වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
නිරෝගී කෙස් කලඹක රහස දැනගන්න
නිරෝගී. ලස්සන කෙස් කලඹක් තිබීම බාහිර පෙනුම, පෞරුෂය හොඳින් පවත්වාගෙන යාමට උපකාරී වන්නකි. වර්තමානයේ රීබොන්ඩිං, ෆර්මිං, කලර් කිරීම වැනි රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් කරන විලාසිතාවන් මෙන්ම දූවිලි, අධික හරි රශ්මියට නිරාවරණය වීම වැනි පාරිසරික සාධක හේතුවෙන් ද හිසකෙස්වලට හානි සිදුවිය හැකියි.
තම හිසකෙස්වල නිරෝගීමත්බව පවත්වාගෙන යෑමට අවශ්‍ය සත්කාර සිදුකළ යුත්තේ ඒනිසයි.
එක රැයකින් කොණ්ඩය වැවෙන්නේ නැහැ
කොතරම් සත්කාර කළත් කොණ්ඩය වැවීමට තරමක කාලයක් ගත වෙනවා. එය සාමාන්‍ය දෙයක්. සාමාන්‍යයෙන් කොණ්ඩය වැවෙන්නේ මාසයකට අඟල් කාලේ සිට අඟල් භාගයක් දක්වා පමණි. එය ද සිදුවන්නේ පැළුණු හිසකෙස්වලින් තොර ඉතා නිරෝගීමත් කෙස් කලඹක් ඇත්නම් පමණි. ඉතින් දිග කොණ්ඩයක හිමිකාරියක් වෙන්න නම් අවශ්‍ය පළමු දේ ඉවසීම. ඉවසීම නැතිනම් ඔබ අතරමඟදී අදහස අතහැර දමා යාවී. ඒ නිසා මනා ඉවසීමකින් යුතුව සාත්තු කිරීම අරඹන්න.
කෙස් අග කැපීම වැදගත්
නිරෝගී කෙස් කලඹක් ලබාගැනීමට අග පැළුණු හිසකෙස් කැපීම ඉතාම වැදගත්. මෙලෙස නිරන්තරයෙන් කෙස් අග කැපීමෙන් හිසකෙස් දික් නොවූවත් එයින් ඔබේ හිසකෙස් අග නිරෝගීව තබාගන්නවා. ඒ වගේම එම පැළුණු කෙස් ගසේ මුල දක්වා පැළීම වළක්වා ගැනීමටත් මෙය උපකාරී වෙනවා. හිසකෙස් අග පැළී ඇති අවස්ථාවක ඒවා කැපීමෙන් තොරව දිගු කලක් සිටියහොත් එය කෙස් ගසේ මුල දක්වාම පැළී කෙස් ගැලවී යෑමට හේතුවක් වෙනවා. මේ නිසා දිගු කෙස් කලඹක් ලබාගැනීමටත් කොණ්ඩය කැපීම අත්‍යවශ්‍යයි.
මෙහිදී මාස තුනකට වරක් කෙස් ගසේ අග සිට අඟලකින් අටෙන් කොටසක් පමණ කැපීම ප්‍රමාණවත් මෙමඟින් කොණ්ඩයට හානි වීම වළක්වා ගත හැකියි.
උපදෙස්
ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී
ස්විනීතා කොතලාවල
2020/01/15 තරුණි බලන්න