දෙබැම දෙව්දු නුවන් පටු නළල අඩ සඳ වන්...

නළල සිහින්ව අඩ සඳ සේ කලාත්මකව ඇත්නම් ඇය භාග්‍යවන්තය
ජූලි 7, 2021

 

secret of Body Language

කලාකරුවාගේ කාව්‍යමය ඇසට ලලනාවකගේ නළල දිස්වූයේ ඒ අයුරින්ය. එහෙත් එක් එක් කාන්තාවකට විවිධ හැඩතලයෙන් යුක්ත නළල් තල පිහිටා තිබේ.

කාන්තාවකගේ මුහුණට පියකරු බවක් ගෙන දෙන නළල් තලයේ පිහිටීම පිළිබඳව සොයා බැලීමේදී ඒ තුළින් ඇගේ ගතිගුණ හෙළිකර ගත හැකිය. ඒ අනුව අද අප සිරුරේ භාෂාව ඔස්සේ නළල් තලයේ පිහිටීම අනුව හෙළිවන කාන්තාවකගේ සැබෑ ගතිගුණ පිළිබඳ අප්‍රකට සැඟවුණ අදහස් එළිදක්වා ගනිමු.

නළල සිහින්ව අඩ සඳ සේ කලාත්මකව ඇත්නම් ඇය භාග්‍යවන්තය.

බොහෝ සැප සම්පත් විඳිනු ඇත. තරුණ වියට පාතබත්ම ආදරය සෙනෙහස ප්‍රේමයේ උත්තරීතර තත්ත්වය වූ යුග දිවියට ඇතුළත් වේ.

අටවක සඳ සේ හැඩයක අනුරූපක වේ නම්, රෝම රහිත නම් ඇය දුප්පත් දුගී පැලක උපත ලැබුවත් කල්යාමේදී උසස් සැප ලබන්නීය. වාසනාවන්ත විවාහයකට හිමිකම් කියයි.

දරු සම්පත්වලින් පිරිපුන්ය.

අඟල් තුනක් ඉක්ම නොවූ නළල ඇත්නම් ජීවිතයේ සතුට ලබයි. රෝගාබාධ අඩුය. සැපවත් වේ. ධනය, සම්පත් ලැබීමේ වාසනාව උරුමය.

පළල් නළලක් හිමි නම් ඇය රාජ්‍ය තනතුරු ලබයි. උසස් සමාජ තලයකට පිවිසේ.

ජනතාව අතර කීර්තිය ඇති වේ.

ජනප්‍රියත්වය හිමි වේ. ප්‍රසිද්ධ වේ. භාග්‍යවත් භවේ සංකේතයකි. නමුත් සිය අණසක පැතිරයාමේ මානසිකත්වයක්ද ඇය සතුයි.

පළල් නළල මත ස්වස්තික ලකුණක් පිහිටා ඇත්නම් ඇය වාසනාවේ දෙව්දුවකි. රාජ්‍ය තනතුරු ලබයි. ධනය ලැබේ. සම්පත්කාරක වේ. උසස් දිවියක් ගත කරයි. ජනතාවගේ ආකර්ෂණය ඇතිවේ. ගැහැනියකට පිහිටිය යුතුම නළල්තලාවකි.

නළල පුරාම රැලි වැටී නහර ඉලිප්පී ඇත්නම් දුක් විඳින අයකු වේ.

සැපය අඩුයි. විවාහය ද එතරම් සුබදායක නොවේ. නිරන්තර දුක් කරදරවලට මුහුණ පෑමට ලක්වේ. ජීවිතය තෘප්තිමත් නොවෙයි.

කාලවර්ණයෙන්, ඉන්නන් හා කළු ලප ඇත්නම් එය ඉතාම අසුබයි. සැමියාට හොඳ නැත. මහන්සියේ තරමට ප්‍රතිඵල නැත. රෝග කරවයි. දුකට පත්වේ. සැප සම්පත් හීනයි.

නළල උස්ව ඝනව එබී ගියේ නම් ඉතා අශුභයි. විවාහය කඩා බිඳ වැටේ. මායාකාරී චරිතයකි.

ජීවිතය අසුබ පැත්තට හරවා ගනී. සැපය ඉතාම හීනයි. වංක චරිතයකි.

නළලතේ දකුණු පස කළු ලපයක් පිහිටා ඇත්නම් ඇය චරිතය කිළිටිකර ගන්නියක විය හැකිය.

පතිභක්තියක් ඇත්තේම නැත. අයථා සබඳතා ඇතිකර ගනී. යුග දිවිය කඩා වැටී අන්ත අසරණ තත්ත්වයට පත්වීමට ඉඩ ඇත.

වක්‍ර ක්‍රමවත්ව දිගින් යුත් නළලක් වේ නම් ඇය ඉතාම යහපත් වේ. උසස් තනතුරු හොබවයි.

නායකත්වය හිමියි. සම්මානනීය වේ. ප්‍රභූ ඇසුර ලැබේ.

ත්‍රිකෝණාකාර අධිකව රෝම ඇති කියඹුවැල කේඩෑරි වී ගිය නළලක් යන මේ සියල්ල ඇත්නම් අවාසනාවේ ලකුණකි.

ධනය නැතිවේ.

සම්පත් අහිමි වේ. කිසිඳු සතුටක් හිමි නොවෙයි. විෂ සහිත කාන්තාවකි.

ඉදිරියට නෙරා ආ නළල බුද්ධිමත් වූත් කපටි වූත් බව කියා පායි.

ආත්මාර්ථකාමියි. සැක සහිතය. විශ්වාස කළ නොහැක්කියකි.

 

උපදෙස් - ප්‍රවීණ ජ්‍යොතිර්වේදී

ටී. හෙන්රි බෙම්මුල්ල