ලග්න පලාපල (ජුනි 05 සිට 12 දක්වා)

ජුනි 5, 2023

 

ප්‍රවීණ ජ්‍යොතීවේදී, හේමලාල් සේපාල

 

මේෂ

 

මිල මුදල් කටයුතු ගැන කතා බහ අදහස් ඇති වුවත් ලැබීම් සැක සහිතයි. සතුරන් ඇතිවීමේ අවදානමක් සිතට දැනේ. මිතුරකුගේ හෝ අමුත්තකුගේ පැමිණිමක් සිදුවේ. ධෛර්යයෙන් යුක්තව කටයුතු කරයි. පුණ්‍ය කටයුත්තකට වක්‍රව හෝ දායක වීමට සිදුවේ. සුළු අසමගිකම් ද ඇතිවේ.

 

 

වෘෂභ

 

මුදල් ලාභයක් සහිතයි. රසවත් කෑම බීම සංග්‍රහ ලැබේ. උත්සව අවස්ථාවකට සහභාගිවීමට සිදුවිය හැකියි. ගරු සැලකිලි ලබන කාලයකි. පමා වූ වැදගත් වැඩ කොටසක් නිමා කරගත හැකිවනවා ඇත. අලුත් මිතුරන් හිතවතුන් ලැබෙනවා ඇත. වෙනදාට වඩා සැප පහසුකම් කෙරේ සිත යොමු වෙයි.

 

 

මිථුන

 

මුදල් හෝ වෙනත් ලැබීම් අතින් සතුටුදායක සතියකි. ප්‍රයෝජනවත් දෙයක් සඳහා මුදල් වැය වේ. සමීප ඥතියකු හෝ අසල් වැසියකු නිසා සිත් තැවුලක් ඇතිවේ. ශරීර සනීපය ද යහපත් නැති සතියකි. දරුවකු හෝ ඒ හා සමාන අයකු නිසා සිතට කරදර ඇතිවේ. සුබ අසුබ සමව ගෙන දෙන සතියකි.

 

 

කටක

 

අනුමානයට කරන කටයුත්තක් පල දරයි. මුදල් ලාභ හෝ වෙනත් ලාභයකට ඉඩ ඇත. ගෙදර දොර කටයුතු සාර්ථක වෙයි. සැප පහසුවද ඇතිවේ. වාසිදායක හා ප්‍රයෝජනවත් අයකුගේ ඇසුර ලැබේ. පවුලේ අයට ද සතුට සහනය ගෙන දෙන පරිසරයක් නිර්මාණය වේ.

 

 

සිංහ

 

සිතේ සතුට සැනසිම අඩු කරන සිදුවීම් ඇතිවෙයි. සුළු හෝ අසනීප ගති ඇතිවේ. බාහිරින් එන කරදරයක් සහිතයි. අමුතු දේවල් සිතෙන, එවැනි දේට සිත පොලඹවන සතියකි. නරක නාමයක් අසන්නට ඉඩ තිබෙන බැවින් කල්පනාවෙන් කටයුතු කළ යුතු වේ. ඉවසීම ද අවශ්‍යම වේ.

 

 

කන්‍යා

 

ගෙදර දොර අග හිඟකම් ගැන ද සිතන්නට සිදුවෙයි. තමන්ගේම අයකු ගැන සැක බිය පහළ වේ. මුදල් හානියකට, අධික වියදමකට ඉඩ ඇත. හිසරදය, උදරාබාධ, මුත්‍රා අමාරු ඇතිවිය හැකියි. ඇසුරු කරන අය සමඟ මතභේද අවුල් වියවුල් ඇතිවීම වළක්වාගැනීමට උත්සාහ කළ යුතුයි.

 

 

තුලා

 

අනුමානයට  කරන කටයුත්තක් පල දරයි. මුදල් ලාභ මෙන් වෙනත් ලාභයක් ලබයි. ගෙදර දොර සැප පහසුව ඇති වේ. වාසිදායක අයකුගේ හමු වීමක් හෝ ඇසුර සඳහා අවස්ථාව සැලසේ.ශාරීරික අපහසුතා සහිතයි.කෙසේ නමුත් අලස උදාසීන ගති දැඩිව බලපැවැත්විය හැකිය.

 

 

වෘශ්චික

ලැබීමට තිබුණු මාර්ගයක් ඇහිරී යන බවත් දැනේ.කරදර බාධක වැඩි සහිතයි.එසේම උත්සාහයෙන් ලබන ජයග්‍රහණයක් ද සහතිකයි.හැමදේම ප්‍රමාද වන,සමහර දේවල් කල් දමන්නට සිදුවේ. අනවශ්‍ය වියදමක් ද ඇති වෙයි.වෙනදාට වඩා කතාව වැඩි වෙයි.ඒ නිසා ගැටලු ද සිදුවේ.

 

 

ධනු

මිහිරි හෝ අමුතු ආහාර පාන ලැබේ. සිතට සහනය ගෙන දෙන ආරංචි ලැබේ. සතුටුදායක හෝ ප්‍රයෝජනවත් ගමන් බිමන් යෙදේ. වැදගත් අමුත්තෙක් නෑදෑයෙක් නිවෙසට පැමිණේ. කරුණාව උපකාර ලැබෙන සතියකි. කායික සුව පහසුව ගැන වැඩිපුර වෙහෙසෙයි.

 

 

මකර

සමබර සතියකි. ශෘරීරික අපහසුතා ඇති වීමට ඉඩ ඇත. සිතට කනගාටුදායක වන කරුණු උද්ගත විය හැකියි. බහින්බස් වීමක්, සිතට තදින් කේන්තිය ඇතිවන විදිහේ සිදුවීමක් ඇතිවිය හැකියි. වැඩ කටයුතු අතපසු වෙයි. හදිසි ලාභයකමට ද ඉඩ ඇත. බාහිර සමීප අයකුගෙන් වාසි ලැබෙයි.

 

 

 

කුම්භ

සිත තුළ ආදරය කරුණාව වැඩිවෙයි. මිතුරකුට ඥාතියකුට උදව් කිරීමට අවස්ථාවක් සැලසේ. විවිධ ලැබීම් සහිතයි. තමාව අගය කිරීම්වලට ලක්වන අවස්ථා උදා වේ. සතුට ගෙන දෙන ගමනකට ඉඩ ඇත. වටිනා දෙයක් මිල දී ගනී. නැතිනම් තෑගි ලෙස ලැබේ. අතපසු වූ කටයුත්තක් නිමාකර ගත හැකි වෙයි.

 

 

මීන

නොගැළපෙන, සිත රිදෙන කතා අසන්නට ලැබේ. බලාපොරොත්තු කඩවීමකටද ඉඩ ඇත. බාධා අවහිරතා වැඩි සතියකි. මවු පස ඥතියකුට කරදරයක් සහිතයි. අග හිඟකම් ඇති වුවත් ඒවා කළමණාකරණය කරගත හැකිවෙයි. උත්සාහයෙන් කැපවීමෙන් ජයග්‍රහණද ලබයි. ඉවසීම අවශ්‍යව වනච සතියකි.