PCR පොසිටිව් නම් කොවිඩ් 19 ම තමයි

ඒත් එක් වරක් නෙගටිව් වූ පමණින් කොවිඩ් ආසාදිතයකු නොවන බව කියන්න බැහැ
ඔක්තෝබර් 14, 2020

උපදෙස් - වෛද්‍ය රසායනාගාර විද්‍යා වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනයේ සභාපති

රවි කුමුදේශ්

 

කොවිඩ් 19 වෛරසය නිසාම කලඑළි බැස ඇති වදන් කිහිපයක් ම වේ. මේ අතුරින් PCR  පරීක්ෂණය පිළිබඳ අප නිරතුරුවම කතාබහ කරයි. කොවිඩ් 19 වසංගතයත් සමඟින් ලොව පුරා PCR  පරීක්ෂණ බිලියන ගණනින් සිදු කරන්නට ඇත. තවමත් සිදු කරයි. තවත් කොතරම් කාලයක් සිදු කරන්නට වේවිදැයි කිසිවකුට කියන්නට නොහැකිය.

 

ඇත්තටම මොකක් ද මේ PCR  පරික්ෂණය කියා හඳුන්වන්නේ?

Polymerase Chain Reaction කෙටි කළ විටයි PCR කියන්නේ. මෙහිදී ඕනෑම ජීවියකුට අදාළව න්‍යෂ්ටික අම්ල තිබෙනවා. සිරුරේ සියලු දේ එනම් ඒ පුද්ගලයාගේ ලක්ෂණ, හැකියාවන් මේ සියලු දේවල් පාලනය වන්නේ ඒ හරහා. මේ න්‍යෂ්ටික අම්ලය ගුණනය කර බලා ගැනීමයි P C R පරීක්ෂණයකදී සිදුවන්නේ. න්‍යෂ්ටික අම්ලය සරලව හැඳින්වුවහොත්, මිනිස් සිරුර තැනී ඇත්තේ සෛල ගණනාවකින්. මේ සෛලයක් ඇතුළේ ඇති ජීවි ස්වභාවය පාලනය කිරීම එහි ඇති න්‍යෂ්ටික අම්ලයෙන් සිදු වේ. අපි දන්නවා අපේ සිරුරේ ජාන ඇති බව. ජානවල ව්‍යුහය සැකසී තිබෙන්නේ මේ න්‍යෂ්ටික අම්ලයෙන්. කොවිඩ් 19 ගතහොත් එය සෑදීමට අවශ්‍ය සියලු දේ පාලනය වන්නේ න්‍යෂ්ටික අම්ලයෙන්.

කොවිඩ් 19 යනු වෛරසයක්. වෛරසයක් යනු ජීවී අජීවී අතර ඇති ඒකකයකි. මෙම වෛරසය පාලනය කිරීමට ඇති න්‍යෂ්ටික අම්ලය R N A  එකකි. එහෙත් P C R කරනුයේ හැමවිටම ච් ව් ඒ දාමයකටයි. අ ව්ඒ අපට නුහුරු වුවත් ච් ව් ඒ අපි නිතරම අසා ඇති දෙයක්. කොවිඩ් 19 R N A  - ච්ව්ඒ බවට පරිවර්තනය (Reverse Tranceiptase)  කරයි. එසේ පරිවර්තනය කිරීමෙන් පසුවයි P C R පරීක්ෂාව සිදු කරන්නේ.

P C R සඳහා සෙම පටල ලබා ගැනීම සිදුවන්නේ කොහොමද?

රසායනාගාරයක දී සිදු කරන්නේ කොවිඩ් 19 වෛරසය සිටී යැයි සැක කෙරෙන බොහෝ විට සිරුරේ එම වෛරසය සිටීමට කැමැති ස්ථානවලින් නිදර්ශකයක් ගෙන පරීක්ෂා කිරීමයි. කොවිඩ් 19 පෙනහලුවලට වැඩි බලපෑම් කරන නිසා එය උගුර ආශ්‍රිතව ස්වසන මාර්ගය ආශ්‍රිතව සිටියි. මාංතුවක් (Swab) හරහා මේ ස්ථානවලින් සෙම බිඳිති ලබා ගනියි. උගුරේ අග හෝ නාසයේ අග ඇති සෙම පටලයක් ලබා ගනියි. කෙසේ හෝ මේ සඳහා ගන්නේ පෙනහැල්ල ආශ්‍රිත සෙම පටලයකි. ඒ පෙනහැල්ල ආශ්‍රිතව වැඩිපුර ම මේ වෛරසය ඇති නිසයි.

මෙසේ ගන්නා සෙම පටල ප්‍රවාහන මාධ්‍යයක් ඔස්සේ ආරක්ෂිතව ගෙන යා යුතුය. සෙම පටලයේ එක වෛරසයක් තිබුණත් එය සොයා ගැනීමටයි වෙහෙසෙන්නේ. P C R වලදී සියයට 70 ක් පොසිටිව් වෙද්දී ඉතිරි සියයට 30 වරදින්නට සම්භාවිතාව ඇතැයි මතයක් ගොඩනඟා තිබේ. රසායනාගාරයේ අඬු ලුහුඬුතා මත මේ සියයට 30 වරදිනවා යැයි වැරැදි මතයක් සමාජගත වී තිබේ. එසේ වන්නේ නැත. සෙම පටලය ලබා ගත්තත් ඒ මොහොතේ සිරුරේ වෛරසය ඇතත් එය සෙම පටලයට මුසු වී නො තිබෙන්නට පුළුවන. සියදෙනකු පරීක්ෂා කළහොත් ඉන් 30 දෙනකු නෙගටිව් වන්නට පුළුවන. සෙම පටල පරික්ෂාවට අනුව එය නෙගටිව් වුවත් ඒ කෙනාගේ සිරුරේ වෛරසය තිබෙන්නට පුළුවන් වන්නේ මේ නිසා ය. කොවිඩ් 19 P C R පරීක්ෂණය සඳහා නෙගටිව් ප්‍රතිඵල ලැබූ පමණින්, සියල්ල තහවුරු නොවන්නේ P C R සඳහා ලබා දුන් සෙම පටලවල වෛරසය පවතිනවා ද නැද්ද යන්න මත මිස රෝගියාගේ ශරීරය තුළ එය පවතිනවාද නැද්ද යන්න මිස නොවන බව තරයේ සිහිපත් කළ යුතුයි.

රෝග කාරකයන්ට සුවිශේෂී ජානමය තොරතුරු හඳුනාගැනීම සඳහා වූ ඉතාම සංවේදී පරීක්ෂණයක් වන මෙහි

* පරීක්ෂණය මඟින් හඳුනා ගැනීමට අවශ්‍ය අවම වෛරස ප්‍රමාණය (Viral Load)

* පරීක්ෂණයේ සංවේදිතාව(Sensitivity of the Test ) සහ අදාළ රෝග කාරකය සඳහා වන විශේෂිත බව (Specificity)

* නිදර්ශන එකතු කරන කාල පරාසය (Time of Collection)

* නිදර්ශකයේ ගුණාත්මක බව Quality of the Sample)

යන සියල්ල එක ලෙස බලපායි. සෙම පටලයේ වෛරසය තිබුණහොත් එය නෙගටිව් ප්‍රතිඵලයක් වීමේ සම්භාවිතාව ඉතාම අඩුයි. 99% කටත් වඩා සාර්ථක ප්‍රතිඵලයක් නිවැරැදි රසායනාගාරයකින්, නිවැරැදි වෘත්තියකුගෙන් නිකුත් වේ. සෙම පටලයට වෛරසය පැමිණියේ නැත්නම් එය නෙගටිව් වීම වළක්වා ගත නොහැකි බව පුන පුනා වුවත් කිව යුතු වේ.

එම ප්‍රතිඵලය රසායනාගාර පරීක්ෂාවේ වරදක් නොවේ. විසබීජය සෙම පටල පුරා ව්‍යාප්ත වී ඇති අන්දම අනුව එය තීරණය වේ.

රුධිර පරීක්ෂාවක් නම් සිරුරේ කුමන තැනකින් ලබා ගත්තත් එකම ප්‍රතිඵලයක් නිකුත් වේ.

ඉන් ගම්‍ය වන්නේ එක් P C R පරීක්ෂණයකින් කිසිසේත් ම සෑහීමකට පත් විය නොහැකි බවයි.

කොවිඩ් 19 වැලඳී සුව වන රෝගීන්ගේ PCR  පරීක්ෂාව අද දිනයේ නෙගටිව් වූ පමණින් රෝගියාට රෝහලෙන් නික්ම යෑමට අවසර නැත.

පිට පිට දෙවතාවක් PCR  පරීක්ෂාව නෙගටිව් වීම අත්‍යවශ්‍ය වේ. මෙය ඔබට ඉහත කී කරුණ වටහා ගැනීමට හොඳම නිදර්ශනයක් වනු ඇත.

කොවිඩ් 19 ආසාදිත යැයි සැක කෙරෙන අයකුගේ PCR  පරික්ෂාව පොසිටිව් වීම වැරැදි රසායනාගාර ප්‍රතිඵලයක් විය හැකිද?

කොහෙත්ම නැත. නිදර්ශකයේ නොහොත් සෙමපටලයේ වෛරසය තිබුණහොත් එය නිසැකවම රසායනාගාර පරීක්ෂාවට හසුවේ. ඒ කෙනා නොවැරැදීම කොවිඩ් 19 ආසාදිතයෙක් ම වේ. මෙවැනි වාර්තාවක් පසු දින PCR  පරීක්ෂණයකදී කෙසේවත්ම නෙගටිව් නොවේ. රෝගය සුවවී දින කිහිපයක් ගත වී රෝගය සුවවූ පසු විනා එවැන්නක් කෙසේවත්ම නෙගටිව් නොවේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශිත ස්ථානවලට අමතරව වෙනත් ස්ථානවල සිදු කළ ඇතැම් PCR  පරික්ෂාවල එවැනි වාර්තා ද නිකුත් වී තිබෙනු දක්නට ලැබුණි.

පොසිටිව් වාර්තාව දිනකදී නෙගටිව් නොවුවත්, නෙගටිව් වාර්තාව සියයට සියයක්ම නෙගටිව් යැයි කිව නොහැකි බවද ඔබ පවසන්නේ

ඇත්තෙන්ම ඔව්. පොසිටිව් වාර්තාවක් සියයට සියයක්ම පොසිටිව්. එය නෙගටිව් වීමට රෝගය සුවපත් විය යුතුයි. වෛරසය ප්‍රතිදේහ සමඟ සටන් කිරීමෙන් පසුවයි එය නෙගටිව් බවට පත්වන්නේ.

මෙවැනි වෛරසයක් ශරීරගත වූ විට දින 3 කදී පටන් ප්‍රතිදේහ නිකුත් කරමින් වෛරසය හා සටන් වදියි. දින 7 - 10 වනවිට කොවිඩ් වැලඳීනම් දින 10 කදී උපරිම ප්‍රතිදේහ ප්‍රමාණයක් රුධිරයට එකතුවේ. දින 10 කට පසු සියයට සියයක් නිවැරැදි ලෙස සලකන්නේ ප්‍රතිදේහ Anibody පරීක්ෂාවකින් හෝ ප්‍රතිදේහ ජනක (Anigen) පරීක්ෂාවයි. වෛරස් රෝග අවස්ථාවලදි වෛරස් වැඩිපුරම සිටින මාධ්‍ය ලෙස රුධිරය පරීක්ෂා කළත් කොවිඩ් 19 පෙනහැල්ල ආශ්‍රිතව වෛරසයේ ඝනත්වය වැඩි නිසා ප්‍රතිදේහ ජනක පරීක්ෂාව සිදුවන්නේ සෙම පටල හරහාමයි. රුධිරය හරහා නොවේ. ප්‍රතිදේහ පරීක්ෂාව සිදු වන්නේ නම් පමණක් එය රුධිරය හරහා සිදුවේ.

මහා පරිමාණ ලෙස PCR  පරීක්ෂණ අහඹු ලෙස (Random)  සිදුවන නිසා සීමාන්තික සාධක බලපායි. මේ නිසා දින 10 ක් ගතවුවත් PCR  වලින් පමණක්ම වෛරසය පරීක්ෂා කරයි.

මේ සඳහා ගත වන කාලය කොපමණ ද?

PCR  පරීක්ෂණය කිරිමට හා එහි ප්‍රතිඵලය දිය හැකි කාලය වෙනස් වෙනවා. දැනට ලංකාවේ සිදුකරන්නේ නිදර්ශකය ගෙනැවිත් (සෙම පටල) ඉන් පළමුව වෛරසය වෙන්කිරීම. එම වෛරසයේ ඇති  RNA වෙන්කොට එය DNA එකක් බවට පත් කිරීම දෙවැනි පියවර. තුන්වැනි පියවරේදී යි, PCR  පරීක්ෂාව සිදු කරන්නේ. මේ පියවර 3 ම PCR  පරීක්ෂාව ලෙස හැඳින්වීමටයි, බොහෝ දෙනා පුරුදුව ඉන්නේ. මෙම පියවර සඳහා පැය 6 කට වැඩි කාලයක් ගත වෙනවා. නවීන තාක්ෂණය අනුව මෙම පියවර 3 ම එකට ගෙන යාන්ත්‍රිකව කිරීමේ ක්‍රමවේදයකුත් පවතිනවා. PCR  යනු ලොව දිනෙන් දින දියුණුවන ක්ෂේත්‍රයක්. පැයක් ඇතුළත මේ පියවර 3 ම කෙරෙන යන්ත්‍රත් තිබෙනවා. ඒවා තවම අපේ රටට ගෙනැවිත් නැහැ.

මෙම වාර්තා නිකුත් කිරිමට ගතවන කාලය තීරණය වන්නේ ඒ සඳහා දී ඇති තාක්ෂණික මෙවලම් අනුවයි.

දැනට අපට ඇති පහසුකම් අනුව පරික්ෂණය සඳහා පැය 6 කුත් පරික්ෂණ වාර්තාව රෝගයාගෙන් වෛද්‍යවරයා අතට පත්වීම දක්වා වූ මුළු ක්‍රියාවලියට ම පැය 10 ක් පමණ ගත වෙනවා.

PCR  පරීක්ෂාව වේදනාකාරි ද?

නියමාකාරයෙන් PCR  පරීක්ෂාව සිදුවන්නේ නම් යම් තිගැස්සීමක් ඇතිවිය යුතුයි. සියුම් ශ්ලේෂ්මල පටල ග්‍රහණයවන නිසයි මෙසේ වන්නේ. එය සියුම් වේදනාවක් ගෙන දෙන්නක්.

නිවැරැදිව පරික්ෂාව සිදුවූ බවටත් මෙය හොඳ සාධකයක්. මේ වෛරසය සිටින්නේ හොඳින් තෙත් වුණු ඉතාම සියුම් පටලවල පමණයි.

මෙය සිදු කරන්නේ කොවිඩ් සඳහා පමණක් ද?

PCR  යනු ලොව වෛද්‍ය සේවාව හා රසායනාගාර සේවාව උඩුයටිකුරු කළ පරීක්ෂණයකි. ශරීරයේ සාමාන්‍ය තත්ත්වය, එය යම් වෙනසක් වීම හා එය රෝගයකදී ක්‍රියා කරන අයුරු විද්‍යාගාරයකදීි විවිධ සාම්පල හරහා පරීක්ෂා කෙරේ.

මෙම ක්‍රමය දියුණු වූ විට ශරීරයේ ඇති ජානවල සංයුතිය හඳුනාගත හැකියි. ජාන සැකැස්ම ඇති වී ඇති වර්ණ දේහ හඳුනාගනියි.

ඉදිරියේදී මෙය තවත් දියුණු වී අලුත උපන් දරුවකුගේ නිදන්ගත රෝග, ප්‍රවේණිගත රෝග ඇතුළු සියල්ල උපතේදීම හඳුනාගත හැකි වේවි. මෙය අණුක ජීවි වෛද්‍ය විද්‍යාවේ දියුණුවයි. PCR  මඟින් වන්නේ කොවිඩ් වෛරසය සඳහා වූ වර්ණ දේහ හඳුනා ගැනීමයි.