වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
ෆෝන් එකට fingerprint භාවිතය සුදුසු ද?
දැනට දශක කිහිපයකටම උඩදී අපි කතා කළේ ගෝලීයකරණය වෙන ලෝකයක් ගැනයි. හැබැයි අද අපට ඒ වෙනුවට කතා කරන්න වෙලා තියෙන්නේ වේගයෙන් ස්මාට්කරණය වෙමින් පවතින ලෝකයක් ගැනයි. ගල් යුගය, අයිස් යුගය හෙමින් පහු කරපු මිනිස්සු දැන් ස්මාට් යුගයට ඇවිත්.
ගල් යුගයේ ගල් ආයුධ තිබ්බා වගේ ස්මාට් යුගයේදීත් මිනිස්සුන්ට උදවු වෙන පොඩි ආයුධ ටිකක් මෙවලම් ටිකක් තියෙනවා. ඒ අතර ස්මාට් ඔරලෝසු, ස්මාට් ටී.වී වගේ ගොඩක් දේවල් තිබ්බට පෙරමුණේ රාළ වන්නේ ස්මාට් ෆෝන් එක. ස්මාට් ෆෝන් එකත් එක්ක තමයි අද තියෙන ස්මාට් ලෝකෙ බිහිවෙන්නෙ.
පුංචි දුරකථන ඇමතුමක ඉඳන් හෝටලයක් බුක් කරන්න, දොස්තර කෙනෙක් චැනල් කරන්න, කොටින්ම කේන්දරේ පවා බලාගන්න මේ ස්මාට් ෆෝන් එකට පුළුවන්.
ඒ නිසා ස්මාට් දුරකථනයක් නිවැරැදිව පාවිච්චි කරන්න වගේම එහි රහස්‍යභාවය රැකගන්නටත් ඔබට මනා දැනුමක් අවශ්‍යයි. ඔබ භාවිත කරන පරිගණක, දුරකථන හෝ ටැබ් උපාංගය සතුව Fingerprint ආරක්ෂාවක් තිබීම වඩාත් හොඳයැයි එය මිලදී ගනිද්දී ඔබට සිතෙන්නට ඇති. එහෙත් උපාංගය සතු මෘදුකාංගමය සහ විවිධ ගැටලු නිසා එහි ආරක්ෂාව ඔබ සිතන තරම් ආරක්ෂාවක් නොවිය හැකියි.
ඒ නිසා Fingerprint එක භාවිත කළාට ගැටලුවක් ඇති ද නැති ද යන්න සොයා බැලීම වටියි.
මෘදුකාංග සහ දෘඪාංගමය වශයෙන් තිබිය හැකි නිෂ්පාදන දෝෂ නිසා දුරකථනය වෙනත් අයට පහසුවෙන් unlock කිරීමට හැකි අවස්ථාව වැඩිය. දැනට ලොව බහුලව දුරකථනවල භාවිත වන තාක්ෂණයන් තුනකි. ඒවා නම් Capacitive, optical සහ Ultrasonic ය.
උපදෙස් අනුරාධ කාරියවසම්
ශී‍්‍ර ලංකා යොවුන් සේනාංකයේ පරිගණක උපදේශක
2020/03/16 තරුණි බලන්න