ලග්න පලාපල

ජූලි 3, 2023

 

මේෂ

උත්සහයෙන් ප්‍රතිඵල ලැබිය හැකි සතියකි. ප්‍රශ්න ගැටලු ඇති වූවත් ඒවා කළමනාකරණය කරගත හැකිවෙයි. මව් පස ඥාතියකු සම්බන්ධ කරදරයකට ඉඩ ඇත. අවහිරතා ප්‍රමාදවීම් වැඩි සතියකි. බලාපොරොත්තු කඩවීමට ඉඩ තිබේ. ගැටලු ඇතිවිමට ඉඩ ඇත.

 

වෘෂභ

සමඵල සහිතයි. ශාරීරික සෞඛ්‍ය යහපත් නොවෙයි. ඉක්මන් කෝපය නිසා බලවත් පාඩුවක් සිදුකර ගනී. කටයුතු අතපසු වීම,ප්‍රමාදය ඇති වේ.හිතවතකුගේ උදව් උපකාර ලැබේ. වාසිදායක ගමන් ඇතිවේ.

 

මිථුන

 

සමීපතමයෙකුට උදවු කිරීමට අවස්ථාවක් ඇති වෙයි. ලැබීම අතින් යහපත් ය. කටයුතු සාර්ථක වෙයි.පවුලේ අයෙකු උදවු කිරීම නිසා බලවත් ගැටලුවක් විසඳෙයි. අතපසු වූ කටයුතු නිමා වෙයි. සතුට විනෝදය වෙනුවෙන් ද කා‍ෙළ් වැය වෙයි. සිතේ සතුට සහනය සහිත සතියකි.

කටක

සමීපතමයෙකුට උදවු කිරීමට අවස්ථාවක් ඇති වෙයි. ලැබීම අතින් යහපත් ය. කටයුතු සාර්ථක වෙයි.පවුලේ අයෙකු උදවු කිරීම නිසා බලවත් ගැටලුවක් විසඳෙයි. අතපසු වූ කටයුතු නිමා වෙයි. සතුට විනෝදය වෙනුවෙන් ද කා‍ෙළ් වැය වෙයි. සිතේ සතුට සහනය සහිත සතියකි.

 

සිංහ

සිතට වද දෙන ප්‍රශ්නයක් සතිය පුරාම පැවතිය හැකිය. අසනීප කටයුතු වීමට ඉඩ තිබේ. ඥාතීන්ගෙන් කරදර ඇති කරයි. නම නරක් වන කටයුතුවලට පෙලඹිය හැකියි. මුදල් කරදර යෙදේ. වටිනා දෙයක් නැති වන්නට ඉඩ තිබේ. ඉවසීම සහ ප්‍රවේශම් වියයුතු සතියකි.

 

කන්‍යා

මුදල් ලාභ හෝ වෙනත් ලාභයකට ද ඉඩ ඇත. ගෙදරදොර කටයුතු සාර්ථක වෙයි. වෙනදාට වඩා සැප පහසුව ඇතිවේ වාසිදායක මෙන්ම ප්‍රයෝජනවත් ගමන් බිමන් යෙදේ. සමීපතමයෙකුගේ කටයුතු වෙනුවෙන් කාලය ගතවේ. අනුමානයට කරන වැඩ ඵල දරන සතියකි.

 

තුලා

අලුත් හිතවතකු ජීවිතයට එකතු වෙයි. ආගමික කටයුත්තකට හෝ සමාජ මෙහෙවරකට සම්බන්ධ වීමට සිදුවේ. දුර සිටින ඥාතියකුගේ පැමිණීමක් හෝ කතාබහක් ඇතිවේ. මිල මුදල් අතින් යහපත්ය. ගෙදර දොර කටයුතු සාර්ථක වෙයි. එසේම වියදමද අධික විය හැකියි.

 

වෘශ්චික

කරදර බාධක වැඩි සතියකි. කතාව නිසා යම් අවාසිද ඇතිවිය හැකියි. අපවාදයකට ඉඩ ඇත. මුදල් කරදර ඇති කරයි. සෙම් රෝග උදරාබාධ, හිසේ අමාරු බල පවත්වයි. ලැබීමට තිබුණු වාසියක් පෙනි පෙනී නැති වෙයි. අනවශ්‍ය වියදම්වලට ඉඩ ඇත.

 

ධනු

සිතට සහනය සතුට ගෙන දෙන පරිදි බොහෝ කටයුතු සිදුවෙයි. වැදගතුන් ‍නි‍ෙවසට පැමිණෙයි. ලැබීම අතින් හොඳයි. සමහරවිට තෑගි බෝග ද ලැබෙනවා ඇත. කායික සුව පහසුව සැලසේ. පවුලේ අයකු වෙනුවෙන් වෙහෙසෙන්නට ද සිදුවේ. සතුට ගෙනදෙන ආරංචියක් ද ලැබේ.

 

මකර

කරදර බාධක වැඩි සතියකි. සිතට දුක වේදනාව ගෙන දෙන පරිසරයක් නිර්මාණය වේ. සතුරු කරදර සහිතයි. තමා පිළිබඳ වැරදි අවබෝධයන් ඇතිවිය හැකියි. මුදල් අගහිඟතා ද මතුවෙයි. අත්‍යවශ්‍ය කටයුතු මඟ හැරෙයි. අමතක වීම් පාඩු ගෙන දෙයි. ඉවසීම වැදගත් වෙයි.

 

කුම්භ

සාමාන්‍ය පරිදි සතිය ගෙවෙයි. නමුත් සිතේ සහනය ද අඩුවෙයි. අවිනිශ්චිත බව සතිය පුරාම පවතී. නමුත් මුදල් අතින් අසාර්ථක නොවේ. නිෂ්ඵල ගමන් යාමට සිදුවේ. අපේක්ෂාවන් ඒ අයුරින්ම ඉටු නොවේ. ඊර්ෂ්‍යා කරන්නන් නිසා ප්‍රශ්න කරදර ඇතිවේ.

 

මීන

තරමක ප්‍රශ්න ගැටලු සහිතව සතිය ගෙවේ. මුදල් අතින් කරදරයි. හිතවතකු වෙනුවෙන් වෙහෙසෙන්නට ද සිදුවේ. සන්ධි අමාරු, හිසේ අමාරු සෙම් රෝග ඇති කරයි. හදිසි අනතුරු වලට ඉඩ ඇත. මානසික අසහනය ගෙන දෙන කරුණු ඇති කරයි. නරක ආරංචිද ලබයි.