වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
තමන්ගේ සැමියාටවත් අත නොපාන්න බිරියක් ශක්තිමත් වෙන්න ඕනෙ
අපේ රටේ කාන්තා පිරිමි දෙපාර්ශ්වයම හරි හරියට ව්‍යාපාර පටන් ගන්නවා. හරියට හතු පිපෙනවා වගේ. ඒත් ඒවායින් සාර්ථකව දිගු කාලීනව පවත්වාගෙන යන්නේ, ඒවා දියුණුවටම පත්කර ගන්නේ සීමිත පිරිසකි.
මෙයට ප්‍රධානම හේතුව ආරම්භයේදී ඇති උනන්දුව කෙටි කාලයකත් අත හැරීමයි. අන්තිමේදී සිදුවන්නේ අතේ තිබුණ මුදලක් නැති වී යනවා පමණක් නොව, තවත් සමහරු ණය වී බංකොලොත් තත්ත්වයටම පත් වීමයි.
"අපෝ අපි කඩයක් දැම්මා. එපා ම වුණා. හොඳට අතේ සල්ලි නැතුව පටන් අරන් වැඩක් නැහැ."
" මම රෙදි මැහුවා. විකුණගන්න වුණේ නැහැ. දැන් මහපු ඇඳුම් ටිකටයි ඉතිරි රෙදි ටිකටයි කරගන්න දෙයක් නැහැ."
"කෑම කඩේට වැඩට කවුරුත් නැහැ. මට විතරක් තනියම කඩේ කරගෙන යන්න බැහැ."
මේ මැසිවිලි අසාර්ථක ස්වයං රැකියා කරුවන්ගේ බව ඔබට අමුතුවෙන් කිව යුතු නැහැ.
ඇත්තෙන්ම රැකියාවක් නොකර නිවෙසේ රැඳෙන ශ්‍රමදායකත්වය ලබා දිය හැකි සියලුම දෙනා ස්වයං රැකියාවක නිරත වීම වඩාත් සුදුසුයි. එය තමන්ගේ අතට මුදලක් ලැබෙන, පවුලේ ආර්ථිකයට ශක්තියක් වීම පමණක් නොවෙයි රටේ සංවර්ධනයටද ලොකු පිටිවහලකි. ඒ සඳහා උපදෙස් ලබා දීමට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය (ඉඡ්ච්) සැදී පැහැදී සිටී. ඒ ඔබේ සාර්ථකත්වයේ ඇරැඹුම විය හැකියි. තරුණී දිරියට සවියක් තුළින් අප උත්සාහ කරන්නේ ඔබ ඒ සඳහා යොමුකිරීමට මඟ පෑදීමටයි.
2020/08/12 තරුණි පුවත්පත බලන්න