වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
කාටවත් ණයක් නොවී සිටීම වාසනාවක්
පුංචියට හෝ තමන්ගෙම කියලා ව්‍යාපාරයක් ඇත්නම් හිතට දැනෙන අභිමානය මෙතෙකැයි කිව නොහැකියි. ඒ වගේම ඒ තුළින් පවුලේ ආර්ථිකයට ලැබෙන පිටුබලයත් සුළුපටු නොවේ.
අපේ මේ පුංචි රට තුළ එවන් දිරියෙන් නැඟී සිටින ව්‍යවසායිකාවන් කොතෙකුත් නම් සිටී ද? එවන් දිරිය මිනිසුන් නඟා සිටුවන්නට තරුණී ගන්නා උත්සාහය ‘දිරියට සවියක්’ නමින් මෙසේ සතිපතා දිගහැරෙයි. අද අපි දිරියට සවියක් තුළින් තවත් එක් අපූරු චරිතයක් හමුවෙමු.
ඇය දිල්හානි ඉරේෂා. අම්බලන්ගොඩ පදිංචි මේ දිරිය කතගේ දිරිය කතාව ඔබට කියන්නේ ඉන් යමක් උකහාගෙන ඔබේ දියුණුව ද ගොඩනඟා ගන්නට කරන ආරාධනාවත් සමඟිනි.
“ කලකට ඉහතදී අම්බලන්ගොඩ අය මාව හඳුනාගත්තේ ජපන් ටීචර් කියන ආදරණීය ආමන්ත්‍රණයෙන්. ඒ මම ගාල්ලේ කාර්මික විද්‍යාලයේ ජපන් ගුරුවරිය ලෙස සේවය කළ නිසයි. ගලන ගඟට ගල්පර හමුවී දිය පහර වෙනස් වෙනවා සේම ජීවිතයටත් එන බාධක බොහෝයි. මා ඉතා ආදරයෙන් කරගෙන ගිය ගුරු වෘත්තියට විවිධ පාර්ශ්වයන්ගෙන් බලපෑම් එල්ල වුණා. මානසික පීඩාවෙන් රැකියාවක් කරන්නට බැහැ. එබැවින් අකැමැත්තෙන් වුවත් රැකියාවට සමුදුන්නා.
පසුව පෞද්ගලික ජපන් ගුරුවරියක් ලෙසින් ඉගැන්වීම කළා. ඒ වනවිට මම හිටියේ අවිවාහකවයි. එහිදී මට මගේ සැමියා සම්පත් රුවන් කුමාර මුණ ගැසුණා. ඒක සැබෑවටම දෛවෝපගත සිදුවීමක්. ඔහුට භාෂා ගණනාවක්ම හසුරුවීමට හැකියි. එසේම ඔහු සංචාරක කර්මාන්ත ක්ෂේත්රයේ රැකියාව කරන කෙනෙක්. අපි දැන හඳුනාගෙන ළඟින් ඇසුරු කළා. අපේ සිතුම් පැතුම් පෑහෙන තැන අප විවාහ වුණා. චේතන සහ රසල් පුතුන් දෙදෙනා අපේ කැදැල්ලට එකතු වීමෙන් පසු අපි හරිම සතුටින් ජීවිතය ගත කළා.
2019/08/21 තරුණි බලන්න