නිසි ලෙස නෑමෙන් සුව දිවියක්...

මාර්තු 6, 2019

ස්නානය කිරීමට බොහෝ දෙනා කැමැති වුවත් එයට අකැමැති වූ පිරිසක් ද වෙති. ස්නානය කිරීම, සිරුරේ පිරිසුදු බව සඳහා අත්‍යවශ්‍ය වූ ක්‍රියාවකි. එමෙන්ම ඍජුව ම මෙය පුද්ගලයකුගේ සෞඛ්‍යය සඳහා ද බලපාන්නකි. යහපත් සෞඛ්‍ය පුරුද්දක් ලෙස සැලකෙන ස්නානය අපේ රුව කෙරෙහි ද බලපායි.

අද කේරළ රහස් මඟින් අප කතා කිරීමට අදහස් කරන්නේ ස්නානයෙන් රුවට සිදුවන බලපෑම කෙසේද යන්න පිළිබඳ යි.

අප ස්නානය කරන ක්‍රම එකිනෙකාට වෙනස් ය. ඇතැම් අය ඉතාමත් ඉක්මනින් කාක්කන් නාන සේ ස්නානයෙහි යෙදෙන අතර තවත් සමහර අය පැයකට අධික කාලයක් මිඩංගු කරමින් ස්නානයෙහි යෙදෙයි. එමෙන්ම විවිධාකාර ද්‍රව්‍ය ස්නානයේ දී උපයෝගී කරගනිති. ආයුර්වේදයට අනුව ස්නානයේ ප්‍රයෝජන රැසකි.

1. සිරුරේ පවිත්‍ර බව

2. පෘෂ්ටිමත් බව ඇති වීම

3. දීර්ඝායුෂ ඇතිවීම

4. විඩාබර බව නැති වීම

5. නිදිමත ස්වභාව නැති වීම

6. සිරුරේ උණුසුම නැතිකර සිසිල් බවක් ලබා දීම

7. පිපාසය සන්සිඳීම

8. සිරුරේ බාහිරව පවතින ඉන්ද්‍රියයන් පවිත්‍ර කිරීම

9. කුසගින්න වඩවා ආහාර රුචිය ඇති කිරීම

10. මනස උත්තේජනයකර මනසේ ප්‍රසන්නතාව ඇති කිරීම

11. සිරුර උත්තේජනය වී රුධිරය පිරිසුදු වීම

 

තරුණි 2019/03/06 බලන්න.