ෆේස් මාස්ක් නිසා මුහුණේ සම තෙල් සහිත වෙලා

දෙසැම්බර් 9, 2020

ප්‍රශ්නය

31 හැවිරිදි කාන්තාවක්මි. මා ආයතනයක ලිපිකාරිණියක ලෙස සේවය කරමි. පවතින කෝවිඩ් වසංගතය නිසා රැකියා ස්ථානයේත්, නිවෙසින් පිටතදීත් ෆේස් මාස්ක් පැලඳීමට සිදුවේ. බොහෝ විට මුළු දවසම මා සිටින්නේ ෆේස් මාස්ක් පැලඳගෙනයි. ඒ නිසා මුහුණ තෙල් සහිත ස්වභාවයක් ගෙන ඇත. කුරුලෑ ද හට ගනී. ෆේස් මාස්ක් ඉවත් කර සිටීම ද කළ නොහැකියි. මෙයට විසඳුමක් ලබා දෙන්න.

අකුරන - සචිනි

පිළිතුර

ෆේස් මාස්ක් එකක් තදට පැලඳමෙන් එය ඔබේ මුහුණේ සම එක්ක ඇතිල්ලිලා ඔබේ හුස්ම වල තියන තෙතමනය සමඟ ප්‍රතික්‍රියාකර තෙල් සහිත බවක් ඇති කරනවා. මේ නිසා මේක් - අප් සමඟ ඇතිවෙන දහඩිය ඔබේ මුහුණේ කුරුලෑ ඇති කරන බැක්ටීරියා සඳහා හොඳ තෝතැන්නක් බවට පත් වෙනවා. මේ දිනවල මේක් - අප් කිරීමෙන් වළකින්න. ඔබේ මාස්ක් එකෙන් ද ඇති වන ආසාදන නිසා කුරුලෑ ඇතිවීමට වැඩි ඉඩක් හට ගන්නවා. ඔබේ මාස්ක් එක නිසා ඇති වන මේ බැක්ටීරියා අසමතුලිතතාවය නිසා මඟින් කුරුලෑ, තද රෝස පැහැති පැල්ලම් මෙන්ම කට වටා ඇතිවෙන දද තත්ත්වය ද මුහුණේ ඇති වෙන්න පටන් ගන්නවා.

සෑම විටම මෘදු රෙදි වර්ගයකින් හැදූ මාස්ක් එකක් හෝ මෙඩිකල් මාස්ක් එකක් පැලඳ ගන්න. ඒවා සමට තද නොවන අතර ඔබේ සමේ ඇතිල්ලීමක් ද සිදු වන්නේ නැහැ.

ඔබට දීර්ඝ කාලයක් මාස්ක් එක පැලදිමට සිදු වුණොත් මොයිස්චරයිසර් එකක් භාවිතා කරන්න. ඔබ මාස්ක් එකක් දීර්ඝ වෙලාවක් පැලඳගෙන ඉන්නවා නම් මුහුණ පිසදැමීමට සහ මුහුණ වාතයට වියළෙන්න දෙන්න වග බලා ගන්න.

ඔබේ මුහුණ සෝදා ගැනීමට අවස්ථාවක් ලැබෙනකල් මුහුණේ ඇති වෙන අතිරික්ත තෙල් හා දහඩිය අවශෝෂණය කර ගැනීමට ඔබට මෘදු ෆේස් ටිෂූ වර්ගයක් භාවිතා කරන්න පුළුවන්.

අපිරිසුදු දෑතින් ඔබේ සම ස්පර්ශ කරන්න එපා. ඔබේ හිසකෙස් ඔබේ මුහුණට වැටීමට ඉඩ දෙන්නත් එපා. රාත්‍රියට කෝමාරිකා ජෙල් සමඟ සහල් පිටි ටිකක් මිශ්‍ර කර මිශ්‍රණයක් සකසා ගන්න. මෘදු රවුම් චලනයන් වලින් මුහුණ හොඳීන් ටිකක් තෙත් කරලා ඒ මත මෘදු ලෙස මසාජ් කරන්න. උදේ සහ සවස පිපිඤ්ඤා සාරය මුහුණට ආලේප කිරීම ද ඔබේ සමට සුවදායක වන අතර කුරුලෑ ඇතිවීම ද වළක්වයි.

ඨපඥඥද බඥච සාරයෙන් පිරුණු කුඩා ෆේස් ස්ප්‍රේ එකක් හෝ ෆේස් මීස්ට් බෝතලයක් නිතරම ළඟ තබා ගන්න. ඒවායේ මුහුණට සුවදායී ගුණාංග ඇති නිසා පුළුවන් සෑම විටම භාවිත කරන්න. එමඟින් ඔබේ සම සන්සුන්ව හා සජලීයව තබා ගන්නවා.

සම සුවෙන් තිබෙන්න නම් ඔබ සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම ද ආරම්භ කළ යුතුයි. නිවිති සහ ලෙමන්, ඉඟුරු යුෂ, හරිත කොළ වර්ග හා එළවළු වැඩියෙන් පරිභෝජනය කරන්න පටන් ගන්න.

ඔබේ මුහුණ රතු පැහැයට හැරවිලා නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. විශේෂයෙන් ඔබට ආසාත්මිකතාවයක් ඇත්දැයි පරීක්ෂා කර ප්‍රතිකාර ලබා ගන්නත් අමතක කරන්න එපා.

 

උපදෙස්

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

නීශා මනහාරි

 

 

2020/12/09 තරුණි පුවත්පත බලන්න