හැඩැති පෙනුමකට සරල විලාසිතා

නොවැම්බර් 18, 2020

මේ එළැඹ තියෙන්නේ දුෂ්කර කාලයකි. එසේ වුවත් එය ඔබේ සතුට අතැර දැමිය යුතු දෙයක් නොවේ. මෙයත් වෙනසක් යැයි සිතා වෙනදාටත් වඩා උනන්දුවෙන් ජීවිතයට මුහුණ දෙන්න. ඒ අතර ඔබත් ලස්සන ළඳක් වන්නට සිතට දිරිගන්න.

අපි පසුගිය දින කිහිපයේම කතාකළේ බන් හෙයාස්ටයිල් පිළිබඳයි අදත් අපි සරලව යෙදෙිය හැකි බන් විලාසිතා කිහිපයක් හුරුවෙමු. මෙය ඔබ ගමනක් යනවිට ඔබේම කොණ්ඩයට දමන්නත් අනෙකුත් අය හැඩ කරන්නත් උපකාර වේවි.

තරුණියන්ට අවුල් සහිත මෝස්තරයක්

මෙය මෙසි හෙයාස්ටයිල් එකකි. අපි කොයි වෙලාවෙත් කොණ්ඩය නීට් එකට පිළිවෙළකට බැඳගෙන තිබීම ඉතාමත් අලංකාරයක්, නිවුණු බවක් ගෙන දෙනවා. ඒ වගේම තමයි තරුණ, පාසල් වියේ පසුවන යොවුන් දරුවන් ගොඩක් කැමැතියි අවුල් වුණු හිසකෙස් සහිත විලාසිතා කරන්න. මැදිවියේ කාන්තාවන් වුවත් තමන්ට ළාබාල පෙනුමක් එක්කර ගැනීමට මෙවැනි කොණ්ඩ විලාසිතා අනුගමනය කරනවා. එක්කෙනාගේ රුචි අරුචිකම් අනුව මෙවැනි මෝස්තර පිළිබඳ අවබෝධයක් ලබාගෙන ඉන් ඔබේ වයසටත් මුහුණටත් හැඩයටත් ස්ථානයටත් ගැළපෙන ආකාරයට ඔබට, ඔබ විසින්ම කොණ්ඩ මෝස්තරයක් උත්සාහ කර බලන්න පුළුවන්. පහත රූපවලින් ඉතා පැහැදිලිව ඔබට පෙන්වා දී ඇති පරිදි කොණ්ඩය කොටස් තුනකට බෙදා ගන්න. පෝනිටෙල් එක දැමූ කොණ්ඩය එහි මැදින් ඇතුළු කරගෙන ආපස්සට ඇද ගන්න. ඉන්පසු රෝල් කරගෙන බන් එකක් හැඩයට පෝනිටෙල් එකේ මුල් කෙළවරට කටු ගසා තදින් සවි කරගන්න.

දෙපස නිදහසේ ඇති කොණ්ඩ කොටස් එකින් එක ගෙන හිතුමනාපෙට අඹරවා ගන්න. එහි අග කෙළවරවල් තදින් සවි කරගත් බන් එක වටේ ඔතා නැවතත් හොඳින් බන් එක තුළට ඇතුළු කර කටු ගසාගන්න. පිටුපස හිස මුදුන තෙක් අවුල් සහගත බවක් ඇති කරගන්න. පිනතූරවලින් ඔබට මෙය පැහැදිලි ව පෙන්වා ඇත.

 

උපදෙස්

දීප්ති පෙරේරා

රූපලාවණ්‍ය සහ

පෞරුෂ සංවර්ධන උපදේශිකා