ජ්‍යොතිෂය ගැටලු හා වාස්තු විද්‍යාව

ජූලි 8, 2024

 

සුවහසක් තරුණී පාඨකයන්ගේ අපේක්ෂාවන් හා ඉල්ලීමක් ඉටු කරමින් අපි ඔබට අගනා වටිනා අවස්ථාවක් උදාකර දෙමු. අපගේ පාඨකයන් නිරතුරුවම ඉල්ලා සිටියේ ඔවුන්ගේ දහසක් බාධක හා ගැටලු සඳහා ‍ෙජ්‍යාතිෂයෙන් සහනයක් ලබා දෙන ලෙසයි. එම අපේක්ෂාව හා ඉල්ලීම එලෙසින්ම ඉටු කරමින් අප ඔබට සුවිශේෂි ‍ෙජ්‍යාතිෂය ගැටලු විසඳීමේ පාඨක තීරයක් මෙලෙසින් ආරම්භ කරමු.

මේ සඳහා එක් ක්‍රමයක් වන්නේ තැපැල් මඟින් ඔබගේ හඳහනේ පිටපතක් සමඟ ඔබේ ගැටලුව යොමු කිරීමයි. නැත්නම් අපගේ Whatsapp අංකයට නම සහ ලිපිනය සමඟ හඳහනේ පිටපතක් යොමු කිරීමයි. එසේ යොමු කරන ජන්ම පත්‍ර පිටපත චන්දන සතරසිංහ මහතාට යොමුකර ඒ සඳහා පිළිතුරු අප තරුණී පුවත්පතේ පළ කරමු. ඔබගේ පෞද්ගලිකත්වය හා රහස්‍යභාවය ආරක්ෂාකර ගැනීම සඳහා අන්වර්ථ නමක් හෝ ලිපිනයක් යොදා ගැනීමට ද ඔබට හැකියාව තිබේ.

අපගේ ලිපිනය,

ජ්‍යොතිෂ ගැටලු

තරුණී

ලේක්හවුස්.

කොළඹ - 10

එසේත් නැතිනම් ඔබගේ ගැටලුව 0715927752 දුරකතන අංකයට whatsapp කරන්න.

 

විවාහය ප්‍රමාදයි

 

මාගේ විවාහය දවසින් දවස කල් යයි. එයට හේතුව කුමක්ද?

පන්නිපිටිය - චතුරිකා

 

ඔබගේ උපන් හඳහනට අනුව විවාහයට බලපාන දෝෂ බොහොමයක් ඇත. එමෙන්ම මේ ගෙවෙන්නේ සෙනසුරුගේ මහ දශාවේ රාහු අතුරු දශාවයි. අධි ධාවනකාරී අදහස් මතුවන කාලයකි. විවාහයේ අවශ්‍යතාව වැඩියෙන්ම දැනෙන කාලයක් වෙයි. එනමුත් මෙම කාලයේ විවාහය සිදුවූවත් පවත්වාගෙන යෑමට නොහැකි වනු ඇත.

මේ වනවිට සබඳතා කිහිපයක් කැඩී ඇති බව සඳහන් කළ හැකියි. එබැවින් හදිසි නොවන්න. 2025 මැයි මාසයෙන් පසු තම හඳහනට අනුව යෝජිත විවාහයක්කර ගන්න. තිබෙන දෝෂ මඟහැරීම සඳහා සෙනසුරාදා දින හතක් බෝධි පූජා පවත්වා, විෂ්ණු දෙවියන්ට භාර වී ශිව පාර්වතියට ද භාර වන්න.

 

ජීවිතයේ සතුට

 

ජීවිතයේ කිසිම දිනක සතුටක් ලබා නොමැත. කනස්සල්ල පමණකි. එයට හේතුව කුමක්ද?

මහියංගණය - සෝමරත්න

 

ඔබට ලෞකික ජීවිතය සුදුසු නැත. ලෝකෝත්තර සුවය සොයන පැවිදි දිවිය උපතින්ම පෙන්වයි. බොහෝ විට පැවිදි වී සිට උපැවිදි වූ අයෙකු විය හැකියි. ඔබගේ ජීවිතයම කාන්තාවන් නිසා බොහෝ ආපදාවන්ට මුහුණ දෙයි. බොහෝ ප්‍රවේශම් වන්න. හැකිනම් පැවිදි දිවියට ඇතුළුවන්න. ගිහි ජීවිතයේ සියලු දේ කනස්සල්ලට පත්වන කරුණු වේ.

 

අසාර්ථක විවාහ

 

මා හට විවාහයක් සාර්ථක නොවේ. හමු වූ සහකාරයා ද නොගැළපෙයි. හේතුව කුමක්ද?

කිතුල්ගල - කුමාරි

 

ඔබගේ සිකුරු ග්‍රහයා හත්වැනි කොටුවේම පාප ග්‍රහයන්ට මැදිව පිහිටයි. එබැවින් හැමදාම විවාහය සිහිනයක් බැවින්, මේ වනවිටත් විවාහ දෙකකට වැඩි ප්‍රමාණයක් අසාර්ථකව ඇති බව පෙනේ. කෙසේ වෙතත් කිසිම දිනක පිරිමියෙකුගෙන් සෑහීමකට පත්විය නොහැකි බව සඳහන් කරමි. එම නිසා නැවත විවාහයක් හෝ සම්බන්ධතාවක් ආරම්භ කරන විට හොඳින් සිතා බලා කටයුතු කරන්න. විවාහ නොවී සිටීම වඩාත් සුදුසු බව සඳහන් කරමි. සෑමදෙයක් ගැනම අනන්තයට සිතීම උත්පත්තියෙන් ලැබූ දුර්වලකමකි. ඒ නිසා සෑම දෙයක් ගැන සැහැල්ලුවෙන් සිතන්න. හැමදේම තමන්ට උරුම ලෙස සිදු නොවන බව සිත තබාගන්න.

 

ඉදිරි අනාගතය

 

මා හට ඉදිරි අනාගතය සුබ වේද? විවිධ බාධක රැසක් දැනට පවතී.

හැටන් - මීනප්පි චෙල්වම්

 

ඔබගේ හඳහනට අනුව මේ වනවිට විදේශගත වී හෝ විදේශ පදිංචිය හෝ සබඳතා පවත්වන අයෙකු බව පෙනේ. ඔබට ආර්ථික අපහසුතා නොමැත. ලැබීම් තිබේ. අන් අයගේ වස්තුව, ලොතරැයි ජය, මහපොළොවෙන් මතුවන නිධාන, මැණික් ලාභ පවතී. මේ වනවිටත් කෙසේ හෝ අන් අයගෙන් ලැබෙන සම්පතක් ලැබී ඇති බව පෙන්නුම් කරයි. නමුත් විවාහය අසාර්ථක වෙනවා මෙන්ම දුක් කම්කටොලුද දූ දරුවන්ගෙන්, ඥාතීන්ගෙන් කරදර පැමිණෙයි. ඉරිසියාකාරයන් බහුල වෙයි. තමා හිසට තම අතමය සෙවණැල්ල යයි සිතා ජීවත්වන්න. තියෙන බාධක ඉවත්කර ගැනීම සඳහා සෙනසුරාදා දිනවල බෝධි පූජා හා කතරගම දෙවියන්ට පූජා පවත්වන්න. තමාට ලැබෙන ධනයෙන් 10%ක් හෝ පිනට වියදම් කරන්න.

 

 

උපදෙස්

‍ෙජ්‍යාතිෂවේදී ගුප්ත

විද්‍යා විශාරද

වෛද්‍ය ආචාර්ය

චන්දන සතරසිංහ

 

දුමින්ද කාරියවසම්