වර්ෂ 2025 ක්වූ June 30 වැනිදා Monday
පාර්ටි හැඩ කරන මල්ටි කලර් කේක්

ලස්සන පාටින් තිෙයන මේ වැනිලා බටර් කේක් එක තේ වෙලාවකට උපන්දින සාදයකට නියමෙට ගැළපෙනවා. බටර් කේක් එකක් හදාගන්න දන්න ඔයාලට මේ රිබන් කේක් එක හදන එක මහ ලොකු වැඩක් නෙමේ.
අවශ්‍ය ද්‍රව්‍ය:
පාන් පිටි - ග්‍රෑම් 250ක්
කැස්ටර් සීනි - ග්‍රෑම් 250ක්
මාගරින් හෝ බටර් - ග්‍රෑම් 250ක්
බිත්තර - 04ක්
කිරි - කෝප්ප 1/4ක්
බේකින් පවුඩර් - තේ හැඳි 02ක්
වැනිලා - තේ හැඳි 01ක්
ෆුඩ් කලරින් - කොළ හා රෝස පාට
සාදන ක්‍රමය:
01. සීනි, මාගරින් හොඳට ක්‍රීම් ගතියට එනකම් බීට් කර ගන්න. සීනි ටික ග්‍රයින්ඩ් කරලා අර ගත්තහම මාගරින් ටිකත් එක්ක හරිම ලේසියෙන් ඉක්මනින් කලවම් කර ගන්න පුළුවන්.
02. බැටර් එක හොඳට ක්‍රීම් ගතියට ආවාට පස්සේ බිත්තර එක එක දදා බීට් කරන්න.
දැන් වැනිලා ටික එකතු කර ගන්න.
03. පිටි ටිකට බේකිං පවුඩර් දාලා හොඳට හලලා මේ බැටර් එකටම දාගන්න.
පිටි ටික දාගත්තාට පස්සේ බීට් කරන එක නතර කරලා කලවම් කරන්න. පිටි ටික දාගත්තාට පස්සේ ඕනෑවට වඩා බීට් කළොත් එහෙම කේක් එක හයිය වෙනවා.
පිටි ටික කලවම් කර ගත්තාට පස්සේ කිරි ටික දා ගන්න.
04. දැන් මේ බැටර් එකට පාට දාගන්න ඕනේ. ඒකට බටර් එක සමාන කොටස් දෙකකට බෙදලා බෝල් දෙකකට දාගන්න.
05. එක කොටසකට කොළ පාට කලරිනුත් අනිත් කොටසට රෝස පාට කලරිනුත් දා ගන්න.
මුලින්ම බේකිං ට්‍රේ එකේ යටට කොළ පාට බැටර් එක දාන්න. ඒකට උඩින් හෙමින් සැරේ රෝස පාට බැටර් එක දාලා වැඩිය තද කරන්නේ නැතුව මට්ටම් කර ගන්න.
06. මේ කේක් එක සෙල්සියස් අංශක 180° C ක උෂ්ණත්වයක විනාඩි 35ක් 40ක් විතර බේක් කර ගන්න.
පස්සේ කේක් එක නිමෙන්න තියලා රස බලන්න.
මේ තියෙන්නේ රිබන් කේක් බේක් කරන එක විදිහක්. මේ විදිහට පාට දෙකම එකම බේකිං ට්‍රේ එකකට දාන්නේ නැතුව ඔයාලාට ඕනේ නම් පාට දෙක වෙන වෙනම බේක් කරලා පස්සේ එකතු කර ගන්නත් පුළුවන්.
උපදෙස් සූපවේදීනී
ප්‍රවීණ කේක් නිර්මාණ උපදේශිකා
සර්වදර්ශනී අප්සරා