Monday, April 27, 2026
Epaper
Home ස්වයං රැකියාසොබාදහමේ සුන්දරත්වය නිවෙසට කැඳවන දේශීය උණ බට කලාව

සොබාදහමේ සුන්දරත්වය නිවෙසට කැඳවන දේශීය උණ බට කලාව

by Shanaka Lakehouse

ප්ලාස්ටික් හා කෘතිම විසිතුරු භාණ්ඩවලින් පිරුණු නිවෙසකට සොබාදහමේ අපූර්වත්වය මුසු කිරීමට හැකි නම් එය කෙතරම් සොඳුරුද? අද වන විට දේශීය මෙන්ම විදේශීය ගෘහ අලංකරණ ක්ෂේත්‍රයේ දැඩි අවධානයක් දිනාගත් “උණ බට නිර්මාණ කලාව” ඒ සඳහා ඇති හොඳම විසඳුමයි. හුදෙක් විසිතුරු භාණ්ඩයකට එහා ගිය කලාත්මක වටිනාකමක් මෙන්ම ඉහළ ආර්ථික වටිනාකමක් ද මේ තුළ ගැබ්ව ඇත.

ප්ලාස්ටික් වෙනුවට දේශීය අමුද්‍රව්‍ය භාවිතයෙන් කෙරෙන උණ බට නිර්මාණ නිවෙසට ගෙන එන්නේ ගාම්භීර පෙනුමකි. විශේෂයෙන්ම නිවෙසක් අලංකාර කිරීමේදී ඕනෑම පරිසරයකට ගැළපෙන ලෙස උණ බට හැඩගැස්වීමට ඇති හැකියාව නිසා කාන්තාවන් අතර මෙය ඉතා ජනප්‍රියයි. සංචාරකයන් පවා අතිශය ප්‍රිය කරන මෙම නිර්මාණ කලාව වර්තමානයේ ලාංකීය අනන්‍යතාව ලොවට රැගෙන යන ප්‍රධාන මාවතක් බවට පත්ව තිබේ. සාර්ථක නිර්මාණයක පදනම වන්නේ නිවැරදි අමුද්‍රව්‍ය තෝරා ගැනීමයි. ඒ සඳහා හොඳින් මෝරන ලද උණ ගස්වලින් ලබාගන්නා උණ බට භාවිත කළ යුතුය. මේවා කල්පැවැත්මෙන් යුතුව සකසා ගැනීම සඳහා “බෝරික් සහ බොරැක්ස්” යන රසායන ද්‍රව්‍ය මිශ්‍ර කළ ජලයේ පැය තුනක් පමණ හොඳින් තම්බා ගත යුතුය. ඉන්පසු ක්‍රමවත්ව වේළා පදම් කරගන්නා උණ බට ඕනෑම සියුම් නිර්මාණයක් සඳහා යොදාගත හැකිය.

නිවෙසේ කටයුතු අතරතුර තමන්ගේම කියා ආදායම් මාර්ගයක් සොයන කාන්තාවකට මෙය කදිම අවස්ථාවකි. නිර්මාණාත්මක හැකියාවත් මඳක් ඉවසීමත් ඇත්නම් ස්වයං රැකියාවක් ලෙස මෙය ඉතා සාර්ථකව පවත්වාගෙන යා හැකිය. වර්තමානයේ නිර්මාණකරුවන්ට පහසු වන පරිදි වර්ග අඩි 2 මානයට පදම් කරන ලද උණ බට වෙ‍ෙළඳපොළෙන් ලබා ගැනීමට ඇති හැකියාව නිසා අමුද්‍රව්‍ය සපයා ගැනීම ද අපහසු නැත.

වෘත්තීය මට්ටමේ පුහුණුවක් සහ නිවැරදි මඟපෙන්වීමක් ලබාගැනීමෙන් ඔබටත් පරිසර හිතකාමී ව්‍යවසායිකාවක ලෙස සමාජයේ ඉහළටම යා හැකිය.

TEXT – දුමින්ද කාරියවසම්

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?