ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගයේදී නෙත්මිකාට රිදී පදක්කමක්

රිදී පදක්කම් දෙකක් ඇතුළු සමස්ත පදක්කම් 5යි
මැයි 6, 2024

මේ අතර පසුගියදා ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගය ද ආරම්භ විය. මේ තරගාවලිය ආරම්භ වීමත් සමඟම පළමු දිනයේදීම ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනා ගැනීමට හැකි වීම කැපීපෙනෙන සිද්ධියකි. මෙලෙසින් තරගාවලියේ මංගල රිදී පදක්කමට හිමිකම් කියුවේ නෙත්මිකා මධුශානි හේරත්ය. අැය මේ තරගාවලියේ ශ්‍රී ලංකා නාමය ඉදිරියේ මුල්ම පදක්කම සටහන් කළේ තුන් පිම්ම ඉසව්වෙනි.

මොනරාගල, බිබිල නන්නපුරාව විද්‍යාලය නියෝජනය කළ නෙත්මිකා විසින් මෙලෙසින් තුන් පිම්ම ඉසව්වෙන් ජයග්‍රහණය වාර්තා කළේ මීටර් 13.01ක දක්ෂතාවයක් පෙන්වමිනි. එය ඇයගේ හොඳම දක්ෂතාවය ද වූ අතර මේ තරගයේ රන් පදක්කම දිනාගත් ක්‍රීඩිකාවගේ දක්ෂතාවය වුයේ මීටර් 13.33කි. උස්බෙකිස්තානු ක්‍රීඩිකාවක් වූ එම ක්‍රීඩිකාවට හොඳ තරගයක් ලබාදුන් නෙත්මිකාට පසුව ලෝකඩ පදක්ක දිනාගත් කොරියානු ක්‍රීඩිකාවගේ වාර්තාව වූයේ මීටර් 12.67 කි.

මේ තරගයට අමතරව මීටර් 100 ඉසව්ව ද අවසන් වු අතර එම තරගයේදී කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ටෙරෝන් විජේසිංහ තත්පර 10.59ක් වාර්තකර ගනිමින් 5 වැනි ස්ථානය ලබා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. තවද මේ තරගාවලියේදී මීටර් 100 සහාය දිවිමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් ද හිමිවිය. ඒ සඳහා කෞෂාල් තමෙල්, ඉඳුවර වීරරත්න, ඉඳුසර විදුෂාන්, මෙරෝන් විජේසිංහ යන ක්‍රීඩකයෝ සහභාගී වූහ. ඔවුන් මෙම ඉසව්ව අවසන් කිරීමට තත්ත්පර 39.81 ක කාලයක් වාර්තා කළේ නව ජාතික වාර්තාවක් තබමිනි. තව ද කාන්තා මීටර් 400 සහාය දිවිමේ ඉසව්ව සඳහා එක් වූ ජීත්මා, මහිමා, චරුනි සහ තක්ෂිමා යන ක්‍රීඩිකාවෝ ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් විය. මීටර් 400 පිරිමි සහාය දිවිමේ තරගයෙන් ද ලෝකඩ පදක්කමක් ශ්‍රී ලංකාවට හිමි වූ අතර ඒ සඳහා අවිශ්ක, ඔමෙල්, පසිඳු සහ කිරුළු ක්‍රීඩකයන් එක් වූහ. මේ අතර මිශ්‍ර මීටර් 400 සහයා දිවිමේ තරගයෙන් ද ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් හිමිවීම වි‍ෙශ්ෂ ජයග්‍රහණයක් විය.