සුර දේවතාවන්ගේ පලතුරේ දිව්‍යමය ගුණය

සැප්තැම්බර් 18, 2019

දේශ ගවේෂකයකු වූ ක්‍රිස්ටෝපර් කොළොම්බස් ගස්ලබු නැත්නම් පැපොල් හැඳින්වූවේ සුර දේවතාවන්ගේ පලතුර ලෙසිනි. පලතුරකට ද වඩා සුවිශේෂීත්වයක් ඔහු සොළොස්වැනි සියවසේ පවා මීපැණි සේ රසවත් ගස්ලබු ගෙඩියක ඇති බව වටහා ගත්තේය. ක්‍රිස්ටෝපර්ගේ කියමන සැබෑ කරමින් නවීන වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ මඟින් ගස්ලබු ගෙඩියක සුව වාසි ගණනාවක් පෙන්වා දී තිබේ.

ගස්ලබු තන්තු, විටමින් සී සහ ප්‍රතිඔක්සිකාරකවලින් පොහොසත්ය. එමඟින් නහරවල අහිතකර කොලෙස්ටරෝල් බැඳීමේ ඉඩකඩ අඩුවෙයි. අධික රුධිර පීඩනය, හෘදයාබාධයන් සැදීමේ ඉඩ අවම වෙයි.

බර අඩුකර ගැනීම වර්තමානයේ දැවෙන ගැටලුවකි. ගස්ලබු ඊට ද පිළිතුරක් සපයයි. මේ රසබර පලතුරේ කැලරි ඉතාමත්ම අඩුය. තන්තු අධික නිසා ආහාරයට ගත් විට කුස පිරුණු බවක් දැනෙයි. මලබද්ධය වැළකී බර අඩුකර ගැනීමට ද නිතර ගස්ලබු කෑමට ගන්නා විට මුල පිරෙයි.

විවිධ රෝගාබාධවලට එරෙහිව පලිහක්සේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාකරයි. එක් ගස්ලබු ගෙඩියක දෛනිකව අවශ්‍ය විටමින් සී ප්‍රමාණයෙන් 200% ක් අඩංගුය. විටමින් සී ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි.

දියවැඩියා රෝගීන්ට ගස්ලබු දේව තිළිණයක් බඳුය. අඩංගුව ඇත්තේ අඩු සීනි මට්ටමක් වුවත් දිවට මීපැණි මෙන් මිහිරි රසයක් දැනීම ගස්ලබු ගෙඩියටම ආවේණික ලක්ෂණයකි. දියවැඩියාව ඇති අයට මෙන්ම නැති අයට දියවැඩියාව සෑදීමෙන් වැළකී සිටීමට ගස්ලබු වැනි පලතුරු උපකාරි වෙයි.

වයසත් සමග ඇස් පෙනීම අඩුවෙයි. එසේ නොවීමට නම් කුඩා වියේ සිටම විටමින් ‘ඒ’ අඩංගු ගස්ලබු වැනි පලතුරු ගතයුතුය.

ආතරයිටිස් බොහෝ දෙනා වේදනාවට පත්කරන රෝග තත්ත්වයකි. ගස්ලබු කෑමට ගත්තොත් අස්ථි සවිමත් වෙයි. විටමින් සී අධික නිසා ප්‍රතිප්‍රදාහ ශක්තිය වර්ධනය වෙයි. පර්යේෂණ මඟින් පෙන්වා ඇත්තේ විටමින් ‘සී’ අඩු වූ විට ආතරයිටිස් රෝගයට ගොදුරු වීමේ වැඩි ඉඩක් පවතින බවයි.

මුව නිසා අප රෝගීවන දැන් කාලයේ වැඩි දෙනෙක් කෑමට ගන්නේ තෙල්, ලුණු, සීනි අධික ආහාරය. ඔබත් මේ වැරැද්ද කරනවා නම් අනිවාර්යයෙන්ම ගස්ලබු දිනපතා කෑමට ගත යුතුය. පැපොල් ගස්ලබුවල පැපේන් නම් ජීර්ණ එන්සයිම තිබීමත්, තන්තු තිබීමත් නිසා වැරැදි ආහාර රටාවෙන් විය හැකි හානිය අවම කර ගැනීමට පුළුවන.

මේ කාන්තාවන්ගේ පලතුරකි. ආර්තවය වේදනාකාරි අත්දැකීමක් නම් එවැන්නියන් ගස්ලබු කෑමට ගත යුතුය. ගස්ලබු කෑමෙන් අපහසුතාව දුරුවී යයි.

මෙය කාන්තාවන්ගේ පලතුරක් කියා හැඳින්වීමට තවත් හේතුවක් වන්නේ දිනපතා ගස්ලබු කෑමෙන් වසර පහකින් යොවුන්වීමට හැකි බව පර්යේෂණ මඟින් ඔප්පු වී තිබීමයි. එහි අඩංගු විටමින් සී, විටමින් ඊ සහ බීටා කැරොටීන් වැනි ප්‍රතිඔක්සිකාරක සම රැළි වැටීමෙන් වළක්වා තාරුණ්‍යය සුරකියි.කායික රෝග වන පිළිකා වගේම හිතේ අසහනය, ආතතිය දුරු කිරීමටත් ගස්ලබු උපකාරි වෙයි.

සුව සුරුකීමට මෙන්ම රැව හැඩ කර ගැනීමටත් ඉදුණු ගස්ලබු විවිධාකාරයෙන් යොදා ගත හැකියි.

දේශ ගවේෂකයකුª වූ ක්‍රිස්ටෝපර් කොළොම්බස් ගස්ලබු නැත්නම් පැපොල් හැඳින්වූවේ සුර දේවතාවන්ගේ පලතුර ලෙසිනි. පලතුරකට ද වඩා සුවිශේෂීත්වයක් ඔහු සොළොස්වැනි සියවසේ පවා මීපැණි සේ රසවත් ගස්ලබු ගෙඩියක ඇති බව වටහා ගත්තේය. ක්‍රිස්ටෝපර්ගේ කියමන සැබෑ කරමින් නවීන වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ මඟින් ගස්ලබු ගෙඩියක සුව වාසි ගණනාවක් පෙන්වා දී තිබේ.

ගස්ලබු තන්තු, විටමින් සී සහ ප්‍රතිඔක්සිකාරකවලින් පොහොසත්ය. එමඟින් නහරවල අහිතකර කොලෙස්ටරෝල් බැඳීමේ ඉඩකඩ අඩුවෙයි. අධික රුධිර පීඩනය, හෘදයාබාධයන් සැදීමේ ඉඩ අවම වෙයි.

බර අඩුකර ගැනීම වර්තමානයේ දැවෙන ගැටලුවකි. ගස්ලබු ඊට ද පිළිතුරක් සපයයි. මේ රසබර පලතුරේ කැලරි ඉතාමත්ම අඩුය. තන්තු අධික නිසා ආහාරයට ගත් විට කුස පිරුණු බවක් දැනෙයි. මලබද්ධය වැළකී බර අඩුකර ගැනීමට ද නිතර ගස්ලබු කෑමට ගන්නා විට මුල පිරෙයි.

විවිධ රෝගාබාධවලට එරෙහිව පලිහක්සේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාකරයි. එක් ගස්ලබු ගෙඩියක දෛනිකව අවශ්‍ය විටමින් සී ප්‍රමාණයෙන් 200% ක් අඩංගුය. විටමින් සී ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි.

දියවැඩියා රෝගීන්ට ගස්ලබු දේව තිළිණයක් බඳුය. අඩංගුව ඇත්තේ අඩු සීනි මට්ටමක් වුවත් දිවට මීපැණි මෙන් මිහිරි රසයක් දැනීම ගස්ලබු ගෙඩියටම ආවේණික ලක්ෂණයකි. දියවැඩියාව ඇති අයට මෙන්ම නැති අයට දියවැඩියාව සෑදීමෙන් වැළකී සිටීමට ගස්ලබු වැනි පලතුරු උපකාරි වෙයි.

 

 

2019/09/18 තරුණි බලන්න