වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
දරුවන්ට උදෑසන ආහාරය අත්‍යවශ්‍ය වන්නේ ඇයි?
උදෑසන ආහාර වේල සම්බන්ධයෙන් අපේ රටේ බොහෝ දෙනකු අනුගමනය කරන පිළිවෙත එතරම් යහපත් නොවේ. නමුත් උදෑසන ආහාර වේල යනු අපට මොන තරම් වැදගත් දෙයක් ද යන්න පැහැදිලි වන්නේ උදෑසන ආහාර වේල නොගැනීම නිසා ඇතිවන ගැටලු පිළිබඳ ව සලකන විටදීය.
ලොව පුරා විවිධ රටවල් මේ සම්බන්ධයෙන් විවිධාකාර වූ පර්යේෂණ රාශියක් සිදු කර ඇත. මෙම පර්යේෂණ මගින් හෙළිවී තිබෙන සමහර සිද්ධාන්ත ළමයින්ට මෙන්ම වැඩිහිටියන්ට ද අදාළ වේ. ළමයකුට හොඳ උදෑසන ආහාර වේලක් නො ලැබුණොත් මිනිසා නිර්මාණය වී ඇත්තේ දිනකට ආහාර වේල් තුනක් ගැනීම සඳහාය. දඩයම් යුගයේ දී පවා මෙය මෙසේ විය. එබැවින් දිනකට ආහාර වේල් තුනක් නොගැනීම යනු ස්වාභාවිකත්වයෙන් පිට පැනීමකි. මෙම පර්යේෂණ මඟින් තවදුරටත් තහවුරු වී ඇති අන්දමට උදෑසන ආහාර වේල නොගැනීම මත දරුවන්ගේ කෙටි කාලීන සහ දිගු කාලීන මතකයෙහි මෙන්ම අවබෝධ කර ගැනීමේ හැකියාවෙහි ද දුර්වලතා ඇති වේ. මෙය එදිනෙදා දේවල් සම්බන්ධයෙන් දිගු කාලීනව ද බලපෑ හැකි තත්ත්වයකි.
එසේම උදෑසන ආහාරය ගෙන පාසල් යන දරුවන් සහ උදෑසන ආහාරය නොගෙන පාසල් යන දරුවන් අතර සංසන්දනාත්මකව කරන පර්යේෂණ මඟින් තවදුරටත් කරුණු අනාවරණය කරගෙන ඇති අන්දමට උදෑසන ආහාරය නොගෙන යන දරුවන්ගේ මානසික තුලිතභාවයේ විවිධ වෙනස්කම් ඇති වේ. එහි ප්‍රතිඵලය වන්නේ නිතර ඇති වන තරහ යාම, නොරිස්සුම් ස්වභාවය හා ශාරීරිකව දැනෙන මහන්සි ගතියයි. ඊට අමතරව තවදුරටත් විශේෂයෙන් අනාවරණය වී ඇති පරිදි උදෑසන ආහාරවේල නොගැනීම දරුවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ ස්ථුලභාවය ඇති කිරීමට හේතු වන කරුණකි. සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් සිතා සිටින්නේ ආහාර වේල් මඟ හැරීම සිරුරේ බර අඩු වීමට හේතු වන බවයි.
උපදෙස් - ළමා රෝග විශේෂඥ වෛද්‍ය - අජිත් අමරසිංහ
2020/09/30 තරුණි පුවපත බලන්න