තෙල් සම්බාහනයක් නිවැරැදිව කරමු

දෙසැම්බර් 9, 2020

දීප්තිමත් නිරෝගී කෙස් කලඹක සිහිනය සැබෑකර ගත හැකි තෙල් සත්කාර පිළිබඳ පසුගිය සතියේ අප කතාබහ කළා. එහිදී තෙල් සකසාගන්නා ආකාරයත් ඒවා හිසට යොදා ගන්නා ආකාරය ගැනත් දැන් ඔබ දැනුවත්.

අද අපි සාමාන්‍ය නිරෝගී කෙනෙක්ට හිස කෙස් වර්ධනය කරගත හැකි, කෙස් කලඹට පෝෂණයක් ගෙන දෙන සම්බාහනයක් කරන ආකාරය පියවරෙන් පියවර විමසා බලමු.

හිස සම්බාහනය කිරීමේදී ප්‍රථමයෙන්ම හිසට හොඳීන් තෙල් දමා ගන්න. දැන් අපි සම්බාහනය කරන ආකාරය පියවරෙන් පියවර බලමු. රූප සටහන දෙසත් දී ඇති උපදෙසුත් අනුගමනය කරමින් මේ සම්බාහනය නිවැරැදිව පුහුූණ වන්නන.

හිස පිටුපස බෙල්ලනේ ආරම්භ කරන්න.

දෑත් දෙකම උරහිස් මත තබා එළියේ සිට බෙල්ල දෙසට ඉතා සෙමින් තද කරමින් දෑත් ගෙන එන්න.

මහපට ඇඟිලි දෙක උපයෝගී කරමින් බෙල්ලේ ඉහළට හිසේ උකුණු වළ දක්වා රවුමට රවුමට මඳක් තදකරමින් තුන් වරක් මෙය කරන්න.

ඔබේ දෑත්වල ඇඟිලි තුඩුවලින් හිසේ පිටුපස සිට ඉදිරියට කෙස් ගස් අතරින් දෑත් දමා නළල දෙසට හොඳීන් සම්බාහනය කරන්න.

මුළු හිස්කබල ම එසේ ඉතා සෙමින් කිහිප වරක් හොඳීන් සම්බාහනය කරන්න.

මසාජ් කරන අතරතුර කොණ්ඩය වියලී ඇත්නම් නැවතත් මඳක් රස්නය ඇති ඔබ සකස් කර ගත් තෙල් හිසට දමා ගන්න. ඔළුව වටේ ද ඇඟිලි තුඩු යවමින් හොඳීන් සම්බාහනය කරන්න.

දෑත්වල ඇඟිලි තුඩුවලින් ඉතා සියුම්ව තෙරපුමක් ද කරන්න.

හිස සම්බාහනය කිරීම ඉතා ඉවසීමෙන් සහ සෙමින් කළ යුතු දෙයකි. ඔබට කැමැති ආකාරයට ඔළුව හරවමින් කරකවමින්, මෙය සිදු කිරීමට යෑමෙන් බෙල්ලේ අමාරු හිසේ අමාරු ඇතිවිය හැකියි.

අංක 1 සිට 9 දක්වා ඇති රූප සටහන්වල පෙන්වා දී ඇති ආකාරයට මෙලෙස සම්බාහනය කරන්න. විනාඩි 20 ක් 25 ක් පමණ හිස සම්බාහනය කළ පසු උණු වතුර පෙඟ වූ තුවායක් හොඳින් තෙත මිරිකා සම්පූර්ණ කොණ්ඩය වැසෙන සේ ආවරණය කර විනාඩි 10 ක් 15 ක් පමණ සිටින්න. ඉන්පසු තවත් පැයක් දෙකක් හිස් තෙල් පිටින්ම හිඳ මඳ උණුසුම් ජලයෙන් ෂැම්පු දමා අතුල්ලා තෙල් සොදා හැර පසුව කන්ඩිෂනර් දමා සෝදාගන්න. අවසන් වශයෙන් කොණ්ඩය නිදහසේ වියළෙන්නට හැර පසුව හොඳින් පීරා ගන්න.

 

උපදෙස්

දීප්ති පෙරේරා

රූපලාවණ්‍ය සහ

පෞරුෂ සංවර්ධන උපදේශිකා

 

2020/12/09 තරුණි පුවත්පත බලන්න