කොණ්ඩයට උපකරණ භාවිත කරන්නේ පරෙස්සමින්...

දෙසැම්බර් 30, 2020

ලස්සන රුවකට කෙස් කලඹ ආභරණයකි. ඒ නිසා නිසි පෝෂණයක් හා ආරක්ෂාවක් ලබාදීමෙන් කෙස් කලඹ ඔබ රැකගත යුතුමයි. මෙලෙස කොණ්ඩය පෝෂණය කිරීමේ දී විලාසිතා දැමීමේ දී මෙන්ම රැකගන්නට අපට විවිධ උපකරණ ද භාවිත කරන්නට සිදුවේ.

ඒ උපකරණ පිළිබඳ දැනුවත් වී සිටීමත් ඒවා නිසි ලෙස හසුරුවන ආකාරය දැන සිටීමත් ඔබට වැදගත් වේවි. අද අපි ඒ පිළිබඳ කතාකරමු.

වෙළෙඳපොළ තුළ බොහෝමයක් කොණ්ඩ සැකසුම් උපකරණ ඇති නිසා කෙස් කලඹ සාදා ගැනීම මේ දිනවල ඉතා පහසු කාර්යයක් වී තිබේ. නමුත් රූපලාවණ්‍ය ශිල්පිනියකගේ උපදෙස්වලින් තොරව ඔබ විසින්ම කොණ්ඩ සැකසුමක් කිරීමේ දී උපකරණ භාවිත කරනු ලබන්නේ නම් මේ පිළිබඳ සැලකිලිමත් විය යුතුය. එලෙස භාවිත කරන ස්ට්‍රේට්නිං අයන්, කර්ලි හෙයා අයන්, හෙයා ඩ්‍රයර් මඟින් හිස කෙස්වලට හානි සිදු විය හැකියි.

මෙම උපකරණ මිලදී ගැනීමේ දී ඔබ සැලකිය යුතු කරුණු කිහිපයකි. තාක්ෂණයෙන් ඉතා උසස් තත්ත්වයෙන් ඇති උපකරණ භාවිත කිරීම සුදුසු යි. එය මිල අධිකයි. එහෙත් ඔබේ සුන්දරත්වයට වඩා කිසිවක් මිල අධික නැත.

* දිගුකාලීනව පාවිච්චි කිරීමේ හැකියාව (වසර 10 ක් තරම් කාලයක් වත් පැවතිය යුතුයි.)

* ස්වංක්‍රීයව කාලය සමඟම අක්‍රිය වීමේ පහසුකම් තිබීම අත්‍යවශ්‍ය යි.

* උෂ්ණත්වය ගැළපීම සඳහා බහු තාපන සැකසුම් (ඩඥචබ ජධදබපධත)

* සරලව හැසිරවීම හා ක්‍රියාත්මක කිරීමේ පහසුව

* සැහැල්ලු බර

ඔබේ හිසකෙස් සාර්ථක ලෙස නිවෙසේ දී හානි වීමකින් තොරව සකස් කර ගැනීමට නම් හිසකෙස් සකස් කරගත යුතු ආකාරය ගැන ද ඔබ සැලකිලිමත් විය යුතුයි.

මොනතරම් ප්‍රමිතියෙන් යුතු උපකරණ මිල දී ගත්තත් ඔබගේ හිසකෙස් ද අවශ්‍ය කාරණාව සඳහා සූදානම් කරගත යුතුයි.

ඔබට අවශ්‍ය වන්නේ කොණ්ඩය ස්ට්‍රේට් කර ගැනීමට නම් පළමුව ස්ට්‍රේටිං ෂැම්පො හා කන්ඩිෂනර් එකක් භාවිත කිරීමට පුළුවන්. ඒ ආකාරයටම කර්ල් කිරීමේ දී විවිධ ආකාරයේ කර්ලිං සාදා ගැනීමටත් කර්ල් ෂැම්පෝ සහ කර්ල් කන්ඩිෂනර් එකක් භාවිත කිරීමත් මඟින් සාර්ථක නිමාවක් ලබාගත හැකියි.

මේ ආකාරයට පිරිසුදුව හිසකෙස් සකස් කරගැනීමෙන් පසුව උපකරණ භාවිත කිරීමෙන් සිදුවන හානිය අවම කර ගත හැකියි. ඔබට අවශ්‍ය කාරණය ද මනා නිමාවකින් යුතුව කර ගැනීමට පුළුවන්.

බ්ලෝ ඩ්‍රයර්

බ්ලෝ ඩ්‍රයර් කරනවිට නිවැරැදිව කරන්න. තෙත කොණ්ඩය අවුල් වීම වළකා වියළා ගැනීමට බ්ලෝ ඩ්‍රයර් කළ යුතුයි. පැතැලි පනාවක් කිරීමෙන් බුරුල් නිසා වඩාත් සාර්ථක ප්‍රතිඵල හිමිවන්නේ නැහැ. ඒ නිසා රවුම් බ්‍රෂ් එකක් තෝරාගන්න. එමඟින් කොණ්ඩය තදින් ඇදී හිටින නිසා එය පහසුවකි. එලෙස රවුම් හෙයාර් බ්‍රෂ් එකක් ආධාරයෙන් කෙස් පැතලි ලෙස අල්ලා ගනිමින් ඩ්‍රයරයේ පැතලි නොසල් එකේ අගෙන් බ්ලෝ ඩ්‍රයර් කරන්න. හිසකෙස් අධික ලෙස උණුසුම් වීම හෝ පිලිස්සීම වැළැක්වීම සඳහා අවශ්‍ය වන ඕනෑම විටක උණුසුම් සහ සිසිල් සැකසුම් වෙනස් කරන්න. ඔබේ හිසකෙස් හොඳීන් වියළා ගත් පසු කොටස්වලට බෙදා ගන්න. හිස් කෙස් තැනින් තැන අල්ලා, ස්ට්‍රේට්, කර්ල් කිරීමට උත්සාහ කරන්න එපා. ප්‍රථමයෙන් හිස් මුදුනේ සිට කන් දෙක වනතෙක් හිස කෙස් දෙකට බෙදාගන්න. ඉන්පසුව බෙදා ගත් එම කොටස් දෙකත් හතරට බෙදා ගන්න. දැන් ඔබට හිසකෙස් සමාන කොටස් 4 ක් ලැබෙනු ඇත.

මේ කොටස් 4 වෙන වෙනම ක්ලිප් කරගන්න. මෙයින් හිසකෙස් අවුල් වීමක් නොවන ඇත. දැන් ඒවා වෙන වෙනම බ්ලෝ ඩ්‍රයර් කරගන්න.

 

නිවැරැදි තාප සැකසුම

නිවැරැදි තාප සැකසුම තෝරන්න. ඔබේ කෙස්වල ඝනකම් අනුව ඔබ මීට කලින් කොණ්ඩයට කර ඇති සත්කාර හෝ කොණ්ඩ සැකසුම් අනුව ඔබේ කොණ්ඩය තුනී ද ඝනකම ද යන බව ඔබට වටහා ගන්න පුළුවන්. අයන්වල සටහන් වී ඇති උෂ්ණත්වය පාලනය කරගන්න.

සුදුසු ක්‍රම අනුගමනය කරන්න

ස්ට්‍රේට් කිරීමේ දී සිදුවන හානිය වැළැක්වීම සඳහා පහත ක්‍රම අනුගමනය කිරීම ඉතා වැදගත්.

බෙදා ගත් හිස කෙස් මත අයන් එක සෙමින් ගෙන යන්න. නමුත් අයන් එකෙන් හිස්කබල ස්පර්ශ නොවන සේ මෙය කරන්න. එමෙන්ම නැවත නැවත අයන් එක අවසන් කරගත් හිසකෙස් මත රැගෙන නොයන්න. නිසි ලෙස එය නිමා කරන්න. ස්ට්‍රේට් කර අවසන් කළ හිසකෙස්වල උණුසුම නොරැඳෙන පරිදි සකසා ගන්න.

ඉන්පසු සීරම් බිංදු 3 ක් හෝ 4 ක් ගලවන්න. එයින් හිසකෙස් ඔප දැමූ පෙනුමක් ලැබේ. කර්ල් කිරීමට ද මෙය අනුගමනය කරන්න.

 

උපදෙස්

දීප්ති පෙරේරා

රූපලාවණ්‍ය සහ

පෞරුෂ සංවර්ධන උපදේශිකා