වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ඇතුවත් බැරි නින්ද නැතුවත් බැරි නින්ද
මිනිසාගේ පැවැත්මට මෙන්ම නිරෝගීබව රැකගන්නත් නින්ද අත්‍යවශ්‍ය සාධකයක්. කොතරම් මිල මුදල් තිබුණත් සතුට මෙන්ම නින්දත් මිලට ගත නොහැකි දෙයක්. සාමාන්‍ය මිනිස් ජීවිතය පවත්වාගෙන යාමට නින්ද නැතුවම බැරිවාක් මෙන්ම ඕනෑවට වඩා නින්දත් සාමාන්‍ය දිවි පැවැත්මට බාධාවක්.
අද පවතින කාර්යබහුල දිවිපෙවෙතත් සමඟම සමහර ජීවිතවලට නින්ද ලබාගන්න එකත් ගැටලුවක් වෙලා. සාමාන්‍ය නිරෝගී දිවි පැවැත්මක් සඳහා නින්ද අවශ්‍ය බව දැනසිටියත් නින්ද නොලැබීම ජීවිතයට මෙතරම්ම ලොකු හානියක් බව වටහාගත්තේ පසුගිය දිනෙක රූපවාහිනී නාලිකාවක විකාශනය වූ
විශේෂඥ මනෝ වෛද්‍ය සුසිල් කුලතිලක මහතාගේ වෛද්‍ය සාකච්ඡාවක් නෙත ගැටුණු නිසාවෙනි. මට මෙන්ම ඔබටත් වැදගත් මෙන්ම විශේෂ අවධානයක් යොමුකළ යුතු බොහෝ තැන් එහි ගැබ්වී තිබුණු නිසාම ලිපියක් ඔස්සේ හෝ එය ඔබ වෙත ලබාදෙන්නට අදහස් කළෙමි.
නින්ද
මිනිස් දිවි පැවැත්මට අත්‍යවශ්‍ය ස්වාභාවික ක්‍රියාවලියක් තමයි නින්ද කියන්නේ. අප අවදිව සිටින කාලය තුළ මනස හා ශරීරය සක්‍රීයව ක්‍රියාත්මක වේ. ඉන් පසුව ඊට පසු දිනට (එනම් ඊළඟ පැය 24 ට) මිනිස් මොළය සූදානම් වීමක් තමයි නින්දේදී සිදුවන්නේ. සාමාන්‍යයෙන් අපට එය අක්‍රීය කාල පරිච්ඡේදයක් ලෙස සිතුනත්, මොළය තුළ ඉතා සංකීර්ණ සක්‍රීය ක්‍රියාවලියක් සිදුවන කාලයක් ලෙස තමයි මේ නින්ද හැඳින්වෙන්නේ. මෙහිදී විශේෂයෙන්ම සිදුවන්නේ ඊළඟ දිනට නැවත මනස හා ශරීරය ක්‍රියාකාරී වීමට සූදානම් වීමයි.
මෙලෙස අවශ්‍ය තරම් නින්දක් ලැබුවහොත් පමණයි ඊළඟ දිනය හොඳින් ක්‍රියාකිරීමට හැකිවන්නේ. එය සත්‍යක් බව මා මෙන්ම ඔබද ඕනෑතරම් අත්විඳ ඇතුවාට සැකයක් නැහැ. මොහොතක් සසඳා බලන්න, ඔබ සාමාන්‍ය පරිදි නින්දක් ලැබූ දිනෙක පසුදින ඔබගේ දෛනික වැඩකටයුතු සහ ඔබ නින්දක් නොලැබූ දිනෙක පසුදින ඔබගේ ක්‍රියාකාරීත්ව ගැන බොහෝ අවුල් සිදුවනවා නේද?
නින්ද ස්වාභාවික ක්‍රියාවලියකි
මොළයේ නිද්‍රාවට අදාළ කොටස ඵතඥඥන ජඥදබපඥ එකෙහි ක්‍රියාකාරීත්වයට හිරු එළිය මෙන්ම මෙලටොනින් නම් හෝමෝනය ද බලපායි. හිරු එළිය ලැබෙනවිට මෙලටොනින් හෝමෝනය සක්‍රීය වී මොළය අවදි වේ.
හිරු එළිය බැසයද්දී මෙලටොනින් හෝමෝනය අඩුවී මොළය නිද්‍රාවට පැමිණේ.
නිදි චක්‍රය
සාමාන්‍ය ජීවිතයේ ඔරලෝසුවකට අනුව ක්‍රියාකරනවා මෙන්ම මිනිස් මොළයෙහිද අන්තර් ඔරලෝසුවක් (ධ්දබඥපදචත ඛ්තධජඬ) ඇත. ඒ අනුව නිදි චක්‍රයක් නිර්මාණය වේ. සාමාන්‍ය පුද්ගලයකු තම නින්දේදි එවැනි නිදි චක්‍ර 4/5 ක් පමණ ගෙවයි.
නින්ද ඇතිවන ආකාරය
නින්ද ඇතිවීමට හේතුව මොළයේ නින්දට අදාළ කොටස “ඵතඥඥන ජඥදබපඥ” සක්‍රීය වීමයි. කුමක් හෝ දෙයක් ගැන සිතමින් සිටින විට හෝ බයකින්, චකිතයකින් සිටින විට මෙම “ඵතඥඥන ජඥදබපඥ” එක සක්‍රීය නොවේ. එවිට මනස අවදියෙනි. “කෝ මට නින්ද යන්නේ නෑනේ” යැයි සිතමින් වදවන අවස්ථාවලද සිදුවන්නේ මෙයයි.
නිද්‍රා ආබාධ
සාමාන්‍යයෙන් පුද්ගලයෙක් දිනකට පැය 6-8ක් අතර කාලයක් නින්ද ලබාගත යුතුයි. නමුත් රැකියාවේ හෝ වෙනත් විශේෂ හේතුවක් නැතිව අවශ්‍ය තරම් නින්දක් නොලැබෙනවා නම් හෝ අවශ්‍ය ප්‍රමාණයට වඩා නින්ද ලබනවා නම් හෝ එය වෙනත් රෝගයක පෙර නිමිත්තක් විය හැකියි.
උදා: තයිරොයිඩ් ආශි‍්‍රත රෝගයක් හෝ රුධිරගත සීනි මට්ටම ඉහළ යාම වැනි රෝගයන්හි රෝග ලක්ෂණයක් විය හැකියි.
නින්ද නොයෑම
බොහෝ විට දක්නට ලැබෙන්නේ වයස්ගත පුද්ගලයන් අතරය. සාමාන්‍යයෙන් වයසට යන විට නින්ද ලබන කාලය අඩුවිය හැක.
ඒ සඳහා පිළියම් ලෙස
* එකම වේලාවක ඇඳට යාම පුරුද්දක් කරගැනීම
* ශබ්ද, මැසි, මදුරු කරදර අවම තැනක් තෝරාගැනීම යොදාගත හැකිය.
නමුත් පොඩ්ඩක්වත් නිදි නොලබන පුද්ගලයන්ද සිටී. එය ඉන්සෝමියා නමැති ප්‍රතිකාර ගතයුතු රෝගී තත්ත්වයකි. මන්ද අපගේ ඊළඟ දිනට මනස හා ශරීරය ක්‍රියාකාරීවන සැලැස්ම සකස් වන්නේ නින්දේදී වීමයි. නැතහොත් ඊළඟ දින මනස ක්‍රියාකාරීත්වය අවුල් සහගත වේ. ශරීරය දුර්වල වේ.
ඕනෑවටත් වඩා නිදා ගැනීමද හයිපසෝමියා නමැති රෝගී තත්ත්වයයි. වෙනත් රෝගයකට ඖෂධ භාවිත නොකරන්නේ නම් හෝ වෙනත් ආබාධිත තත්ත්වයක් නොවේනම් මෙලෙස නිදි ලබන අය අනිවාර්යයෙන්ම වෛද්‍යවරයකු වෙත යොමුවිය යුතුය. සමහර පුද්ගලයන් සිටගෙන වුව කෙටි වුවත් ගැඹුරු නින්දකට යන අවස්ථා ඇත. අවදි වූ වහාම ඔවුන් සාමාන්‍ය පරිදි ක්‍රියාකාරී වේ. බස් රථවල මෙම දසුන ඔබ දැක ඇත. මෙය ඉතා ඉක්මනින්ම ප්‍රතිකාරවලට යොමුවිය යුතු රෝගී තත්ත්වයකි. මෙය නාකොලෙප්සි නම් රෝගී තත්ත්වයයි
තවත් සමහර පුද්ගලයන්ට කොතරම් උත්සාහ කළත් පහසුවෙන් නින්ද ළඟාවන්නේ නැත. ඇඳට ගියත් දඟල දඟලා සිටිනවා විනා ඉක්මනින් නින්ද නොයයි. තවත් සමහරුන්ට ඉක්මනින් නින්ද ළඟාවනවා මෙන්ම ඉක්මනින්ම අවදි වේ.
2019/05/08 තරුණි බලන්න