වියදමක් නැතිව ලෙඩ අඩුකරගන්න කැමැති ද?

නොවැම්බර් 22, 2021

ලෙඩ අඩුකර හැඩ වැඩි කරන හැටි කියාදෙන වෛද්‍ය ජානක වන්නකු

ඉතා සීග්‍රයෙන් බෝ වන රෝගයක් වන කෝවිඩ් 19 නිසා මේ වන විට මුළු ලොවම ව්‍යාකූලව ඇත. රෝග බිය, මරණ බිය, අහිමිවීම්, හුදෙකලා වීම් මිනිස් සිත බොහෝ සේ ඔද්දල්කොට ඇත. නිවාස අඩස්සියේ සිටින මේ කාලය තුළ බොහෝ දෙනා ආහාර වැඩි වශයෙන් ගැනීමටත්, කාර්යබහුල ජීවිතයෙන් මිදී අලස ජීවිත ගත කළ බවත් රහසක් නොවේ.

කෝවිඩ් පැමිණීමට පෙර සිටි බොහෝ දෙනා ඉන් වසරකට දෙකකට පසුව වෙනස් විය. ස්ථූලතාව මෙන්ම සිරුරේ බර වැඩි වීම නිසා වැඩි දෙනෙක් බෝනොවන රෝගවල ගොදුරු බවට පත් වූහ.

නිවෙසට වී කාලය ගත කරන බොහෝ දෙනකුගේ අත්‍යවශ්‍ය ම අංගයක් ලෙස ජංගම දුරකථනයට වැඩි තැනක් ලැබිණි. එමෙන්ම අන්තර්ජාලය එය විවේචනය කළ අයගේ පවා මිතුරා බවට පත් විය. මේ නිසාම කෝවිඩ් වසංගත සමයේ සමාජ මාධ්‍ය බොහෝ සේ ව්‍යාප්ත විය. ඒ අතර මුහුණු පොතේ ද විවිධ වූ සමූහයන් ඇති විය.

ඇතැම් සමූහ හුදෙක් විනෝදය සඳහාම වූ අතර ඇතැම් සමූහ දැනුම හුවමාරු කිරීම, සමාජසේවා කිරීම ආදී ධනාත්මක අරමුණු උදෙසා ඇතිකර ගත් ඒවා විය. අහම්බයෙන් ‘බඩට තිත‘ යන නමින් යුත් සමූහයකට මම ද ඇතුළු වීමි. එහි වූයේ බොහෝ දෙනකුට අද ගැටලුවක්ව පවතින බර, බඩ අඩුකර ගැනීමටත් නිරෝගී වීමටත් අවැසි උපදෙස් ය. මෙහි ටික කලක් සිටීමෙන් එහි සාමාජිකයන්ගෙන් දුටු විස්මිත ප්‍රතිඵල නිසා තරුණී පාඨක ඔබට ද ලෙඩරෝග අඩුකරගෙන හැඩ වැඩ වැඩිකර ගත හැකි මේ ක්‍රමවේදය හඳුන්වා දීමට අදහස් කළෙමු. ඒ වෙනුවෙන් අපි ජානක වන්නකු වෛද්‍යවරයා හමුවුණෙමු.

අපි කැමැතියි මුලින් ම ඔබතුමා ගැන තොරතුරු දැනගන්න..

මම රත්නපුර ශික්ෂණ රෝහලේ මානසික සෞඛ්‍ය ඒකකයේ දැනට සේවය කරනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ බෝ නොවන රෝග ඒකකයේ අවුරුදු දෙකක් පමණ රාජකාරි කළා. මම වසර තුනක් රත්නපුර රෝහලේ ව්‍යායාම මාලාවක් අඛණ්ඩව සිදු කළා. ඒකට රෝහල් කාර්යමණ්ඩලයේ සාමාජිකයන් වගේ ම අවට කාර්යාලවල සේවය කරන අයත් සහභාගී වුණා. ඉන් පසුව මම අවුරුදු 10ක පමණ ඉඳන් ශරීර සුවතා මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම තමයි මෙයට මූලිකවම හේතු වුණේ.. මොකද විවිධ රැකියාවන් කරන විවිධ තරාතිරමේ අය බර, බඩ අඩුකර ගැනීමේ අරමුණින් ජිම් එකට ආවා. මෙයට පෙර

මෙහිදී ගොඩක් වෙලාවට බර අඩු කිරීම පහසු දෙයක් වුණේ නැහැ. මමත් ඒ කාලේ අනෙක් අය වගේම හිතුවෙ අඩුවෙන් කාලා වැඩියෙන් ව්‍යයාම කළාම බර අඩුවෙන බව. නමුත් ඒ ක්‍රමය සාර්ථක වෙන්නේ කෙටි කාලීනව පමණයි මේකට පිළිතුරක් හොයන්න මම නොයෙකුත් ක්‍රම අත් හදා බැලුවා. අන්තිමට ඒ විදි ක්‍රම කිහිපයක එකතුවක් තමයි. මේ ආකාරයෙන් මුහුණු පොතේ වන්නකු මෙතච් නමින් ප්‍රසිද්ධ කළේ.

* මේ සම්බන්ධයෙන් ඔබ කුමන හෝ පර්යේෂණයක් සිදු කළාද?

එළිදැක්වූ පර්යේෂණ වාර්තාවක් නම් නෑ. ඒත් පෞද්ගලිකව මම මගේ රෝගීන් සමඟ පරීක්ෂණ සිදු කළා. ඒ අත්දැකීම් මත තමයි මෙය දිගින් දිගට ම කරන්නේ. බොහෝ දෙනකුගේ අදහසක් තියෙනවා ඩයට් ( DIAT) කිරීම නැත්නම් ආහාර පාලනය කිරීම වියදම් අධික රටාවක් බවට. එහිදී වැඩි පෝෂණයක් ලබා ගැනීමට මිල අධික ආහාර වර්ග ගැනීමට සිදුවෙනවා. මේ නිසාම කලින් සිදු කළ පරීක්ෂණයට අමතරව මම රත්නපුර එරත්න රෝහලේ දී සමීක්ෂණයක් සිදු කළා. රෝගීන් විසිදෙනකු සහභාගී කරවාගෙන ඔවුන් අවුරුද්දක කාලයක් මේ ජීවන රටාවට හුරු කරමින් කළ සමීක්ෂණය බොහෝ ප්‍රතිඵලදායක වුණා. එරත්න කියන දුෂ්කර ගම්මානයේ තමයි මේ රෝගීන් සිටියේ. ඒනිසා මිල අධික ආහාර වෙනුවනට ඔවුන්ට පහසුවෙන් සපයාගත හැකි දේශීය ආහාරවලින් පෝෂණ අවශ්‍යතා ඉටුකර ගනිමින් මෙය සිදු කළා. ඔවුන් බොහෝ දෙනකුගේ බර අඩු වුණා, දියවැඩියාවට ගන්න බෙහෙත් අඩුකිරීමට හැකි වුණා.. තවත් අය දියවැඩියාව සුවකර ගත්තා.

* විවිධ වූ ආහාර පාලනය කිරීමේ ක්‍රම නැතිනම් ඩයට් ප්ලෑන් සමාජයේ තියෙනවා. අනෙක් ඩයට් ප්ලෑන් එක්ක ගත්තම මේ ක්‍රමයේ තියෙන විශේෂත්වය මොකක්ද?

ඒ ඒ ආහාර වර්ගයට අදාළව යෙදිය යුතු මිරිස් වර්ග ද තීරණය කළ යුතුය. ඇතැම් ආහාර වර්ගවලට ආදේශක ලෙස වෙනත් මිරිස් වර්ගයක් යෙදිය හැකියි. නමුත් ඒ මිරිස් වර්ගවල රස පිළිබඳ ඔබට යම් දැනුමක් තිබිය යුතුය.

අමු මිරිස් යොදන මැල්ලුම්, සම්බෝල වැනි දේවලට අමු මිරිස් වෙනුවට බැටළු මිරිස්, නයි මිරිස් හෝ කොච්චි ආදේශක ලෙස යොදා ගත හැකිය. නමුත් එම මිරිස් වර්ගවල පවති රසය අනුව දමන කරල් ප්‍රමාණය තීරණය කළ යුතුයි.

නමුත් කට්ලට්, සැන්ඩ්විචස් වැනි ආහාර වර්ග සැකසීමේ දී මෙලෙස වෙනත් මිරිස් වර්ග භාවිතය සුදුසු නොවේ. ඒ සඳහා වඩාත් සුදුසු වන්නේ අමු මිරිස් ය.

මිරිස් රසය මඟින් දිවගට ගෙන දෙන රසය නිසි ලෙස ලබා ගැනීමට නම් නිසි ප්‍රමාණවලින් මෙන්ම නිවැරැදි කැපුම් ක්‍රම අනුගමනය කරමින් ආහාර වර්ගවලට මිරිස් එකතු කළ යුතුය.