වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
මේ අවුරුද්ද පුරාම ගෙදර කෑම රස බලන්න
රෝගීවීමෙන් සතුට අහිමි වෙනවා. ජීවිතේ ඉලක්කවලට බාධා සිදුවෙනවා. අලුත් අවුරුද්දක ඒ වාගේ අසුබ දේ අත්දකින්න කවුරුවත් කැමැති නැහැ. ඒත් අපි හොඳින් හිතා බැලුවොත් අපේ වැරුදි පුරුදු නිසා මොනතරම් රෝගවලට ගොදුරු වෙනවාද?
විහින් හදාගන්නා රෝග වැළැක්වීමට ගෘහණියකට මොනතරම් දේ කරන්න පුළුවන්ද? මේ අලුත් අවුරුද්දේ හිතා බලන්නම ඕන කාරණයක්.
පිටින් කෑම ගැනීම මුදල් පසුම්බිය දවසට දෙකට හිස් කරන කාරණයක්. වැඩි දෙනෙක් කඩ කෑමවල ඒ පැත්ත ගැන හිතුවත් ඊට වඩා භයානක පැත්තක් තියෙනවා. ඒ නැති ලෙඩ ඇති වීමේ භයානකකමයි. වැඩවැඩිකම නිසා සමහර ගෘහණියන්ට අකැමැත්තෙන් වුණත් මේ පුරුද්දට ඉඩ දෙන්න වෙලා. ඒත් මේ අවුරුද්දේ නිවෙසේ සාමාජිකයන්ට කෙසේ හෝ නිවෙසේ පිසූ ආහාර පාන කෑමට බීමට දිය හැකි නම් වෛද්‍යවරයා ළඟට යන දින ගණන මොනතරම් අඩු කළ හැකිදැයි බලන්න.එකට එක්ව කෑම පිසිය හැකිනම් ගෘහණිය මත පැටවෙන බර අඩු වෙනවා.
අප පිටින් මිලදී ගන්නා ආහාර පාන බොහොමයක ඇත්තේ තෙල්, ලුණු, සීනි, කෘත්‍රිම රසකාරක, වර්ණකාරක හා කල් තබා ගැනීමට ගන්නා ද්‍රව්‍යයි. මේවා සියල්ලම බෝ නොවෙන රෝගවලට හේතුවෙනවා. ගෘහණිය ආහාර පිසින විට යොදන ද්‍රව්‍ය ගැන දන්නවා. බිරියක මවක විදියට ඇය කවරදාවත් අහිතකර දේ කෑමට බීමට එක් කරන්නේ නැහැ.ගෘහණියක් පවුලේ සාමාජිකයන්ට අසාත්මික දේ දන්නවා. සමබල ආහාරයක් පවුලේ අයට ඇය ලබා දෙන්නේ ආහාරවලට හදවතේ ආදරය ද මුසු කරමින්. මොන වසක් කවා හෝ මුදල් ඉපයීමේ බලාපොරොත්තුවක් ගෘහණියට නැහැ. ඇයගේ එකම අරමුණ තමන් පිසින ආහාරවලින් සැවොම නීරෝගිව තබා ගැනීමයි. අම්මා පිසින ආහාරවල රස බැලූ දරුවා කෙදිනක හෝ වැඩිහිටියකු වූ පසු ඒ යහපත් පුරුද්ද දිගටම පවත්වා ගෙන යනවා.
ආපනශාලාවල ඇත්තේ අධික ලෙස අහිතකර දේ යෙදූ කෑම බීමයි. දිනකට අවශ්‍ය ශක්ති ප්‍රමාණයට වඩා වැඩි ශක්තියක් මේ ආහාරවලින් ලැබෙනවා. එය අපේ සුවයට තර්ජනයක්. පිටින් ආහාර ගැනීමෙන් හදිසියේම අසාත්මිකතා ඇතිවී රෝහල් ගත කරන අය ගැන වාර්ෂිකව වාර්තා වෙනවා.
ක්ෂණිකව අසාත්මිකතා ඇති නොවුණත් පිළිකා, ආඝාතය, දියවැඩියාව, හෘදයාබාධ, ස්ථුලතාව, අධික රුධිර පීඩනය ආදී විවිධ තත්ත්වයන්ට මේ නරක පුරුද්ද බලපානවා.
ඉක්මනින් සාදා ඉක්මනින් පිළිගන්වන ක්ෂණික ආහාර - කඩ කෑම මෙතරම් අහිතකර ඇයි ?
ක්ෂණික ආහාර කියන්නේ කොලෙස්ටරෝල්, අධික ලුණු, සන්තෘප්ත මේදය, ට්‍රාන්ස් මේදය අඩංගු ආහාරයි. මේවා දිගින් දිගටම ගත්තොත් පරපුරේ කාටවත් බෝ නොවෙන රෝගයක් නොතිබුණත් එවැනි රෝගයකට ගොදුරුවීම වළක්වන්න බැහැ.
ආහාර ෆෙඩරලයෙන් හා ඖෂධ අධිකාරියෙන් 2020 දී කෘත්‍රිම ට්‍රාන්ස් මේදය අඩු ආහාර විකිණීමට නිර්දේශ කර තිබෙනවා. ට්‍රාන්ස් මේදය පිළිකාවලට හේතුවක්.
2020/01/08 තරුණි බලන්න