පස් නැතිව ගස් සිටුවන මැජික් එක

කොහුබත් ග්‍රෝ බෑග් ක්‍රමය
අගෝස්තු 26, 2020

 

ගසක් සිටුවීම කලාවකි. එය තමාගේ හැකියාවත්, නි්මාණාත්මක කලාවත් යොදා ගත් විට එයින් කළ හැකි විස්කම් අපරිමිතය. අප ඔබට පසුගිය කලාපයේදී හඳුන්වා දුන්නේ පස් නැතිව පැළ සිටුවීමේ ක්‍රමයයි. එය පැළ සිටුවීමේ වෙනස්ම කලාවකි.

මෙය ලෝකයේ බොහෝ රටවල ජනප්‍රිය ක්‍රමයක් බවට පත්වී ඇත්තේ ඔවුන්ගේ රටවල පවතින පරිසර සාධක අනුවය.

ජනාකීර්ණ වූ පරිසරයක පස් ඇති බිමක් සොයා ගැනීම තරමක අභියෝගයකි. එය වර්තමානයේ අපගේ නාගරික පරිසරයට එලෙසින්ම වලංගුය. අප මේ සඳහා විකල්පයක් ලෙසින් කොහුබත් ග්‍රෝ බෑග් ක්‍රමය හඳුන්වා දුන්නේ ඕනෑම තැනක පැළයක් සිටුවා ගැනීමටය. මේ ක්‍රමය ගැන අපට විස්තර කළේ ර්චඵඵ ඛ්ධජධ ඹ්චදඬච පුද්ගලික සමාගමේ නිෂ්පාදන අංශ ප්‍රධානී මිගාර ගුණරත්න මහතාය. ඔහු මෙවර ඔබට විස්තර කරනු ලබන්නේ ග්‍රෝ බෑග් එකක් තුළ පැළයක් සිටුවන ආකාරයයි.

එලෙසින් කොම්පොස්ට් පොහොර ස්වල්පයක් පමණක් යොදාගෙන ඉතාම පහසුවෙන් ගසක් සිටුවන ආකාරය ඔහු අපට පියවරෙන් පියවර හෙළි කළේ මෙලෙසිනි.

සාමාන්‍යයෙන් ග්‍රෝ බෑග් එකක් තුළ පැළයක් සිටුවීමට පෙර එය තවානක සිටුවීම කළ යුතුය. මේ සඳහා ද ර්චඵඵ ඛ්ධජධ ඹ්චදඬච සමාගම විශේෂ පැළ තවාන් බඳුනක් හඳුන්වා දී තිබේ.

උපදෙස්  - Coco Peat Grow Bag  ආයතනයේ නිෂ්පාදන අංශ ප්‍රධානී

මිගාර ගුණරත්න

ඡායාරූප - ටෙනිසන් එදිරිසිංහ

 

 

2020/08/26 තරුණි පුවත්පත බලන්න