වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ව්‍යාපාරික සිහිනය ජය ගන්න නම් අලෙවිකරණ සැලැස්මක් අත්‍යවශ්‍යයි
ජීවිතයේ සෑම දෙයක් සඳහාම මනා සැලැස්මක් අවශ්‍යයි. විශේෂයෙන් ව්‍යාපාරයකට නම් හොඳ අලෙවිකරණ සැලැස්මක් තිබිය යුතුමයි. එසේ නොවුවහොත් එය ඉක්මනින්ම අතරමඟ නතර කිරීමට සිදුවිය හැකිය. එසේ නැතිනම් දියුණුවක් නොමැති ඔහේ පවතින්නක් විය හැකිය.
ඔබේ ව්‍යාපාරය තනි පුද්ගල ව්‍යාපාරයකි, හවුල් ව්‍යාපාරයක් හෝ සමාගමක් වුවත් එය ගැටලුවක් නොවේ.
ඕනැම ව්‍යාපාරයක දිගුකාලීන පැවැත්ම උදෙසා මුදල් අවශ්‍යය. එලෙස ව්‍යාපාරයට මුදල් ලැබීමට නම් විකුණුම් අවශ්‍ය වේ.
විකුණුම් ජනනයවීමට අලෙවිකරණය අත්‍යවශ්‍ය සාධකයකි. එහෙත් අලෙවිකරණ සැලසුම කොතරම් වැදගත් වුවද බොහෝ ව්‍යවසායකයන් ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් හා සම්පත් වෙන් නොකරයි.
එහෙත් විශිෂ්ට ව්‍යවසායකයෙක් යනු නිරන්තරයෙන් තම අලෙවිකරණ උපාය මාර්ග සංවර්ධනය කරමින් අරමුණක් ඇතිව තම අලෙවිකරණ සැලසුම් ගොඩනැගීමට ක්‍රියා කරන්නෙකි.
අලෙවිකරණ සැලැස්මක් යනු ඉදිරි වර්ෂය සඳහා ඔබේ වෙළෙඳ ප්‍රචාරණ සහ අලෙවිකරණ උත්සාහයන් විස්තර කරන ලිඛිත ලේඛනයක් ලෙසත් හැඳින්වීම වරදක් නොවේ.
අලෙවිකරණ සැලැස්මක මූලික පරමාර්ථය කුමක්ද? මෙය ඔබ දැනගත යුතුම කරුණකි. ඔබ ඔබේ නිෂ්පාදන හෝ සේවාවන් පාරිභෝගිකයන්ට විකුණන්නේ කෙසේද යන්න තීරණය කිරීම අලෙවිකරණ සැලැස්මක මූලික පරමාර්ථයයි.
ඔබේ නිෂ්පාදන ඕනෑම පුද්ගලයකුට ගැළපෙනවා යැයි උපකල්පනය නොකළ යුතුයි. ඒ වෙනුවට මේ සැලැස්ම තුළින් අවධානය යොමු කළ යුත්තේ එම භාණ්ඩය මිලදී ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති පුද්ගලයන් කවුරුන්ද යන්න අවබෝධ කර ගැනීමය.
ඔබ සිතිය යුත්තේ මගේ ගනුදෙනුකරුවන් සඳහා මා විසඳන්නේ කුමන ගැටලුවක්ද? වෙළෙඳපොළේ සිටින අන් තරගකරුවන්ට වඩා මා වෙනස් වන්නේ කුමකින්ද? යන්නයි.
කෙසේ වෙතත් ඔබේ අලෙවිකරණ සැලැස්ම එක් වසරකට අදාළව සකස්කිරීම වඩාත් යෝග්‍ය වේ. මන්ද වසරක් යනු විශාල කාලයකි. එය දිගුකාලීන අරමුණු කරා ළඟාවීමට මෙන්ම කාලයත් සමඟ ඔබේ තත්ත්වයන් සහ අරමුණු වෙනස් වන විට නම්‍යශීලීව වෙනස් කිරීමට තරම් ප්‍රමාණවත් කාලයක් වෙයි. එසේ නොවූ විට භාණ්ඩ ඉතිරි වීම අලෙවිකරණ සැලැස්මක් යනු කුමක්ද කියා ඔබට යම් අවබෝධයක් දැන් ලැබී ඇති. මීළඟට එවැන්නක් සාදා ගන්නේ කෙසේද යන්න දැනගනිමු.
1 පියවර - මුලින්ම ඔබේ ව්‍යාපාරය ගැන දැන ගන්න.
ව්‍යාපාරයට අවශ්‍ය ඉඑර්ණඊ විශ්ලේෂණයක් සිදුකළ යුතුය. එය ඔබේ ශක්තීන් සහ දුර්වලතා මෙන්ම ව්‍යාපාරයේ වර්ධනය සඳහා ඇති අවස්ථාවන් සහ එම ප්‍රගතියට බාධාවක් විය හැකි තර්ජන විස්තර කරයි. එය ඔබේ ව්‍යාපාරයේ වර්තමාන තත්ත්වය පිළිබඳව දළ අවබෝධයක් ගැනීමට මහත් රුකුලක් වනු ඇත.
උපදෙස් - කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අධ්යක්ෂ
සුධීර ජයරත්න
2020/01/08 තරුණි බලන්න