ජ්‍යොතිෂ ගැටලු

සැප්තැම්බර් 23, 2024

 

අපගේ පාඨකයන් නිරතුරුවම ඉල්ලා සිටියේ ඔවුන්ගේ දහසක් බාධක හා ගැටලු සඳහා ‍ෙජ්‍යාතිෂයෙන් සහනයක් ලබාදෙන ලෙසයි. එම අපේක්ෂාව හා ඉල්ලීම එලෙසින්ම ඉටු කරමින් අප ඔබට සුවිශේෂී ‍ෙජ්‍යාතිෂ ගැටලු විසඳීමේ පාඨක තීරයක් මෙලෙසින් ආරම්භ කරමු.

ඔබගේ පෞද්ගලිකත්වය හා රහස්‍යභාවය ආරක්ෂා කර ගැනීම සඳහා අන්වර්ථ නමක් හෝ ලිපිනයක් යොදා ගැනීමට ද ඔබට හැකියාව තිබේ. අපගේ ලිපිනය, ජ්‍යොතිෂ ගැටලු
තරුණී ලේක්හවුස්.
කොළඹ - 10

එසේත් නැතිනම් ඔබගේ ගැටලුව 0715927752 දුරකතන අංකයට whatsapp කරන්න.
 

දරුවා හිතුවක්කාරයි

මාගේ වැඩිමහල් දරුවා හිතුවක්කාරයි. එය දවසින් දවස වැඩි වෙයි. මෙයට හේතුව කුමක්ද?

අටුළුගම - නිලන්ති

උපතින් මේෂ ලග්නයෙන් උපන් මේ දරුවා ගෙවන්නේ බුධගේ මහා දසාවයි. උපතින්ම අහංකාර, හිතුවක්කාර, අන් අයගේ මත ඉවසන්නේ නැති ආඩම්බරකාර චරිතයකි. එවන් චරිතයකට බුධගේ මහ දසාව ලැබූ පසු තත්ත්වය බරපතළ වෙයි. පවුල තුළ හා පිටතත් කලහාකාරී ලෙස හැසිරෙයි. නිතර ලේ සෙලවීම් හා අතපය කඩා ගැනීම් සිදුවන කාලයකි. දරුණු හදිසි අනතුරකට ලක්විය හැකියි. ශල්‍යකර්මයක් සිදුවන බව පවා පෙන්වයි. ඉදිරි කාලය ප්‍රවේශම්වන ලෙස දැනුවත් කරන්න. අඟහරුවාදා දිනෙක බෝධි පූජා පටන්ගෙන දින 7ක් ඔහු සහභාගී කරගෙන පවත්වන්න. කතරගම දෙවියන්ට බාර වෙන්න.

ලිංගිකව එකතුවීමේදී ගැටලු

මෑත කාලයේ සිට මාගේ ස්වාමියාට ලිංගිකව එකතු වීමේදී ක්ෂණිකව ධාතු පිටවෙයි. මා හට මෙය මහත් පීඩාවකි. මෙයට හේතුවද ප්‍රතිකාර වේ නම් එය ද සඳහන් කරන්න.

බුලත්කොහුපිටියේ - වජිරා

පළමුව සඳහන් කළයුත්තේ උපතින්ම මොහු ඉක්මන් කලබලකාරී චරිතයකි. සෑම කටයුත්තකදීම එය එසේ වෙයි. එම තත්ත්වය නිසා බොහෝ පාඩු ද විඳීමට සිදුවෙයි. මෙම තත්ත්වය ද ඔහුට උපතින්ම ලැබුණු දෙයකි. නමුත් පසුගිය කාලයට වඩා මේ වනවිට එම කලබලකාරී තත්ත්වය දැඩි වී ඇත. එයට හේතුව නම් මේ වන විට ඔහු රාහුගේ මහ දශාව ගෙවන අතර කරන කියන සෑම දෙයක්ම අසාර්ථක වන අතර අධි ධාවනකාරී ද වෙයි. රාගික හැඟීම් ද එසේම උද්ධීපනය වී ඇත. එම නිසා ඔහුට නිතර කාම ආසාව ඇතිවන අතර ඒ ඇසිල්ලෙන්ම එය සංසිඳුවා ගනියි. මෙය කුකුලාට සමාන කළ හැකියි. ඔහුගේ තෘප්තිය මිස අනෙකාගේ තෘප්තිය ගැන නොසිතයි. මෙය ඉදිරි කාලයේදී පවතී. චරිතය ඝාතනය වීම් හා උසාවි පොලිසි යෑමට පවා සිදුවන බව සඳහන් කරමි. සෑම විටම ඔහු ගැන අවධානයෙන් සිටින්න.

ව්‍යාපාරයේ අාදායම අඩුයි

මා හොඳ ව්‍යාපාරයකයෙකි. මෑතක දී නව නිවෙසක් සෑදුවෙමි. එහි ආරම්භයේ සිටම ව්‍යාපාරය පහතට වැටෙන බව පෙනේ. අාදායම අඩු වෙයි. මෙයට හේතුව දක්වන්න.

මොනරාගල - නිමාලි

ඔබගේ හඳහනට අනුව ගුරුගේ මහ දශාවේ අවසාන භාගය ගෙවමින් සිටියි. තව මාස කිහිපයකින් සෙනසුරු මහා දශාව ලබයි. ගුරු ග්‍රහයා උපතින් පිහිටියත් සෙනසුරු ග්‍රහයා‍ෙගන් පීඩා වී ඇති ගුරු ග්‍රහයාගේ අවසාන භාගයත් සෙනසුරු මහ දශාවට පිය නැඟීමත් යන දෙකම බලපා තිබේ. මේ හේතූන් නිසාම ඔබගේ නව නිවෙස සෑදීමේදී නිවාස දෝෂ ද ඇතිවන බව කිව හැකි වෙයි. ඔබගේ නිවෙස පළපුරුදු වාස්තුවේදියකු ලවා පරීක්ෂා කරවා ගන්න. සෙනසුරාදා දිනෙක බෝධි පූජා පටන් ගෙන දින 14 අඛණ්ඩව රාත්‍රීෙය් එම බෝධි පූජාව පවත්වන්න. නව ග්‍රහ ප්‍රජාවක් තබා දෙහි කපා ශාන්තියක් ලබා ගන්න.

අඟහරුවාදා දිනක බෝධි පූජා පවත්වා නවග්‍රහ පූජාවක් ද දෙහි පුහුල් කැපීමෙන් ශාන්තිය ද ලබාගෙන හැකි නම් නාග අර්ජුන යන්ත්‍රය පලඳවන්න.

සැමියාගේ අනියම් සම්බන්ධයක්

අප විවාහ වී වසර 5කි. දරු දෙදෙනෙක් ද සිටියි. සැමියා අනියම් සබඳතාවක් පවත්වයි. කෙසේවත් එය නැවැත්වීමට නොහැකිය. මේ සඳහා පිළියමක් නැතිද?

ඔබ දෙදෙනාගේම හඳහන් පරීක්ෂා කළෙමි. උදාහරණයක් ලෙස සඳහන් කළ යුත්තේ ඔබ ඇල්වතුරත් ඔහු උණුවතුරත් ලෙස නොගැළපෙන බවයි. ඔහු උපතින්ම අධික කාමුක අයෙකි. ඔබ එයට වෙනස් අයෙකි. ඔබ නිවුණු විරාගික අයෙකි. එම නිසා කිසි දිනෙක ඔබ දෙදෙනාගේ එම ගැළපීම සිදු නොවේ. ඔහු වයසින් මුහුකුරා ගිය ද මෙම තත්ත්වය වැඩිවන අතර හික්මීමක් නොමැත. දැනටත් ඔහු සතුන් දඩයම් කරගෙන කා මත්පැනට ලොල් වූ සල්ලාල අයෙකි. හොඳම දෙය ඔබ පවුල රැක ගැනීමට විඳගෙන දරාගෙන සිටීම හෝ එසේ කිරීමට බැරි නම් වෙන්වීම පමණකි. එයට විකල්පයක් නොවේ.

 

උපදෙස්
‍ෙජ්‍යාතිෂවේදී ගුප්ත
විද්‍යා විශාරද
වෛද්‍ය ආචාර්ය
චන්දන සතරසිංහ