වර්ෂ 2024 ක්වූ November 04 වැනිදා Monday
සා/පෙළ විද්‍යා ඉලක්කය ජයගනිමු
අ.පො.ස. සා/පෙළ විභාගයට තව ඇත්තේ මාස තුනකටත් අඩු කාලයක්. මේ වනවිටත් සා/පෙළට මුහුණ දෙන දරුවන් බොහෝ දුරට විෂයය කරුණු අධ්‍යයනය කරලා ඉවරත් ඇති. සමහරු තව තවත් අධ්‍යයනයේ යෙදෙනවා ඇති. තවත් සමහරු අමාරු විෂයය කරුණු ළඟ බොහෝ වෙහෙසෙනවා ඇති.
දක්ෂයන්ට විශිෂ්ටයන් වෙන්නත්, විශිෂ්ට සාමාර්ථ අබියස සිටින අයට එය ජයගන්නත්, තවමත් විභාගය ඇඟට නොදැනුණ අයට මේ කාලය තුළ උපරිම පල නෙළා ගන්න උදවු වෙන්නත් තමයි ‘තරුණී’ අපගේ මේ ප්රයත්නය. පසුගිය සති දෙකම අපි උත්සාහ ගත්තේ විභාග භීතිකාව දරුවන් තුළින් ඉවත් කර මේ කෙටි කාලයෙන් උපරිම ප්‍රයෝජනයක් ගැනීමට දරුවන් පෙලඹවීමටයි.
එහි තවත් පියවරක් ලෙස එක් එක් විෂයයන් ඔස්සේ දරුවන් අපහසුතාවයට පත්වන තැන් විසඳාගැනීමටත්, ඒ ඒ විෂයයන්ට උපරිම ලකුණු ලබාගැනීමටත් දරුවන්ට කෙටි ක්‍රම කිහිපයක් අද ඉදිරිපත් කරනවා.
විද්‍යාව යනු පැතිකඩවල් කිහිපයක් ඔස්සේ ගලායන, නිරතුරුවම ජීවිතය හා බැඳී පවතින අනිවාර්ය විෂයයකි. බොහෝ දෙනාට එය ජයගැනීමට ටිකක් වෙහෙස වෙන්නම වෙනවා. ඒ සඳහා දරුවන්ට අත්වැලක් වීමයි අපේ ඒකායන අරමුණ. මේ ඉදිරි කාලය සැලසුමකට අනුව වැඩ කළහොත් ඔබ දිවා රෑ වෙහෙසෙමින් කරන කැපකිරීම මල් ඵල ගැන්වේවි. අධ්‍යයනය කළ විෂය කරුණුවල අඩුපාඩු සකසාගනිමින් සාර්ථක ප්‍රතිඵලයක් කරා යන්නට එවිට අනිවාර්යයෙන්ම ඔබට හැකිවේවි.
විද්‍යාව විෂයෙන් විශිෂ්ටයෙක් වෙන්න
* මුලින්ම ඔබ නිදහසේ සිටීමට පුංචි වෙලාවක් තෝරාගෙන ඔබ කැමැති නිදහස් තැනකට යන්න. කිසිවකුගෙන් බාධාවක් නොවන නිස්කලංක තැනක් වීම අනිවාර්යයි. ඔබේ කාමරය හෝ ගෙදර එළිමහන් තැනක් වුවත් ගැටලුවක් නැත.
*කඩදාසියකුයි, පෑනකුයි ගෙන නිදහසේ වාඩි වී මනස සන්සුන් වනතුරු ඇස් දෙක පියාගෙන මොහොතක් ඉන්න. ඉන්පසු සා/පෙළ විභාගයට විද්‍යාව විෂයයට ඉහළම සාමාර්ථයක් ගත යුතු බව සිහිපත් කරගන්න.
* පසුගිය වාර විභාගයේ දී විද්‍යාව විෂයයට ලබාගත් ලකුණු ප්‍රමාණය ඔබ අතේ ඇති කඩදාසියේ වම් කෙළවරේ ලියන්න. ඊළඟට ඔබ සා/පෙළ විභාගයට ලබාගැනීමට අවශ්‍ය ලකුණු ප්‍රමාණය එහි දකුණු කෙළවරේ ලියන්න.
* එය ඔබට අවශ්‍ය ලකුණු ප්‍රමාණය ලබාගැනීමට අවශ්‍ය තව ලකුණු කීයක අඩුවක්දැයි සොයා එය දකුණු කෙළවරේම පසෙකින් ලියන්න. (උදා. වාර විභාගයේ - 60 , සා/පෙළට - 80 වෙනස - 20)
මේ අනුව ඔබට තව ලකුණු 20 ක අඩුවක් පවතින බව වැටහේවි.
මේ අඩු ලකුණු ප්‍රමාණය සම්පූර්ණ කරගන්න දළ වශයෙන් ඔබට තව මාස 3ක් පමණ ඇත. ආසන්න වශයෙන් දවස් 90 කි. ඒ සඳහා එක් සතියකට ලකුණු 2 ක් වැඩිකරගැනීමට ඔබ උත්සාහ කරන්න. එලෙසින් ඉතිරි කාලයත් වැඩ කළහොත් තවත් සති 12 ක් පමණ ඇති නිසා ඒ වනවිට ලකුණු 24 ක් වැඩි කරගන්න පුළුවන්. බලන්න දැන් ඔබට ලොකු පීඩනයක් නෑ නේද ?
සතියකට අවශ්‍ය ලකුණු වැඩිකරගන්නේ මෙහෙමයි
* විද්‍යාව විෂයය වෙනුවෙන් දවසකට ගෙදරදී වැය කළයුතු කාලය කොපමණක්ද කියා මුලින්ම ඔබ තීරණය කරන්න.
* ඒ සඳහා ඉහත ක්‍රමය උදවු කරගන්න පුළුවන්. ඒ අනුව සතියකට එක ලකුණක් උපයාගන්න ඔබ දවසකට විනාඩි 15 ක් පමණ විද්‍යාව විෂයය වෙනුවෙන් වැය කළ යුතුයි. ඒ අනුව ලකුණු 2ක් සඳහා විනාඩි 30 ක් පමණ දවසට වැය කළා නම් ඔබට වැඩි වෙහෙසක් නැතුවම විශිෂ්ට සාමාර්ථයක් කරා යන්න පුළුවන්.
* විද්‍යාව විෂයය සඳහා දවසේ මෙම කාල පරාසය යොදා ගෙන කළ යුත්තේ කුමක්ද කියා ඊළඟට ඔබ සිතිය යුතුයි.
* විනාඩි 30 න් අධ්‍යයනය කර අවසන් කළ නොහැකි විෂයය කොටස් සඳහා දවස් දෙකක කාලය එකට එකතු කර කාලය කළමනාකරණය කරගන්න.
අදාළ පාඩම් කොටස් ගැන දැන් විමසා බලමු
* රසායන විද්‍යාව පාඩම්වලට අදාළව 10 /11 ශ්‍රේණිවල බොහෝ පාඩම් ගැටලු විසඳන්න නම් ඔබට මෙන්න මේ දේවල් ටික පාඩම් කරගන්නම වේවි. පළමුවෙන්ම කළ යුත්තේ මේ දේවල්වලින් ඔබට මතක නැති, පාඩම් කර නැති දේවල් පළමුවැනි සති 2 ඇතුළතදි අනිවාර්යයෙන්ම පාඩම් කිරීමයි.
2019/09/18 තරුණි බලන්න