වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
එක තැන්වූ රෝගියා කිරි දරුවකු හා සමානයි
මේ අන් සෑම කාලයකටම වඩා අනතුරට පත්වන්නන් ගැන බෝ නොවන රෝග නිසා එක්තැන් වන්නන් ගැන අසන්නට ලැබෙන කාල වකවානුවකි. අනතුරුත් බෝ නොවන රෝගත් දෙකම හේතු වන්නේ බොහොම ක්‍රියාකාරීව සිටි පවුලේ සාමාජිකයකු ඇඳට හෝ රෝද පුටුවට හෝ පැදුරකට සීමා කිරීමටයි.
එය ඉතා අවාසනාවන්ත තත්ත්වයකි. එය නිදහසේ අහසේ පියැඹූ කුරුල්ලකුගේ අත්තටු කපා දැමීමටත් වඩා ඛේදනීයය. පවුලේ නීරෝගි සාමාජිකයා එක් තැන් වෙන්නේ රෝගයකුත් කරපින්නා ගෙනය. එක් තැන්වූ රෝගියකු තව දුරටත් දුකට වේදනාවට පත් වෙන්නේ මරණයට ළං වෙන්නේ එක් තැන් වූ විට ඇතිවන සංකූලතා නිසාය. හරිහැටි රෝගියා බලා ගත්තේ නැත්නම් රෝගියා කබලෙන් ළිපට වැටෙයි.
එක් තැන්වූ රෝගියා මුහුණ දෙන අභියෝග
නියුමෝනියාව
බැක්ටීරියා ආසාදනය හෝ ඉස්මොල්ලේ යාම නිසා එක් තැන්වූ රෝගීන්ට නියුමෝනියාව වැලඳීමේ අවදානමක් පවතී. ඒ නිසා ඉස්මොල්ලේ යාම අවම කිරීමත්, පෙණහැලි තුළට මනාව වාතාශ්‍රය ලැබෙන්න සැලැස්වීමත් ඉතා වැදගත්ය. මේ සඳහා රෝගියා නිවැරැදි ඉරියව්වෙන් තබා ගැනීම වැදගත්ය. මේ අයට භෞත චිකිත්සාව අත්‍යවශ්‍යය. නියුමෝනියාව වැලඳුනොත් පෙණහැලි ක්‍රියාකාරිත්වය හොඳින් පවත්වා ගැනීම, පෙණහැලිවල ඒකරාශී වන සෙම ඉවත් කිරීම, වැදගත් වෙයි. ඒ සඳහා භෞත චිකිත්සකවරුන් මඟිින් ශ්වසන අභ්‍යාස කරවීම අත්‍යවශ්‍යය.
පාදවල ඇති වෙන රුධිර කැටි (ඩීප් වේන් ත්‍රොම්බෝසිස්)
එක තැනකට කොටු වීමත් සමඟ රෝගියාට දෙපයින් ඇවිදීමේ ශක්තිය අහිම් වෙයි
මෙහි භයානකකම පාදවල ඇති ශිරාවල රුධිර කැටි ඇති වීමයි. වැඩිපුරම රුධිර කැටි ඇතිවන්නේ බත් කෙණ්ඩේ ගැඹුරින් පිහිටා ඇති ශිරාවලය. මෙවිට,
* බත් කෙණ්ඩ ඉදිමීම, රතු වීම, උෂ්ණත්වය ඉහළ යාම
* බත් කෙණ්ඩ ඇල්ලූ විට අතට දැනෙන ඉතා තද ගතිය
උපදෙස් ජාතික පිළිකා මර්දන වැඩසටහනින් සහ
භෞත චිකිත්සක
මදාරා සරසි ද සිල්වා
2019/11/27 තරුණි බලන්න