වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වෙන්නේ මෙහෙමයි
ගෝලීයකරණයේ යහපත් මෙන්ම අයහපත් ප්‍රතිඵල ද අපට නිරන්තරයෙන්ම භුක්ති විඳීමට සිදු වෙයි. කලින් කලට ඇතිවන වසංගත රෝග ලෝකය අපට මෙතරම් සමීපවීමේ නරක පෙන්වා දෙන උදාහරණයකි. කොරෝනා නැත්නම් වූහාන් Novel Corona Virus ලෝකයටම තර්ජනයක් වී ඇති අලුත්ම වෛරසයයි.
* මොකක් ද මේ කොරෝනා වෛරසය?
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව කොරෝනා යනු ෙ කාරෝනා වෛරස් පවුලක එක වෛරස් සාමාජිකයෙකි. සාමාන්‍ය සෙම්ප්රතිෂ්යා ලක්ෂණ වාගේම ‘මර්ස්’, (මිඩ්ල් ඊස්ට් රෙස්පිරිටරි සින්ඩ්‍රෝම්/ MERS (Middle East Respiratary Syndrome) හා සාර්ස් (සිවියර් ඇකියුට් රෙස්පිරිටරි සින්ඩ්‍රෝම්SARS (Severe Acute Respiratory Syndrome මෙන් බරපතළ රෝග ලකුණු ද මේ නිසා ඇති විය හැකිය.
මේ වෛරස සතුන්ගෙන් මිනිසුන්ටත්, මිනිසුන්ගෙන් සතුන්ටත් බෝ වෙයි. සිවෙට් බළලුන්ගෙන් සාර්ක් වෛරසය ශරීර ගත වුණු අතර ‘මර්ස්’ වෛරසය මිනිසුන්ට ශරීරගත වී තිබුණේ ඔටුවන්ගෙනි. කොරෝනා ද චීන නාග මස් ආහාරයට ගැනීමෙන් ශරීරගත වූ බවට අනුමාන කෙරෙයි. අන්වීක්ෂයෙන් ඔටුන්නක් හෝ රශ්මි වළල්ලක ්ලෙස පෙනෙන නිසා මේ වෛරසයට ‘කොරෝනා’ යන ලතින් නම ලැබී තිබේ.
* රෝග ලක්ෂණ මොනවාද?
උණ, කැස්ස, හුස්ම ගැනීමේ අසීරුතාව, හිසරදය, මාංශපේශි වේදනාව, සොටු දියර ගැලීම ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන පරිදි රෝගය වැලඳුණු විට ඇති වන ප්‍රධාන රෝග ලකුණුයි. උණ සෙල්සියස් අංශක 38 ට (ෆැරන්හයිට් අංශක 100.4 ට) වඩා ඉහළ යයි.
වෛරසය බරපතළ ලෙසින් බලපෑ විට වකුගඩු අකර්මණ්‍ය වී නියුමෝනියාවට ගොදුරු වී රෝගියා මිය යාමට පුළුවන.
බීජෞෂණ සමය තවමත් අවිනිශ්චිතය. සමහර දත්ත පෙන්වා දෙන්නේ එය දින 01 - 14 ක් විය හැකි බවයි. මෙය සාස් මෙන් නොව රෝග ලක්ෂණ නොපෙන්වන එහෙත් රෝග බීජය ශරීර ගත වී තිබෙන කාල සීමාවේදීත් නීරෝගි අයට රෝග බීජය ආසාදනය විය හැකි රෙග තත්ත්වයකි. කොරෝනා වෛරසයෙන් ඇති වෙන්නේ වෛරස නියුමෝනියා තත්ත්වයක් නිසා ප්‍රතිජීවක ගැනීමෙන් සුවය ලැබීමට නොහැකිය.
* රෝගයෙන් ආරක්ෂා වන්නේ කොහොමද?
තවමත් මේ වෛරසයට එන්නතක් සොයා ගෙන නොමැත. ඒ නිසා අපට අපගේම ආරක්ෂාව සලසා ගැනීමට සිදු වී තිබේ.
මෙවැනි කාලයක හැකි තරම් සෙනඟ ගැවසෙන ස්ථානවලට යාමෙන් වළකින්න.
* රෝගය බෝ වන්නේ,
කහින විට කිවිසින විට වාතයට මුසුවන වෛරසය රැගත් සෙම් බිඳිති තැවරීමෙන්.
* සමීප සබඳතා මඟින් (උදා: ස්පර්ශ කිරීමෙන්, අතට අත දීමෙන්, හාදු දීමෙන්)
* වෛරස් බිඳිති තැවරුණු තැන් අල්ලා මුහුණ, නාසය හෝ ඇස් ඇල්ලීමෙන්.
* මුහුණු ආවරණ (මාක්ස්) පැලඳීමෙන් රෝගයෙන් පූර්ණ ආරක්ෂාවක් සැලසෙනවාද?
මේ කාලයේ කොරෝනා නොව කුමන අන්දමක ස්වසන ආබාධයක් තිබුණ ද මුහුණු ආවරණයක් පැලඳීමෙන් අන් අයට රෝගය පැතිරීම අවම කර ගත හැකියි. මුහුණු ආවරණ නීරෝගි අය පැලඳීමෙන් යම් ආරක්ෂාවක් සලසා ගත හැකි වුවත් වාතයේ ඇති වෛරසය රැගත් සෙම් බිඳිති සම්පූර්ණයෙන් පෙරී පිරිසුදු වාතය පමණක් ආශ්වාස වේවි යැයි කියා නොසිතන්න. අඩි 3 - 6 ක දුර සිට රෝගියා කැස්සත්, කිවිසියත්, රෝග බීජ ශරීර ගතවීමට පුළුවන.
2020/02/05 තරුණි බලන්න