වර්ෂ 2025 ක්වූ June 23 වැනිදා Monday
YOUTUBE එකක් පටන් ගමු

අද වෙනකොට යූටියුබ් චැනල් ඕෙන තරම් තියෙනවා. විවිධ කැටගැරිවලට වගේම ෆලෝවර්ස්ලා වැඩි සහ අඩු චැනලුත් ඒ අතර තියෙනවා. ඒ කොහොම වුණත්, කවුද යූටියුබ් නොබලන්නේ කියලා ඇහුවොත් නම් උත්තර හොයාගන්න අමාරු වෙයි. ඒ තරමට යූටියුබ් එක අපිට සමීපයි.
දැන් හිතලා බලනකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් තමන්ටත් යූටියුබ් චැනල් එකක් පටන් ගන්න බැරිද කියලා. ඇත්තටම බැරිකමක් නෑ. විශේෂයෙන්ම තමන්ට හොඳ කොලිටි කන්ටෙන්ට් එකක් නිර්මාණය කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම යූටියුබ් චැනල් එකක් පටන් ගන්න එක බොහොම හොඳ අදහසක්. හැබැයි එහෙම අදහස් තිබ්බට කොහොමද වැඩේ පටන් ගන්නේ? මොනවද ඕන කරන්නේ?
කැමරා
යූටියුබ් එකට වීඩියෝ කරන්න ලක්ෂ ගණන් වටින කැමරා නම් අවශ්‍ය වෙන්නේ නෑ. කැමරා ගන්න හැකියාවක් නැති නම් හොඳ වෙබ් කැම් එකක් වුණත්, ස්මාට්ෆෝන් කැමරා එක වුණත් ප්‍රමාණවත්. කැමරාවක් ගන්නවා නම් වීඩියෝ බ්ලොගින්වලට ගැළපෙන හොඳ කැමරාවක් ගන්න පුළුවන්. එතැනදී වැදගත් වෙන්නේ ලොකු ප්‍රමාණයේ ඉමේජ් සෙන්සරයක් තියෙන කැමරාවක් කියන එක. අවශ්‍ය නම් DSLR කැමරාවක් නම් තවත් හොඳයි.
කම්පියුටරයක්
කම්පියුටර් එකක් ඉතින් තියෙන එක හොඳයි ප්‍රොෆෙෂනල් වීඩියෝ වැඩකටයුතු කරනකොට. ඒකට හේතුව ප්‍රොෆෙෂනල් යූටියුබ් වීඩියෝස් එඩිට් කරන්න අවශ්‍ය වෙන නිසා. එතැනදී කෙනෙක් අහන්න පුළුවන් ඇයි ස්මාට්ෆෝන් එකෙන්ම ඒකත් කරගන්න බැරිද කියලා. ඇත්තම කිවුවොත් බැරි නැහැ. හොඳ කැමරා එකක් තියෙන ස්මාට්ෆෝන් එකකින් වීඩියෝ ෂූට් කරලා, ඊට පස්සේ වීඩියෝ එඩිටින් ඇප් එකකින් සංස්කරණය කරලා එහෙමම ස්මාට්ෆෝන් එකෙන්ම යූටියුබ් එකට අප්ලෝඩ් කරන්නත් පුළුවන්. හැබැයි ඉතින් ඒකට හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕෙන වගේම ස්මාට්ෆෝන් එක හොඳ එකක් වෙන්නත් ඕන. කොහොම වුණත් එතැනදී ස්මාට්ෆෝන් එකත් කම්පියුටර් එකක් විදිහටනේ වැඩ කරන්න.
එඩිටින් සොෆ්ට්වෙයාර්
Blender, Lightworks, DaVinci Resolve, Avidemux, iMovie, VSDC Free Video Editor වගේ ෆ්‍රී වීඩියෝ එඩිටින් සොෆ්ට්වෙයාර්ස් ගණනාවක් හොයාගන්න පුළුවන් ගූගල් පැත්තේ ගියත්. හැබැයි යූටියුබ් වැඩේ ටික ටික ඇඩ්වාන්ස් වෙලා, සල්ලි හොයන පැත්තට එනකොට, වඩාත් වැඩි හැකියාවන් සහ පහසුකම් දෙන ඇඩ්වාන්ස් වීඩියෝ එඩිටින් සොෆ්ට්වෙයාර් එකක් ගැන හිතන එක හොඳයි. ඒ කියන්නේ Adobe Premiere, Final Cut Pro X, Corel VideoStudio Ultimate, Pinnacle Studio වගේ ඒවා.
ට්‍රයිපොඩ්
මුල් කාලේ ස්මාට්ෆෝන් එක අතේ තියාගෙන, එහෙම නැතිනම් පොත් ගොඩක් උඩ තියලා පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට කැමරාවක් ගත්තත් ඒක ගාණට සෙට් වෙන්න මේසයක් උඩ තියලා හරි කාටහරි ෂූට් කරන්න කියලා දීලා හරි වැඩේ ගොඩදාගන්න පුළුවන්. හැබැයි ඕක හැමදාම කරන්න බැහැනේ. ආන්න ඒ නිසා තමයි ප්‍රොෆෙෂනල් යූටියුබර් කෙනෙක් අනිවාර්යයෙන්ම ට්‍රයිපොඩ් එකකට ආයෝජනය කරන්නේ. ට්‍රයිපොඩ් එකේ කැමරාව ගාණට සෙට් කරලා, අවශ්‍ය දර්ශනය කැප්චර් වෙන විදිහට සීරු මාරු කළාට පස්සේ ආයි කවුරුවත් ඕෙන නෑ අමුතුවෙන්.
මයික්‍රෆෝන්
යූටියුබ් චැනල් එකක තියෙන්නේ ගොඩක් වෙලාවට වීඩියෝ විතරක් නෙවෙයිනේ. ඕඩියෝත් තියෙනවා. සමහර යූටියුබ් චැනල්වල වීඩියෝ නැතත් ඕඩියෝ තියෙනවා. ඉතින් ඒක නිසා හොඳ ඕඩියෝ ඉන්පුට් එකක් ගන්න හොඳ මයික්‍රෆෝන් එකක් තියෙන එක හොඳයි. ඕෙන නම් lapel mic නැතිනම් lavalier මයික් කියලා කියන, ක්ලිප් එකකින් ෂර්ට් එකට හයි කරලා කතා කරන්න පුළුවන් මයික් එකක් පාවිච්චි කරන්න පුලුවන්. නැත්නම් කන්ඩෙන්සර් මයික් එකක් ගත්තහමත් වැඩේ කරදරයක් නැතුව කරගන්න පුළුවන්.
සෙටප් එකක්
ඇත්තටම සෙටප් එක කියන්නේ උපාංගයක් හෝ උපකරණයක් නෙවෙයි. ඒ වෙනුවට අපි යූටියුබ් චැනල් එකට ෂූටින් කරන පසුතලය තමයි මෙතැනදී සැලකෙන්නේ. හැබැයි ඒක ඉතින් යූටියුබ් චැනල් එකේ අන්තර්ගතය අනුව වෙනස් වෙනවා කියන එක අමුතුවෙන් කියන්න ඕෙන නැහැනේ. උදාහරණයක් විදිහට ගත්තොත්, ඔය කඩදාසි මල් හදන විදිය එහෙම කියලා දෙන යූටියුබර් කෙනෙක්ට තමන් ඉස්සරහා මේසයක් තියෙන එක තමයි පහසු. ප්‍රඩක්ට් රිවීවර් කෙනෙක්ටත් එහෙමයි. එහෙම නැතිනම් ඔය මොනවා හරි කියලා දෙන කෙනෙක්ට නම් හොඳ පසුතලයක් තියෙන්න ඕෙන. එතකොට ට්‍රැවල් යූටියුබර් කෙනෙක්ට ඔය මොකුත් අවශ්‍ය නෑ.
හැබැයි ඉතින් තමන් නිර්මාණය කරන කන්ටෙන්ට් එක කොලිටි නැතිනම්, නිර්මාණය කරන පසුබිම කොලිටියක් නැතිනම්, තමන්ට නිර්මාණශිලිත්වයක් නැති නම් ලක්ෂ ගණන් වියදම් කරලා උපාංග උපකරණ ගත්තත් වැඩක් නෑ. ඒ නිසා ඒ ගැනත් හිතන්න.