වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
කොරෝනා කාලයේ දරුවන්ට එන්නත් දෙන්න බැරිවුණාද?
රට වසා දැමුණු කාලයේ දරුවන් ඇති අම්මලාට තිබුණු ලොකුම ප්රශ්නය නියමිත දිනයට දරුවන්ට එන්නත් දීමට නොහැකි වීමයි.
ඒත් දරුවන් සුරක්ෂිතව දැඩි රැකවරණය යටතේ මාපියන් සමඟ සිටි නිසා එන්නත් දීම මඳක් පමා කිරීමට සිදුවීම ගැටලුවක් වුණේ නැහැ. එන්නත් දෙන්නේ බෝවෙන රෝගවලටයි. දරුවන් නිවෙසේ සිටියදී බෝවන රෝගවලට ගොදුරු වීමේ ඉඩ අඩුයි. ඒත් රට වෙනස් වුණාම තත්ත්වය විවෘත. ඒ නිසා මඟ හැරුණු එන්නත් දෙන්න පටන් ගන්න ඕන. කෝවිඩ් - 19 වසංගතය නිසා ලොව පුරා එන්නත් දීමේ රටාවේ අඩුවක් ඇතිවී තිබෙනවා. ඒත් වාසනාවකට අපේ රටේ නම් එවැනි පසුබෑමක් ඇතිවී නැහැ. අපේ රට එන්නත් වැඩපිළිවෙළ අති සාර්ථකව ක්‍රියාත්මක වෙන රටක්.
අපේ දරුවන් එන්නත් නිසා රෝග ගණනාවකින් ආරක්ෂා වෙනවා.
ගලපටලය
පිටගැස්ම
කක්කල් කැස්ස
පෝලියෝ
නියුමෝනියාව, රුධිර ආසාදන, බැක්ටීරියානු මෙනින්ජයිටිස් වැනි බරපතළ ආසාදන
හෙපටයිටිස් ඒ, බී
මෙනින්ජයිටිස් සහ රුධිරය විස වීම
( සෙප්ටිසීමියා )
ඩයරියා
පැපොල
සරම්ප
කම්මුල්ගාය
රුබෙල්ලා
ඉන්ෆ්ලුවෙන්සා
දරුවකු ඉපදී පළමු මාසයේදී කුසේ සිටියදී මවගෙන් ලැබුණු ප්‍රතිදේහවල රැකවරණය ලැබෙනවා. ඒත් ඉක්මනින්ම මේ රැකවරණය අහිමිවී යනවා. ඒ නිසා රෝගවලට ගොදුරු වීමේ අවදානම ඉහළ යනවා. බොහෝ එන්නත් දෙන්නේ අතකට හෝ පාදයකටයි. මුවෙන් ලබා දෙන්නේ පෝලියෝ සහ රෝටා එන්නත්
දරුවා ඉපදී වසරක් තුළ රජයෙන් නොමිලයේ ලබාගත හැකි එන්නත්
සති 0 - 4 බීසීජී එන්නත - ඉපදී පැය 24 ක් තුළදී ක්ෂය රෝගයට එරෙහි එන්නත ලබා දෙනවා. සාමාන්‍යයෙන් මෙය රෝහලෙන් පිටවීමට පෙර ලබා දෙනවා. කැළලක් ඇති වුණේ නැත්නම් හය මාසයකට පසු නැවත එන්නත් මාත්‍රාවක් ලබා දෙනවා.
දෙවැනි මාසයේදී ......
මුඛයෙන් ලබා දෙන පෝලියෝ එන්නතත් රෝග ගණනාවකින් රැකවරණය ලබා දෙන පෙන්ටාවේලන්ට් එන්නතත් ලබා දෙන්නේ දෙවැනි මාසයේදීයි. පෙන්ටාවේලන්ට් එන්නතින් දරුවාගේ ජීවිතයට තර්ජනයක් වන රෝග පහකට රැකවරණය ලබා දෙනවා. ඒවා නම් ගලපටලය, කක්කල් කැස්ස, පිටගැස්ම, හෙපටයිටිස් බී, බී වර්ගයේ හිමොෆීලස් ඉන්ෆ්ලුවෙන්සාව ඒ රෝග පහයි.
2020/08/05 තරුණි පුවත්පත බලන්න.