සැමට සුවසෙත ගෙනෙන බක් මහේ සුවිශේෂී ග්‍රහ යුද්ධ සහ ග්‍රහමාරු

අප්‍රේල් 11, 2022

 

ගෘහණියගේ මුළුතැන්ගෙයි ගැටලුවලට විසඳුම්

ළමා පරපුරේ අභිලාෂයන් ඉටුවේ

ග්‍රහ මාරු රැසකින් ඉදිරි කාලය යහපත් වෙයි

 

2022 අප්‍රේල් මාසය තුළ විශ්වයේ සුවිශේෂ ග්‍රහ සිත්තමක් මැවේ. අහස් වියන තුළ විද්‍යාමාන වන මෙම ග්‍රහ රටා රාශි සංක්‍රමණයෙන් සිදු කරන්නේ සුවිශාල පරිවර්තනයකි. ඒ අනුව ග්‍රහ යුද්ධ 4ක් සිදු වෙයි. අප්‍රේල් 5 වැනිදා උදේ 7.23ට කුජ ශනි යුද්ධයෙන් ශනි ජය ගැනීම මහජනතාවගේ ජයග්‍රහණ රැසකට හේතුවෙයි. අප්‍රේල් 12 දා රාත්‍රී 8.16ට ගුරු නැප්චූන් යුද්ධයෙන් ගුරු ජය ගැනීම බුද්ධිමතුන් නැණවතුන් පූජ්‍ය පක්ෂයේ පැවිදි උතුමන්ලා ආගම දහම වෙනුවෙන් සිදු කරන කැපවීම යුතුකම් සුවිශේෂි වෙයි. අප්‍රේල් 18 පෙරවරු 10.22ට බුද යුරේනස් යුද්ධයෙන් බුධ ජය ගනී. ගුරු ජය ලැබූ සැටියෙන්ම ඥානකාරක ග්‍රහයාගේ ජයග්‍රහණයක් නිසාම මෙතෙක් හදිසි කෝපය එදිරිවාදිකම් සිතේ දරා සිටිමින් කෝපාවිශ්ඨ වූ ජනතාවගේ නිවීමක් පෙන්වයි. එය ඔවුන්ගේ ජයග්‍රහණයක් වන අතර ජනතාව බුද්ධිමත් තීන්දු තීරණ ගන්නා අවදියක් බව ප්‍රකාශ කිරීමට පුළුවන. අප්‍රේල් 28 රාත්‍රී 12.43ට සිකුරු නැප්චූන් යුද්ධයෙන් සිකුරු ජය ගැනීම, සැබැවින්ම අප රටේ කාන්තා පරපුරේ අභිවෘද්ධියට හේතු වේ. මෙය කාන්තා හිංසනය අවම වීම, ළමා පරපුර අපචාරවලින් මුදවා ගැනීමට සමත් ග්‍රහ යුද්ධයක ස්වභාවයක් උසුළන බව පෙනේ. ඒ හැරෙන්න අප්‍රේල් 07 කුජ කුම්භ රාශි ගතවීම පොදු ජනතා සහන රැසක් සමඟ සමාජ විෂමතා දුරුවීම රාහු 12 දා දහවල් 01.56ට මේෂ රාශිගත වීම මෙන්ම කේතු තුලා රාශිගතවීමද ශ්‍රී ලංකා කේන්ද්‍රයට ජනරජ කේන්ද්‍රයට විශ්ව කේන්ද්‍රයට සුබවාදී බලපෑම් ඇති කරයි.

මේ ග්‍රහ මාරු හා ග්‍රහ යුද්ධය පිළිබඳ අධ්‍යයනය කර බලන විට අප රටට මෙතෙක් උදාවී තිබූ ජනතා ගැටලුවලට යහපත් විසඳුම් ලැබෙන බවද පෙනෙන්නට තිබේ. විශේෂයෙන් ගෘහණියගේ කාර්යයභාරයේදී ඇති වී තිබු මුළුතැන්ගෙයි ගැටලු අවම වන බවද පෙනෙන්නට තිබේ. ගෙදර ඉවුම් පිහුම් කටයුතුවලදී ආහාරපාන මිල අධිකවීම හා ගෑස් පිළිබඳව තිබූ ගැටලු මෙන්ම එදිනෙදා ඇය මුහුණදී තිබූ ගැටලු රැසකට යහපත් විසඳුම් ලැබෙන බවට ඉහත ග්‍රහ සිත්තම් වලින් මනාව පිළිබිඹු වනු ඇත. ඒ අනුව තවදුරටත් තම තමාට සිය ලග්න අනුව බලපාන්නේ කෙසේදැයි විමසා බලමු.

 

සුබසෙත ජ්‍යෙෂ්ඨ කර්තෘ

අජිත් ධර්මසිරි