ලග්න පලාපල

සැප්තැම්බර් 11 සිට 18 දක්වා
සැප්තැම්බර් 11, 2023




මේෂ

ප්‍රශංසාව, හොඳ නම ලබයි. ශරීර සැප පහසුවද වෙනදාට වඩා යහපත් වේ. තම තත්ත්වය උසස්වන පරිදි කටයුතු සිදුවේ. වාසි දායක ගමන් යෙදේ. නව ඥාති මිත්‍ර සබඳතා ඇතිකරයි. පවුලේ කටයුතු සතුටුදායක වේ. උසස් අයගෙන් වාසි ලාභ අත්වෙයි. ලැබීම් අතින් ද යහපත් ය.


වෘෂභ

පොරොන්දු ගිවිසුම් ආදියෙන් ප්‍රවේශම් විය යුතුයි. ප්‍රශ්න සහිත කටයුතු සඳහා පෙළඹීම් ඇති විය හැකියි. කුඩා දේ විශාල කරගෙන කරදර ඇතිකර ගනී. පවුලේ අයකුට අසනීප හෝ අනතුරු ඇති වීමට ඉඩ තිබේ. අධික වියදම් ඇතිවෙයි. අනවශ්‍ය ගමන් ඇති කරයි. සෙම් රෝග ඇතිවේ.

මිථුන

මිල මුදල් අතින් යහපත් නොවේ. සමීපතමයකු සමඟ සිත් නොහොඳ වීමක් ඇති වෙයි. දුර ගමනකට ද ඉඩ ඇත. ගෙදර දොර කටයුතු ද සතුටු දායක නොවේ. වචන හුවමාරුවීම්වලට පෙළඹීම් සුදුසු නැත. රැවටීමකට හසුවිය හැකියි. නිකරුණේ අන් අයගේ සැකයට භාජනය විය හැකි අතර ඉවසීම අවශ්‍යම සතියකි.


කටක

හදිසි ගමන් බිමන් ඇතිවුවත් ප්‍රතිඵල සහිත නොවේ. වියදම් පිිළිබඳ ඉතා සැලකිලිමත් විය යුතුයි. විශාල පාඩුවකට ඉඩ ඇති බැවිනි. අසල්වැසියකු හෝ මිතුරකු වෙනුවෙන් වෙහෙසෙන්නට සිදුවේ. පවුලේ කටයුතු අසහනකාරී විය හැකියි. උණ, උදරාබාධ, හිසේ අමාරු වලට ඉඩ ඇත.


සිංහ

අලුත් කටයුතු ආරම්භයක් ඇති කරයි. යම් තරමක සහනශිලිබවක් ඇතිව කටයුතු කරයි. මුදල් අතින් ද යහපත් වේ. ණයක් ලැබේ හෝ ණයක් ගෙවා දමයි. පවුලේ කටයුතු ද යහපත් වේ. පැවැති අග හිඟතා දුරුවෙයි. විශේෂ ඥාතියකු හෝ අමුත්තකු නිවෙසට පැමිණිය හැකියි.


කන්‍යා

සහනශීලී සතියකි. අපේක්ෂා කළ පරිදිම කටයුතු සිදුවෙයි. වාසිදායක ගමන් යෙදෙයි. අලුත් බඩු මුට්ටු මිල දී ගනියි. ලැබීම් අතින් යහපත්ය. පවුලේ අයකුට ජයග්‍රහණයක් නියමිතයි. මිතුරකු හෝ හිතවතකුගෙන් විශේෂ උපකාරයක් ලැබෙයි. පැවති සැකයක් දුරුවන පරිසරයක් ද සකස් වේ.


තුලා



සිතේ සැනසීම සතුට ඇති කරයි. කරන කියන කටයුතුවලට බාධක අඩුවෙයි. බොහෝ බලාපොරොත්තු ඉටුවේ. වැඩිහිටි අයගෙන් උදවු උපකාර ලැබේ. ආදායම් තත්ත්වය යහපත් වේ . වැදගත් ඥාතියකු නිවෙසට පැමිණේ. නැතිනම් එවැන්නකු සොයා යන්නට සිදුවේ. පවුලේ කටයුතු යහපත් වේ.


වෘශ්චික

අනපේක්ෂිත වැයකට ඉඩ ඇත. මුදල් කරදර ද ඇති කරයි. ගෙදර දොර අඩුපාඩු අගහිඟකම් ඇති කරයි. සිතට සතුට සහනය අඩු සතියකි. පවුලේ අය අතර මත භේද ඇතිවන කරුණු යෙදේ. සුළු හදිසි අනතුරකට මෙන්ම නීති ප්‍රශ්නයකට ද ඉඩ ඇත. සෙම් රෝග හිසේ අමාරු ඇතිවෙයි.


ධනු
විවිධ ලාභ වාසි සුළුවෙන් හෝ ගෙනදෙයි. උත්සව ආදියට සහභාගි වෙයි. වාසිදායක ගමන් යෙදේ. අලුත් දේ මිල දී ගනියි. පවුලේ සමගිය ඇතිවේ. පවුලේ වැඩි දියුණුවට අලුත් කටයුතු ඇරඹීමක් ද වේ. අසල්වැසි සබඳතා තරවේ. හදිසි ධන ලාභයකට ද ඉඩ ඇත. හොඳ නම ද ඇති වේ.



මකර


විරුද්ධවාදියකු පරාජය වේ. දියුණුව ඇති කෙරෙන කටයුත්තක් ආරම්භ වේ. නැතිනම් පරිසරය සකස් වේ. කතාවේ බලයෙන් වාසි ඇතිකර ගනී. උනන්දුව උත්සාහය තුළින් විශේෂ ජයග්‍රහණයක් ලබයි. පවුලේ කටයුතු ද සතුටුදායක වේ. ඇඳුම් පැළඳුම් ආභරණ ලාභ උදාවීමට ඉඩ තිබේ. සහනශීලී සතියකි.



කුම්භ


සිත් තැවුල් අධික වේ. අපේක්ෂා කළ පරිදි කටයුතු සිදු නොවේ. නිෂ්ඵල ගමන් යෙදේ. ගමන අධික වේ. අග හිඟකම් සහිත වේ. මුදල් අතින් ද කරදරයි. අලාභ උදාසීන ගති මතු වේ. කල් දැමීම්, ප්‍රමාද වීම් වළක්වා ගත යුතුයි. ඉක්මන් කෝපය පාලනයකර ගත යුතුයි. ගැටුම් ඇතිකර නොගත යුතුයි.



මීන

හුදෙකලාව සිටින තරමට හොඳයි. අන් අය තමාගේ නුගුණ පතරවන්නට ඉඩ ඇත. පවුලේ අසමගිකම් ඇති වේ. පවුලේ අයෙකුට අසනීප යෙදේ. හදිසි අනතුරුවලට හිස තුවාල වීමකට ඉඩ ඇත. අය වැය තුලනය කරගත හැකි නොවේ. අපේක්ෂිත උදවු උපකාර නොලැබෙයි. ඉවසීම වැදගත් වෙයි.