අඩු වයසේදීත් පියයුරු පිළිකා සෑදීමේ අවදානමක්

ඔක්තෝබර් මාසය පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසයයි.
ඔක්තෝබර් 28, 2020

කාන්තාවන්ට පියයුරු පිළිකා සෑදීමේ අවදානම පිරිමින්ට වඩා සිය ගුණයකින් වැඩියි.

“පිපුණු මලේ රුව එමල දනීදෝ මලකි දුවේ නුඹ හැඩරුව බලන්නෙපා“ පැවසුව ද නව යොවුන් වියේදී දැරියක දැවටෙන්නේ කැඩපත ඉදිරියේමය.

මල් කැකුළු මෙන් යාන්තමට මෝදු වෙමින් පවතින ලැම පෙදෙසට ඇයගේ නෙත් අධිවේගී ධාවනයක යෙදෙයි.

“යෙහෙළියගේ පියයුරුවලට වඩා මගේ පියයුරු කුඩයි. වම් පියයුරට වඩා දකුණු පියයුර ඇත්තේ පහතින්.“

මේ වගේ ප්‍රශ්න වැලකින් ඇයගේ සිත පීඩාවට පත්වෙයි.

පියයුරු ගැන ඇය මේ වගේ උනන්දුවක් දක්වන්නේ කී කාලයකටද? විවාහ වූ පසු ඇය යම් තරමකට හෝ පියයුරු ගැන අවධානය යොමු කරන්නේ දරුවන්ට කිරි දෙන කාලයටය. ඉන්පසුව පියයුරු තිබෙනවා ද කියා සිහියට නැඟෙන්නේ නැත.

බ්‍රෙෂියරයක් මිලට ගනිද්දී දක්වන සැලකිල්ලවත් සමහරු පියයුරු කෙරෙහි නොදක්වති. එනිසාම නිහඬ මාරයෙක් ලෙසින් පිළිකා මාරයා ඇයගේ පියයුරු වෙලාගනියි. අලුත උපන් දරුවාගේ එකම ජීවය වන්නේ දෙතනින් එරෙන මවු කිරියි. කලාකාමීන්ට පියයුරු පෙනෙන්නේ හංස යුවළක්සේය. එහෙත් එයම ඇයගේ ප්‍රධාන මාරයාට නිජබිමක් වී ඇත.

*පියයුරු පිළිකා ගැන මේ තරම් අවධානය යොමුකළ යුත්තේ ඇයි?

පසුගිය වසර ගණනාව පුරාම අපේ රටේ පියයුරු පිළිකා රෝගීන්ගේ ගණනේ වැඩිවීමක් දකින්නට ලැබෙයි. වසරකට අලුතින් පිළිකා රෝගීන් 3000 - 3500 ක් එනම් දවසකට රෝගීන් 9 - 10 ක් පමණ අලුතින් හඳුනා ගනියි. දිනකට දෙදෙනෙක් පියයුරු පිළිකාවෙන් මිය යති.

ඉන් සියයට සියයක්ම වාගේ කාන්තාවන්ය. පිරිමින් ද රෝගයට ගොදුරුවීමේ අවදානමක් ඇතත් වැඩිපුර පිළිකා රෝගයට ගොදුරුවන්නේ කාන්තාවන් නිසා පියයුරු පිළිකා, කාන්තා රෝගයක් වාගෙයි. කාන්තාවන් සිය දෙනකුට රෝගය වැලඳෙද්දී පිරිමින්ගෙන් එක් අයකු පමණක් පියයුරු පිළිකාවට ගොදුරු වෙයි.

වැඩිපුරම රෝගය වැලඳෙන්නේ වයස අවුරුදු පනහ හෝ ඊට

ආසන්න වයසේ පසුවන කාන්තාවන්ට වන නමුත් දැන් දැන් වයස අවුරුදු විස්සේ සිටම රෝගීන් හමුවෙයි.

* පියයුරු පිළිකාවක් කියන්නේ මොකක්ද?

පිළිකාවක් කියන්නේ අපේ සිරුරේ සෛල තුළ ජාන විකෘති වීමක් නිසා අසාමාන්‍ය ලෙස පාලනයකින් තොරව සෛල බෙදීම නිසා ඇතිවන රෝග තත්ත්වයකි. පියයුරුවල එවැනි තත්ත්වයක් ඇතිවූ විට එය පියයුරු පිළිකාවක් ලෙස හඳුන්වයි.

* රෝගී වීමේ ඉඩ වැඩි කාටද?

කාන්තාවක් වීම ම රෝගී වීමේ අවදානම වැඩිකරන හේතුවකි.

වයස - වයස්ගත වීමත් සමඟ රෝගයට ගොදුරු වීමේ ඉඩ කඩ ඉහළ යයි.

මව, සොයුරිය වැනි ළඟම ලේ ඥාතියකු රෝගයට ගොදුරුවී තිබීම. ළඟම ලේ ඥාතියකු පියයුරු පිළිකා හෝ ඩිම්බ කෝෂ පිළිකාවට ගොදුරු වීම අවදානම ඉහළ නංවයි.

 

2020/10/28 තරුණි බලන්න.