‍යයන්ගේ ගෞරවය නොව අාදරය නිබඳ ප්‍රාර්ථනා කරති.
මිල මුදල්වලට වඩා කීර්තියත්, ජනප්‍රියභාවයත්, තාන්න මාන්න ආදියත් බලාපොරොත්තු වන කෝණාකාර නිය හිමියන් සරාගී සිතුවිලිවලින් යුක්ත වෙයි. පුරුෂයෙක් නම් වැඩිපුර ස්ත්‍රී සමාගමට ද, ස්ත්‍රියක් නම් පුරුෂ සමාගමට ද නැඹුරුවන බව හස්ත රේඛා විද්‍යාවේ දී පැහැදිලිව දක්වා තිබේ. ලද දෙයින් සතුටු වන්නටත්, නොලද දේ පිළිබඳව සිහින මවමින් මානසිකව තෘප්ත වීමටත් පෙළඹෙන මොවුන් උපන් හපන්කම් නිසි ලෙස වර්ධනය කරගතහොත් කලා ක්්ෂේත්‍රයේ හෝ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ උසස් තත්ත්වයකට පත්වීමේ භාග්‍යය උරුම කරගත්තවුන් වේ.
සංගීතඥයින්, ලේ්‍ඛකයින්, චිත්‍ර ශිල්පීන් වැනි සුවිශේෂ පුද්ගලයන් බවට පත්වීමේ හැකියාව ඇති කෝණාකාර නිය හිමියෝ ප්‍රිය තෙපුල් ඇත්තෝය. පියකරු ගති සිරිත් ඇත්තේය. හැඩ රුව තිබුණද නොතිබිණ. ද අන්‍යයන්ගේ සිත් තමන් වෙත යොමුකර ගැනීමට ද අන්‍යයන්ගේ සිත් ඔවුනට නොදැනුවත්වම පැහැර ගැනීමට මනා සමතුන් වෙති.
ඝටාකාර නිය
මෙවැනි නිය පිහිටි බොහොමයක් දෙනා ඉංජිනේරු ශිල්පීන්, කාර්මික වැඩ කටයුතු කරන්නන්, පරිගණක ආදිය ක්‍රියාකරවන්නන් වැනි වෘත්තීන්හි නිරතවෙති. සුවිශේෂ කාර්මික ඥානයකින් යුතු මොවුන් ඉතා සියුම් ලෙස සිතන පතන, ඉවසිලිවන්ත වූ එමෙන්ම ක්‍රියාකාරී පුද්ගලයන් බව කිය වේ.
තමන් භාරගත් කටයුත්ත නිවැරදිව, සාර්ථකව අවසානය දක්වා කරගෙන යාමට ශක්තියක් හා ධෛර්යයක් ඇති මොවුහු කිසියම් රටාවකට හුරුව වැඩ කටයුතු කිරීමේ හැකියාවකින් යුක්ත අය වෙති.
තමන් උගත් දේ නිවැදිව ක්‍රියාත්මක කිරීම මිස එයින් නව මාර්ගයකට යොමුවීමට ඔවුන් උත්සාහ කරන්නේ ද නැත. තම දක්ෂකමත්, පළපුරුද්දත් කෙරේ විශ්වාසය තබන මොවුහු ජීවිතයේ ඒකාකාරී බවින් කිසි විටෙක ළතැවිල්ලකට පත් නොවෙති. ඒ ඒකාකාරී බවම ජීවිතය කොට ගනිති. ඒ අනුව බලන කල ඝටාකාර නිය පිහිටා ඇත්තන් කිසියම් රාමුවක් තුළ පමණක් ක්‍රියාකාරී වන පිරිසක් බැව් කිවයුතු වේ.
ජීවිතය පිළිබඳ ගැඹුරු සිතිවිලි ඔවුන් තුළ නොවේ. ඒ පිළිබඳව කතාබහ කිරීමට පවා නොකැමැති වේ. ලැබූ දැනුම උසස් කොට සලකන අතර නව දැනුම ලබා ගැනීමට ඔවුහු කිසිසේත්ම එකඟ නොවෙති. ඒ අනුව බලන විට කිසියම් දැඩි පිළිවෙතක් අනුගමනය කරන පිරිසක් ලෙස මොවුන් හඳුන්වා දීමට ද හැකිවේ. යහපත් ශරීර සෞඛ්‍යයකින් යුතුව සිටින ඝටාකාර නිය හිමියන් ආත්මාර්ථකාමී ස්වභාවයකින් යුතු වේ. තම සැප පහසුකම් දූ දරුවන් වෙනුවෙන් වුවද කැප කිරීමට ඔවුහු එකඟ නොවෙති.
ගෝලාකාර නිය
දාර්ශනික අදහස් සහිත ලෞකික ජීවිතයට වඩා ලෝකෝන්තර සැප පිළිබඳව උනන්දුවක් දක්වයි. ගෝලාකාර නිය පිහිටා ඇති පිරිස සමාජයේ බුද්ධිමතුන් ලෙස කැපී පෙනෙන එහෙත් කිසිඳු විටෙක ප්‍රසිද්ධභාවයට මිස ජනප්‍රියභාවයට පත් නොවන පිරිසක් වේ.
තම මතය ගරු කරමින් කටයුතු කරන බැවින් ද අන්‍යයන්ගේ මත පමණක් නොව අන්‍යයන් පවා සිත යටින් හෙළා දකින්නා වූ මොවුහු අහංකාර ස්වභාවයක් දක්වයි. නීතිගරුකව ජීවත්වීම අගය කරන ගෝලාකාර නිය හිමියන් සමාජයට සුවිශේෂ මෙහෙයක් ඉටු නොකරන නමුත් සමාජයීය පැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය පිරිසක් වෙයි.
වැරැද්දක් දුටු තැන නිර්භයව එම වැරැද්ද පෙන්වා දෙන්නට ද යමෙක් අගතිගාමි ක්‍රියාවක් කරන්නේ නම් වහාම ඊට විරුද්ධ වන්නට ද පෙළඹෙන මොවුහු කවුරු විරුද්ධ වේද ඉන් තමාට අවාසියක් වේද යන්න කිසිදු විටෙක නොසලකා නිර්භයව ක්‍රියා කරති. මේ නිසාම ඇතැම් විට සතුරන් හදා ගනිති. එහෙත් ඒ පිළිබඳව මඳකුදු සිතන්නට හෝ පසුතැවිලි වන්නට නොපෙළෙඹෙති.
ගෝලාකාර වූ කෙටි නිය ඇත්තන් බොහෝ විට ආක්‍රමණශීලී වෙති. කිසියම් ගැටලුවක් විසඳාගත නොහුණු තැන වචනයෙන් පමණක් නොව අතින් පයින් වුවද ක්‍රියා කරන්නට මැලි නොවෙති. හිත මිත්‍රයන් වුවද අඹු දරුවන් වුවද මෙවැනි අවස්ථාවක ඔහුගේ දයාවට පාත්‍ර නොවේ. නීතිය නීතිය ලෙස ද යුක්තිය යුක්තිය ලෙස ද යමෙක් පිළිනොගනී නම් ඊට එරෙහිවීම තම යුුතුකම සේ සිතන්නට ගෝලාකාර නිය හිමියන් කිසිදු විටෙක පසුබට වන්නේ නැත.
සාමාන්‍යයෙන් සමාජයෙන් අෑත්ව හුදෙකලාව දිවිගෙවීමට කැමැති ඔවුහු ජිවිතය පිළිබඳ පුළුල් අවබෝධයක් ඇත්තන් වන අතර එම දැනීම ම ඔවුන් රළු බවට පත්කරන්නක් වෙයි. ආගමට දහමට ගරු කරන නමුදු එහි අැලීගැලී කටයුතු කරන්නෙකු නොවේ. ඒ පිළිබඳව වුව ද විචාර බුද්ධයකින් යුතුව විවේචනය කරන්නට ඔහු ඇතැම් විට පෙළඹෙයි. ජීවිතය විනිවිද දැක සත්‍ය ග්‍රහණය කර ගැනීම ඔහුගේ ක්‍රියාමාර්ගය ලෙස දැක්විය හැකිවේ.
වහා කිපෙන සුළු ගති ලක්ෂණ සහිත වුව ද එලෙසින්ම වහා නිවී යන සුළු ගතිලක්ෂණ ද ප්‍රකට කරයි. ඇතැමෙක් තරහ නිවී ගිය පසු තැවිලි වන නමුදු මොවුහු කිසිවිට පසුතැවිලි නොවෙති.
“මට පව් කියල හිතෙනවා. ඒත් ඉතින් එයා කළේ වැරැද්දක් තමයි. එයා ඒවා විඳින්නත් ඕනෑ.“
ගෝලාකාර නිය හිමියන්ගේ පශ්චාත් විමර්ශනය එබඳු වෙයි. සෙනඟ ගැවසෙන ස්ථානවල සැරිසරන්නට ඔවුහු දැඩි සේ අකමැති වෙති. යුතුකමක් ලෙස වුවද එවැනි තැනකට ඔවුන් යන්නේ යමෙක් ඇවිටිලි කළහොත් පමණි. හැකි තරම් මඟ හරිමින් තම සිතිවිලි අතර රැඳෙන්නට උත්සාහ කරයි.
කරන කුමන කටයුත්තක් වුවද කලින් සැලසුම් කරයි. ඇතැම්විට සැලසුම් මිස ක්‍රියාකිරීම් නොමැති වන්නට ද ඉඩ අැත. මන්ද යත් මෙම නිය හිමියෝ විටෙක ක්‍රියාශීලි වුව ද විටෙක දැඩි අලස බවක් දක්වති. මඳ වශයෙන් ආහාර අනුභව කළ ද මොවුහු ශක්ති සම්පන්න සිරුරින් යුතු වෙති.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ගුප්ත විද්‍යා ආචාරිණී
නිරංගා බාලසූරිය
රූ රටා - නිලක්ෂි ආරියරත්න